ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවට කළේ අර ඊයේ භාවනාවේ අපි බැලුවා නේ triangle එකක් වගේ, ඒ කියන්නේ සමථ නිමිත්ත, අව්‍යාපාද විතක්කය, අවිහිංසූපවිචාරය. ඊට පස්සේ අඤ්ඤින්ද්‍රිය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය, නෙක්ඛම්ම විතක්කය, සමථ නිමිත්ත. ඒක ඊයේ වගේ ම බලාගෙන ගියා. බලාගෙන ගිහිල්ලා, ඒ කියන්නේ ලෝභය නිසා ඇති වුණ ද්වේෂය පහ කිරීම, එතනින් අපි අව්‍යාපාද විතක්කයට එනවා. ඊට පස්සේ අපි එතනින් අර අදෝෂය නිසා වන අමෝහය. ඒකෙන් අපි ආවා අවිහිංසූපවිචාරය කියන එකට.
අනිත් පැත්තෙන් අර අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය. අපි කීවා, මේ ධ්‍යානයන්ට වඩා සමාපත්ති ධ්‍යානයන් හොඳයි කියලා, ඒක වෙන් කිරීම කරන්නේ නැතිව සමාපත්ති ධර්මයන් පහ කරනවා. එතකොට අඤ්ඤින්ද්‍රියට ආවා ම එතන දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය යථාභූතව දැනගන්නවා. එතකොට ඒ තණ්හාව ඉවත් කිරීම කියන එක.
එතකොට අවිහිංසූපවිචාරය තියෙන්නේ තණ්හා නිරෝධය කුසලය වෙනවා කියන එකයි බැලුවේ. කුසලය නේ මෙතන ගන්නේ. කුසලයාගේ ඉපදීම.
මෙතන්ට ආවාට පස්සේ ඕක පුළුවන් අනිත් පැත්තට බලන්න. ඒ කියන්නේ අවිහිංසූපවිචාරයෙන් අපි යටින් ලකුණු කරගෙන ආවොත් අඤ්ඤින්ද්‍රිය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය, උඩට එනවා සමථ නිමිත්ත කියන තැනට. එතැනට ආවොතින් ඒ කියන්නේ රහතන් වහන්සේ පෙන්නුවා ඒ අවිහිංසූපවිචාරය වන්නේ තණ්හා නිරෝධය ම කුසලය බව දැනගන්නේ තණ්හා පපඤ්චයෝ අතහරිනවා. ඒක neglect කරනවා. ඒ කියන්නේ ඒකට අවධානයක් යොමු නොකරනවා.
දැන් උදාහරණයක් කියනවා නම් දැන් තණ්හා නිරෝධය කියන එක හොඳට බැහැගෙන තියෙනවා නම්, අපි හිතමු කවුරු හරි ආප්ප අරගෙන යනවා, සුවඳ ගගහ වගේ ගෙනියනවා කියලා. අර තණ්හා නිරෝධයට බැහැගෙන තියෙන පුද්ගලයා අරක නිකම් neglect කළා වාගේ. මේක ගැන හිතන්න යන්නෙත් නෑ. දැක්කේ නෑ වගේ නිකන් ඉන්නේ. අන්න ඒ වගේ ස්වභාවයක්.
එතකොට ඒ අවධානයක් යොමු වෙන්නේ නැති නිසා ඒ ලෝභය නිසා වන ද්වේෂය බැසගෙන යනවා. ඕක ගත්තොත් නේ අපිට ඔය ප්‍රශ්නය ඇති වෙන්නේ. එතකොට ඒක බැහැර වෙනවා.
එතකොට මේ විදිහට අවිහිංසූපවිචාරයත් සමථ නිමිත්තත් steady වෙනවා. තණ්හා නිරෝධ කෙළවර නිසා අර උඩ කෙළවර, සමථ නිමිත්ත. දැන් මේ දෙක ම steady වෙලා පවතිනවා. ස්ථාවර වන්නේ අව්‍යාපාද විතක්කය නොසෙල්වී පවතිනවා. ඒ දෙපැත්තෙම කෙළවරවල් ගත්තහම මැද නොසෙල්වී පවතිනවා.
ඒකෙන් අඤ්ඤින්ද්‍රිය පිටුවහල් නොවේ. ඒකයි රහතන් වහන්සේගේ වචනය. එහි ම බැස ගනී.
ඒ කියන්නේ අඤ්ඤින්ද්‍රිය තුළ තියෙනවා නේ අපේ දුක්ඛ නිරෝධ සත්‍යය, චතුරාර්ය සත්‍ය කියන එක. ඒක පිටුවහල් වෙන්නේ නෑ. දැන් ද්වේෂය තියෙනවා නම් ඕක පිටුවහල් වෙනවා. ඕක හිතන්න හිතන්න පේනවා ඔය විදිහයි කියලා.
එතකොට ඒක පිටුවහල් වෙන්නේ ඒකේ බැහැගන්නවා. සමාපත්ති ධර්මයන්ට ඇල්ම, නන්දිය පහ කරනවා. දැන් බලන්න මෙතනින් එන්නේ පොඩි එකක් ආපහු එනවා. අව්‍යාපාද විතක්කය, අඤ්ඤින්ද්‍රිය, අඤ්ඤින්ද්‍රියෙන් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කියන එකට එනවා. එතකොට ඒකෙන් අර නන්දිය පහ කරලා උතුම් නිර්වාණය සාක්ෂාත් කරනවා.
එතන ඒක වටහා ගැනීම අර චූළසුඤ්ඤත සූත්‍රයේ ආශ්‍රව නසන අවස්ථාවේ තියෙන්නේ, මතක ද ඉහළ ම සම්මා දිට්ඨිය කියලා කීවේ, දුක්ඛ නිරෝධ සත්‍යය එතැනින් ඇවිල්ලා නන්දියේ ලොකු ම component එක යනවා නේ. ගිහිල්ලා නසන හැටි.
ඒක තමයි මං කරපු භාවනාව.