Date: 31/01/2017 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවට ගත්තේ භාවනාමය ප්‍රඥාව. ඒ භාවනාමය ප්‍රඥාව අපි ඉගෙනගෙන තියෙනවා යම් අකුසලය වේ ද, එම අකුසලය අකුසලය වශයෙන් දන්නේ, කුසලය කුසලය වශයෙන් දන්නේ, දක්නේ කුසලයාගෙ යම් දියුණු කිරීමක් වේ ද, වැඩිදියුණු වීමක් වේ ද ඒක භාවනාමය ප්‍රඥාව වෙනවා.

ඉතින් අපි ඉගෙන ගත්තා කුසලයාගෙ දියුණු කිරීම දෙයාකාර වෙනවා කියලා. පාණාතිපාතා වැනි අකුසලයන්ගෙන් වෙන් වීම එකක්. නූපන් කුසලයාගෙ ඉපදීම, උපන් කුසලයාගෙ වැඩිදියුණු වීම ඇත්ද ඒක තව එකක් කියලා. අමෝහය අර්ථ දැක්වීම එක්ක අපි ඒක බලන්නේ නිබ්බානං රතනංති කරිත්වා ආශ්චර්ය භාවෙන අතුලං කියලා.

එතකොට ඊළඟට ඒකෙන් අපි එනවා අවිතක්ක අවිචාර සමාධියට. ඒ කියන්නේ විතක්කයක් විචාරයක් නෑ. කුමන විතක්කයක් ද? විචාරයක් ද? කාම විතක්කයෝ නෑ විචාරයෝ නෑ. ව්‍යාපාද විතක්කයෝ නෑ විචාරයෝ නෑ. විහිංසා විතක්කයෝ නෑ විචාරයෝ නෑ කියන එක.

ඊළඟට අපි එනවා අධිප්‍රඥා ශික්ෂාව කියන එකට. අධිප්‍රඥා ශික්ෂාව කියන්නේ යම් කුසලයාගෙ ඉපදීමක් ඇත්ද, එයයි. කුමන කුසලයෝ ද? අරූප ධ්‍යාන කුසලයෝ.

එතකොට අරූප ධ්‍යාන කුසලයෝ කියන එක අපි දන්නවා අරූප ධ්‍යාන කිසිවක් අල්ලා ගැනීමක් නැතිව ඉතිරි වේ ද එයයි කියලා. ඉතින් මේක අර ඉහළ ම සම්මා දිට්ඨියේ දී සාකච්ඡා කළ ආකාරයෙන්, ඒ කියන්නේ, චූළසුඤ්ඤත සූත්‍රය විදිහට දුක්ඛ නිරෝධ සත්‍යය පමණක් ඉතිරි වන්නා වූ සම්මා දිට්ඨිය ලෙස වටහා ගන්නවා කියලා අපි කීවා.

දැන් ඔතන ඔය කාරණා තුන, දැන් අපිට ඒක සම්බන්ධ වෙනවා පහළින් ඒ කියන්නේ අවිතක්ක අවිචාර සමාධිය කියන මැද row එකෙන් පටන්ගෙන අපිට පුළුවන් මැද්දේ column එක හදාගන්න අවිතක්ක විචාරමාත්‍ර සමාධිය. එතනින් පහළට එනවා අධිශීල ශික්ෂාව කියන එකට.

එතකොට දැන් අපි දන්නවා අවිතක්ක විචාරමාත්‍ර සමාධියේ තියෙන්නේ මොකක් ද? විතක්කයක් නෑ විචාරයක් ඇත. විතක්කයක් නෑ කියන්නේ භවයේ යෑමේ විතක්කයක් නැත. ඒකෙ නිරෝධය සොයන නිසයි. කුමන විචාරයක් ද? නිර්වාණය ම සොයයි. එය ම පතයි කියන එක.

එතකොට මෙතන අපි දන්නවා අර භාවනාමය ප්‍රඥාවෙන් අපිට arrow එකක් එනවා ඔය අවිතක්ක විචාරමාත්‍ර සමාධියට. ඒක එන්නේ දැන් අපි දන්නවා, ඒ භාවනාමය ප්‍රඥාවේ තියෙනවා පාණාතිපාතා වැනි අකුසලයන්ගෙන් වෙන් වෙනවා කියලා. ඒකේ වෙන් වෙනවා කියන්නේ අපි සංස්කාරයන් ඉවතලනවා. එතනින් අපි එනවා අවිතක්ක අවිචාර සමාධියට. ඒකේ තියෙනවා කාම විතක්ක, විචාර නැත. සංස්කාරයන් ඉවතලනවා නම් අපිට විචාරයක් නැත. අපි දන්නවා විතක්ක, විචාර. මලකට බඹරෙක් එනවා, බඹරා මල වටේ කැරකෙනවා. බඹරා මල ගන්නේ නැතිව කැරකෙන්නේ තව හොඳ මල් ඇති කියලා. එතකොට ඒ සංස්කාරයන්. ඒක විචාරයට වැටෙනවා.

එතකොට කාම විචාර නෑ. සංස්කාරයන් ඉවතලනවා නම් ව්‍යාපාද විචාරත් නැති වෙනවා. දැන් අපේ සීයා කල්පනා කරනවා නේ අබයි, සූදුරුයි, කහයි දැම්ම නම් ඒ සංස්කාරයෙන් මේක පුළුවන් කියලා. ඒ සංස්කාර අතහරිනවා නම් ඒ ව්‍යාපාද විචාරයන් කියන ඒවා නැති වෙනවා.

ඊළඟට විහිංසා විතක්කය කියන එක නැති වෙනවා සංස්කාරය අතහරිනවා නම්. විචාරය නෙවේ විතක්කය කියන එක. එතකොට ඔන්න ඔය කාරණා තුනෙන් අපි අර භවයේ යෑමේ විතක්කය නැතෙයි කියන එකට එනවා අපි.

ඒ කියන්නේ අවිතක්ක විචාරමාත්‍ර සමාධියේ භවයේ යෑමේ විතක්කය නැතෙයි කියන එක.

දැන් ඔය විහිංසා විචාරය නැතෙයි කියන එක ටිකක් ගැඹුරුයි. ඒක ගැඹුරුයි කියලා කියන්නේ ඒක සඳහා පග්ගහ නිමිත්ත ඕනෑ වෙනවා. ඒ පග්ගහ නිමිත්තෙන් අරි අට මඟට ගිහිල්ලා ඒකෙන් කරන්නා වූ දේ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරනවා නම්,

එහෙම නම් අපි දැන් අධිප්‍රඥා ශික්ෂාව දක්වා නේ ඇවිල්ලා තියෙන්නේ. මේක විතරක් මදි. තව කෑල්ලක් පහළට එන්න ඕනෑ. පග්ගහ නිමිත්ත.

ඒ කියන්නේ භාවනාමය ප්‍රඥාව තුළ ඉහළ ම සම්මා දිට්ඨිය ඇති වන්නේ නම් පමණක් එනම් අරි අට මඟ හරහා විහිංසා විචාරය කියන එක, ඒක අපිට නැති කරගන්නට පුළුවන්කම කියන එක ඇති වෙනවා. කුමක් නිසා ද? ඉහළ ම සම්මා දිට්ඨිය මගින් සංස්කාර කිසිවක් නොකරන නිසා ය. නෙවසඤ්ඤානාසඤ්ඤායතන නොසාදයි. හරි ගැඹුරු අර්ථයක් තියෙන්නේ.

ඒ කියන්නේ මිච්ඡා දිට්ඨිය තියෙනවා නම් අපි බලනවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන, ආකාසානඤ්චායතන මොකක් හරි ඒ වගේ එකක් හොයනවා.

බලන්න මෙතන අපි කතා කරන්නේ සංස්කාර නේ. මේ කතා කරන්නේ චිත්ත සංස්කාර නිසා ඇති වන සංස්කාර. මිච්ඡා දිට්ඨිය කියන චිත්ත සංස්කාරය මගින් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ද, මේක ද. අර බඹරා මල වටේ කැරකෙනවා කීවේ. ඒ හොයනවා කියන එක. අන්න ඒවා නැතිවන්න ඕනෑ. එතකොට ඒක වෙන්නේ පග්ගහ නිමිත්තෙන්.

එතකොට එහෙම නම් අපි කල්පනා කරපු diagram එකෙන් අධිශීල ශික්ෂාව. ඒ අධිශීල ශික්ෂාවේ තියෙනවා, පාණාතිපාත අදත්තාදාන වැනි අකුසල ක්‍රියාවලියන් මගින් ලෝභ, දෝෂ, මෝහ ඇති වෙන බව දන්නේ, දක්නේ එමගින් යම් දහමක් පෙර පහ කරන ලද්දේ ද, එම ධර්මයෝ නැවත උපදින බව දැන එම ධර්මයන්ට ඉඩ නොදීම සඳහා වෑයම් කරනවා. ඔන්න ඕකයි වැදගත් කෑල්ල. ලෝභ, දෝෂ, මෝහ තමයි ඇති වෙන්නේ කියලා දැනගෙන ධර්මයන්ට ඉඩ නොදීම සඳහා වෑයම් කරනවා.

එතකොට එතනින් අපි එනවා වම් පැත්තට අධිචිත්ත ශික්ෂාවට. ඒ අධිචිත්ත ශික්ෂාවේ අපි දන්නවා ඕකට එන්නේ අර නෙවසඤ්ඤානාසඤ්ඤායතන සාදන සංස්කාර, අරූප ධ්‍යාන සඤ්ඤා, රූපයට නිත්‍යයි එකතු කරන ලද සඤ්ඤා ඉවතලනවා කියලා නේ ද? එහෙම කරලා නේ අපිට එන්නේ.

එතකොට එහෙම නම් ඔතන සම්බන්ධතාවය කලින් භාවනාවේත් ඒක පේනවා. මොකද භාවනාමය ප්‍රඥාවෙන් නූපන් කුසලයාගෙ ඉපදීමත් උපන් කුසලයාගෙ වැඩිදියුණු වීමත් තියෙනවා. ඉතින් ඒක නිසා ම අපි අර අවිතක්ක විචාරමාත්‍ර සමාධිය අර නිර්වාණය ම හොයනවා කියන එක ඒකෙන් සිද්ධ වෙනවා.

ඊළඟට ඒක නිසා අපිට ඔය නෙවසඤ්ඤානාසඤ්ඤායතන සාදන සංස්කාර, අරූප ධ්‍යාන සඤ්ඤා ඒවා ඉවතලනවා. ඒ කියන්නේ ඒ කෑලි දෙක යනවා. හැබැයි තවම තියෙනවා රූපයට නිත්‍යයි එකතු කරන සඤ්ඤා.

අන්න ඒ කෑල්ල ඉවර වෙන්න නම් අර අධිප්‍රඥා ශික්ෂාවෙන් අරූප ධ්‍යාන කුසලය, පග්ගහ නිමිත්ත, ඒක හරහා එන්න ඕනෑ මෙතනට. ඒක පොඩි නෑ.

එතකොට මෙසේ රූපයට නිත්‍යයි එකතු කරන සඤ්ඤාවෝ නැති වීම මගින් ම නිර්වාණය සාක්ෂාත් කරනවා. නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියත් රූපය ස්පර්ශ කරන බව අමතක නොකළ යුතුයි. රූපයේ සියුම්භාවය එසේ වටහා ගත යුතුයි.

එතකොට මේ භාවනාව ටිකක් අමාරු වගේ පේනවා. හැබැයි මේක කළහම නෙවසඤ්ඤානාසඤ්ඤායතනට දැනගෙන යනවා. දැනගෙන ඒකෙන් එලියට එනවා. ඒ වගේ ම අර නෙවසඤ්ඤානාසඤ්ඤායතනට ගිහිල්ලා අර අපිට අතීත භවවල ඒවා, ශබ්ද අරවා මේවා ඒ සඤ්ඤා මතක තියෙනවා. පෙළක් වෙලාවට ඕගොල්ලන්ට නිදාගෙන ගිහිල්ලා, ඒකේ නින්ද යනවා වගේ දැනෙනවා. ඒකේ වෙච්ච දේවල් එලියට ඇවිල්ලා කියන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ වගේ සිහියක් තියෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.