Date: 06/02/2017 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ දී ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඊයේ භාවනාවේ මතකයි ඔයගොල්ලන්ට අර සමාධි ස්කන්ධයෙන්, භවෙසන ප්‍රහාණය ඒකෙන් බ්‍රහ්මචරියෙසනාව, එතනින් පහළට ඇවිල්ලා ප්‍රඥා ස්කන්ධය. එතකොට භවෙසන ප්‍රහාණයෙන් පල්ලෙහා සීල ස්කන්ධය, එතනින් අපි ප්‍රඥා ස්කන්ධයට එනවා කියලා.

ඉතින් මේවා අතර සම්බන්ධතාවය බැලුවා. දැන් අද බලාගෙන ගියේ ඔය සමාධි ස්කන්ධය, ඒ කියන්නේ අපි කාමෙසනාව දුරු කළා ම, ඒ අපි ධ්‍යාන තලයක ඉපදිලා ගත කිරීමට ඇති ආශාව අපි අයින් කරනවා. එතකොට සමාධි ස්කන්ධය සම්පූර්ණ වෙනවා.

එතනින් භවෙසන ප්‍රහාණයට ආවාට පස්සේ දැකපු ඒ තව දෙයක් තමයි, එතන පෙන්නනවා අන්තරා පරිනිබ්බානයේ ඉඳන් කිසිම භවයකට, ඕනෑ ම භවයක් වන්නට පුළුවන් කියලා, ඒවා දුරු කරනවා කියලා. එතකොට මෙතනින් අපිට පේනවා අර බ්‍රහ්මචරියෙසනාවේ පළමු කාරණයකට යාමකුත් තියෙනවා, මොකද ඒක භවෙසන ප්‍රහාණයට ආවා ම, බ්‍රහ්මචරියෙසනාවේ පළමු කාරණයේ තියෙන්නේ, යම් අකුසලයක් පහ කරන ලද්දේ ද එම අකුසලයෝ නැවත නොගනී.

අර සෙවිතබ්බ අසෙවිතබ්බ සූත්‍රයේ පෙන්නනවා නේ, අර අත්තභාව පටිලාභය එහෙම ඒක අයින් කළේ නැති නම් ඉතින්, rebirth not ended කියන එක පෙන්නුවේ. එතකොට ඒක පහ කළා නම් ඒක ආපහු ගන්නේ නැහැයි කියන එක. ඒක තමයි ඉස්සෙල්ලා වෙන්නේ. ඒකයි ඒක එක වෙන්නේ.

එතකොට අර ධ්‍යාන තලයක ඉපදිලා ගත කරන එක අයින් කරලා සමාධි ස්කන්ධයෙන් එන එක තමයි අර දෙවැනි කාරණාවට එන්නේ, දෙවැනි කාරණාවට එන්නේ පොඩ්ඩක් පහු වෙලා. පළමු කාරණාව එක හැටියට දාල තියෙන්නේ, බ්‍රහ්මචරියෙසනාවෙන් අරක ඉක්මනින් සිදු වන නිසා, fast.

එතකොට ඒක බැලුවා, ඊයේ වගේ ම ඒ භාවනාව නැවතත් කරගෙන ගියා. කරගෙන ගියාට පස්සේ එතන මම අද භාවනාවේ දී කල්පනා කළා මේ බ්‍රහ්මචරියෙසනාව කියන එක. ඕකේ අනෙක් පැත්තට යන පැත්තයි සිහි කළේ.

එතන අපි පෙන්නනව නේ යම් ආශ්‍රවයක් නසන ලද්දේ ද, එම ආශ්‍රවයෝ නැවත පිහිට කොට නොපවත්වයි, කියලා තුන් වෙනි කාරණයේ දී පෙන්නනවා. එතන දී අපි කීවා අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවය දක්වා නොයයි කියලා.

එහෙම යන්නේ නැති නම්, ඒකේ පිහිට නොසොයනවා නම්, ඒ කියන්නේ කිසිදු දහමක් සුඛ යැයි නොගනී. පිහිට සොයන්නේ සුඛ යැයි කියලා අරගෙන නේ, දැන් එහෙම කරන්නේ නෑ. එමගින් සමාධි ස්කන්ධය ඇති වෙනවා.

තව ද කාම ආශ්‍රව සිට අවිද්‍යා ආශ්‍රව දක්වා සමාධි ස්කන්ධය නිසා ගමන් නොකරන්නේ නම්, දෙකෙළවර ස්ථාවර වෙනවා. මොනවද කෙළවර දෙක, සමාධි ස්කන්ධ කෙළවරයි, ප්‍රඥා ස්කන්ධ කෙළවරයි කියන කෙළවර දෙක.

ඒ කියන්නේ අර diagram එකේ උඩ ඉඳන් අපි බලන්නේ මේ දෙපැත්තට යනවායි කියන එක, හැබැයි පේනවා මෙම දෙකෙළවරයි ස්ථාවර වන්නේ කියලා, පල්ලෙහා තියන කෙළවරවල් දෙක.

එතකොට මෙහි දී බ්‍රහ්මචරියෙසනාවේ සිට ප්‍රඥා ස්කන්ධය හරහා ම සමාධි ස්කන්ධය ස්ථාවර වෙයි. සමාධි ස්කන්ධය හරහා ප්‍රඥා ස්කන්ධය ස්ථාවර වන්නේ නම්, සීල ස්කන්ධය නොසෙල්වී පවතිනවා.

එතකොට අපිට එනවා, ඔය කාරණාව තේරුම් ගත්තහම, දැන් කෙනෙකුට ඇඳගන්නට පුළුවන් bell shaped curve එකක්. ඒ Bell shaped curve එකේ වම් පැත්ත කාම ආශ්‍රවය හැටියට ගන්නවා, bell shaped curve එකේ උඩ ම point එක අපි ගන්නවා භව ආශ්‍රවය කියලා, එතකොට ඊට පස්සේ අර බැහැලා ගියා ම තියන පැත්ත අපි අවිද්‍යා ආශ්‍රව කියලා ගන්නවා.

අපි කාම ආශ්‍රවයට යටින් ලියාගන්නවා සමාධි ස්කන්ධය කියලා, භව ආශ්‍රවයට අපි දාගන්නවා සීල ස්කන්ධය, අවිද්‍යා ආශ්‍රවය යටින්, ප්‍රඥා ස්කන්ධය කියලා ලියාගන්නවා.

එතකොට අපිට පේනවා මේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන්නේ නැත, කාම ආශ්‍රවයේ ඉඳන් අවිද්‍යා ආශ්‍රවයට යන්නේ නෑ. ඉතින් ඒ විඤ්ඤාණ ධාරාව නොපවතින බැවින් ඒ දිට්ඨි පපඤ්චයන් වැනසී යනවා. අවිද්‍යාව නිසා ඇති වන්නා වූ තණ්හාවන්ට ඉඩ නොලැබෙයි, මෙසේ තණ්හා නිරෝධ වී නිර්වාණය සාක්ෂාත් කරයි.

එතකොට ඒකේ ලස්සනට පේනවා අපිට දෙයක්, ඒ කියන්නේ මොකක් ද, ඒ කාම ආශ්‍රව පැත්තෙන් එන්නා වූ අපි දන්නව නේ අර A කියන point එක, තණ්හාව නිසා නේ ඔතන තියෙන්නේ, වේදනාව තණ්හාවත් එක්ක සම්බන්ධ වෙනවා. ඊට පස්සේ දැන් අවිද්‍යා ආශ්‍රව පැත්තෙන්, දැන් විඤ්ඤාණය මළා නේ, දැන් අපි තවත් එකක් හදන්න යන්නේ, අවිද්‍යාව නිසයි ඊළඟට තණ්හාව යන්නේ.

එහෙම නම් අපිට පේනවා. අර එක පැත්තකින් තණ්හාව නිසා මේක කැරකුවා, ඊළඟ පැත්ත අවිද්‍යාව නිසා තණ්හා වෙලා ගලන එක, නැවතුවා.

එහෙම නම් අපිට පේනවා කොහොම උණත් තණ්හාව නිසයි මේක ගලන්නේ, අන්න බුදුහාමුදුරුවෝ පෙන්නුවේ තණ්හාව නිසයි දුක ඇති වන්නේ, ඔන්න දැන් තේරෙනවා.

මේ භාවනාව හරි cool, ඒ කියන්නේ මම කරපු භාවනාවලින් හොඳ ම එකයි කියන්නට පුළුවන්, හරි ම pleasant, කිසිම එකකට reaction කරන්නේ නෑ, තමන්ගේ මනස free භාවනාව කරනකොට. ඒ තරම් හොඳ භාවනාවක්,

ඒක තමයි මං කරපු භාවනාව.