Date: 05/02/2017 Name: Nibbana

උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ දී ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවට ගත්තේ, ඔය අලෝභ අදෝස අමෝහ එකේ, අවසාන line එකත් එක්ක. එතකොට එතන කාරණා තුනක් එනවා, උඩ අතට එනවා ඒ කියන්නේ සමාධි ස්කන්ධය ඒකෙන් එනවා භවෙසන ප්‍රහාණය, ඒකෙන් උඩ අතට යනවා බ්‍රහ්මචරියෙසනාව කියන එක. ඊට පස්සේ පල්ලෙහාට එනවා ප්‍රඥා ස්කන්ධය, එතකොට ඊළඟට ආපහු arrow එකක් එනවා සීලස්කන්ධයේ ඉඳන් ප්‍රඥා ස්කන්ධයට.

දැන් මේ කාරණාව බලනවා නම්, අපි මුලින් ම සමාධි ස්කන්ධය කියන එක කළොත්, අපි දන්නවා අර නෙක්ඛම්ම පවිචාරය. එතකොට ඒකේ අපි පෙන්නනවා, මේ නෙක්ඛම්ම පවිචාරය සියලු අංගයන් සහිතව පවත්වන්නේ නම්, ඒක මගින් කාමෙසනාව දුරු කරනවා කියලා.

ඕකේ අපි පැහැදිලි කළා කුමන කාමෙසනාවක් ද, යම් ධ්‍යාන තලයක ඉපිද ගත කිරීමට ඇති ආශාවයි, එතකොට ඒ විදිහට සමාධි ස්කන්ධය සම්පූර්ණ කරනවා. ආශාව අයින් කළහම සමාධි ස්කන්ධය.

එතනින් අපි එනවා, ඒ භවෙසන ප්‍රහාණයට. භවෙසන ප්‍රහාණයේ අපි පෙන්වූවා, මේ අන්තරා පරිනිබ්බාන නොවූයේ සිට, පිරිනිවන් පෑම දක්වා සඳහන් වන ඕනෑ ම භවයක් කියලා.

එය සම්බන්ධ වෙනවා බ්‍රහ්මචරියෙසනාවේ, දෙවැනි කාරණාවට, බ්‍රහ්මචරියෙසනාවේ දෙවැනි කාරණය තමයි, යම් කුසලයක් වඩන ලද්දේ ද එම කුසලයෝ මුළා නොවී පවත්වනවා.

එතකොට ඊට පස්සේ, දැන් ආපහු අපිට එනවා බ්‍රහ්මචරියෙසනාවේ තුන් වැනි කාරණය තියෙන්නේ, ඒ කියන්නේ යම් ආශ්‍රවයක් නසන ලද්දේ ද, එම ආශ්‍රවයෝ නැවතත් පිහිට කොට නොපවත්වයි කියන එක. ආන්න ඒක සම්බන්ධ වෙනවා, අර ප්‍රඥා ස්කන්ධයේ තියෙන දෙවැනි කාරණයට, ආශ්‍රව නැසීමේ ඥානය.

එතකොට දැන් අපි ටිකකට ඉස්සෙල්ලා කීවේ, යම් කුසලයක් වඩන ලද්දේ, එම කුසලයෝ මුළා නොවී පවත්වනවා කියලා, ඒක සම්බන්ධ වෙනවා ප්‍රඥා ස්කන්ධයේ පළමු කාරණයට, ඒ කියන්නේ නසන ලද ආශ්‍රවයන් නිසා වන ප්‍රඥාව.

එහෙම නම් අපිට පේනවා බ්‍රහ්මචරියෙසනාවේ දෙක, යන්නේ ප්‍රඥා ස්කන්ධයේ එකට. බ්‍රහ්මචරියෙසනාවේ තුන යනවා ප්‍රඥා ස්කන්ධයේ දෙකට, ආශ්‍රව නැසීමේ ඥානය කියන එකට.

ඊළඟට ආපහු අපිට පේනවා බ්‍රහ්මචරියෙසනාවේ පළමු වෙනි කාරණය, යම් අකුසලයක් පහ කරන ලද්දේ නැවතත් එම අකුසලයෝ නොගනී කියන එක. ඒක යනවා ප්‍රඥා ස්කන්ධයේ තුන් වෙනි කාරණයට, ඒ කියන්නේ උත්පත්තිය කෙළවර වූ බව දත් ඥානය.

ඊළඟට ප්‍රඥා ස්කන්ධයේ හතර වෙනි කාරණයකුත් තියෙනවා නේ. බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය කියන එක, ඒක එන්නේ අර සීලස්කන්ධයේ තියෙනවා නේ අස්මිතිය පහ කරනවා කියලා, සම්මා ආජීවයෙන් ඇවිල්ලා ඒ අස්මිතිය, අපි දන්නවා භව සේවනය දුරු කළහම, සීලස්කන්ධය පරිපූර්ණ කරනවා. යම් භවයක පැවැත්මක් නොමැති ද, එය ම සීලයට තුඩු දෙනවා.

එතකොට ඒකේ පෙන්නනවා, අපි අස්මිතිය පහ කරනවා. එකෙන් සීලස්කන්ධය පරිපූර්ණ කරනවා, අභිජ්ඣා නොවෙයි කියලා. අන්න එම කාරණය බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානයට එනවා.

එතකොට මේකේ, ඒ ගැඹුරට තියන එක තමයි, අපිට පේනවා මේ සමාධි ස්කන්ධය පරිපූර්ණ කරන ලද්දේ, කාමෙසනාව දුරු කිරීමෙන් අනතුරුවයි. එසේ නම් කිසිදු ධ්‍යාන තලයක්, සුඛ වශයෙන් නොගනී, එහි කාම ආශ්‍රව නැත, ඒ කියන්නේ සුඛයි කියන එකේ පසු සඤ්ඤාව නෑ, මෙය ම කුසලය වන්නේ ය. එම කුසලය මුළා නොවී පවත්වන්නේ, එමගින් අවිද්‍යා ආශ්‍රව නොවෙයි, කාම ආශ්‍රවයෙන් අවිද්‍යා ආශ්‍රවයට යන්නේ නෑ.

එහෙම නම් අපිට දෙවනියට පෙන්නපු කාරණාවක් පෙන්නුවා, අර බ්‍රහ්මචරියෙසනාවේ දෙක, ප්‍රඥා ස්කන්ධයේ එකට, යනවා. ඒ කාරණාව අපිට වැටහෙනවා, ඒ කියන්නේ නසන ලද ආශ්‍රවයන් නිසා වන ප්‍රඥාව, කාම ආශ්‍රව කතාව අයින් වූවා නම්, අපිට එහෙම නම් අවිද්‍යා ආශ්‍රවයට යන කතාව නැති වෙනවා.

ඊළඟට ආපහු බලන්න, අපි මේකේ තුන් වෙනි කාරණයක් පෙන්නුවා නේ, බ්‍රහ්මචරියෙසනාවේ. යම් ආශ්‍රවයක් නසන ලද්දේ නැවතත් එම ආශ්‍රවය පිහිට කොට නොපවත්වයි. මතක ද අපි ඔතනදි පෙන්නුවා, අපි අවිද්‍යා ආශ්‍රවය ඉඳන් කාම ආශ්‍රවයට යන්නේ නෑ කියලා, පිහිට සොයන්නේ නෑ කියලා. එහෙම නම් ඒ කියන්නේ අනෙක් පැත්තට ආවේ නේ ද, ඒ කියන්නේ කාම ආශ්‍රවය ඉඳන් අවිද්‍යා ආශ්‍රවයට යන්නෙත් නෑ, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන්නෙත් නෑ.

එතකොට අපිට පේනවා, එහෙම නම් ඒ කාරණා දෙක වෙනවා නම්, කාම ආශ්‍රව ඉඳන් අවිද්‍යා ආශ්‍රවයට නොයනවා නම්, ඒක තමයි අර දෙක කියලා කිව්වේ, දෙක එකට යනවා කියලා කිව්වේ. අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රව නොවීමත් සිදු වනවා නම්, ආශ්‍රව නැසීමේ ප්‍රඥාව ඇති වෙනවා.

මේ භාවනාව බොහොම ප්‍රබලයි, බොහොම ප්‍රබල වූ භාවනාවක්. ඒක කළා ම ඔළුවේ වෙන්න තියන දේවල් ඔක්කොම වෙනවා කියන එක පේනවා. ඒ විදිහට ගත්තහම. කූඤ්ඤය දැනෙනවා ඔක්කොම. පොඩ්ඩක් හැබැයි ඉතින් අර diagram එක ඇඳගෙන පරිස්සමින් බලන්නට ඕන.

ඒක තමයි මං කරපු භාවනාව.