ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ දී ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට ඊයේ භාවනාවේ දී අපි පෙන්වා දුන්න, ඊයේ භාවනාව මතකයි නේ. එතකොට ඒ සමාධි ස්කන්ධයේ ඉඳන් භවෙසන ප්‍රහාණය දක්වා පැමිණෙන්නේ සෙවිතබ්බ අසෙවිතබ්බ සූත්‍රයේ දී මෙන් යම් භවයක් පහ කළේ ද එමගින් බ්‍රහ්මචරියෙසනාවේ පළවෙනි කාරණය, ඒ කියන්නේ යම් අකුසලයක් පහ කරන ලද්දේ නැවතත් එම අකුසලයෝ නොගනී යන කාරණයට වේගයෙන් පැමිණෙනවා කියලා අපි සාකච්ඡා කළා.
ඊළඟට සමාධි ස්කන්ධය නිසා වන්නා වූ යම් කුසලයක් වඩන ලද්දේ එම කුසලය මුළා නොවී පවත්වයි, ඒ කියන්නේ බ්‍රහ්මචරියෙසනාවේ දෙවැනි කාරණය, අන්න ඒ කාරණයට, ඉන් අනතුරුව පැමිණීම කියන එක.
එතකොට මේ ධර්මය වටහා ගැනීම කොයි ආකාරයට ද, එතන දී අර සීලස්කන්ධයට පැමිණෙන්නේ කාමෙසන ප්‍රහාණය මගින්. එහි දී යම් ධ්‍යාන තලයක ඉපිද වාසය කිරීමට ඇති ආශාව පහ කරනවා, මේක “දදතො පුඤ්ඤං පවඩ්ඪති” ගාථාවේ අර අසූචි, පඨවිය, මගේ නොවේ යැයි සිතුවාක් මෙන් වටහා ගන්නට ඕන.
එය කුසලයකි, එහෙම නම් අර දෙවැනි කාරණය, ඒ කියන්නේ එම කුසලයෝ මුළා නොවී පවත්වයි. එමගින් ප්‍රඥාව ඇති වෙයි, එය නසන ලද ආශ්‍රවයන් නිසා වන ප්‍රඥාවයි. ප්‍රඥා ස්කන්ධයේ පළමු කාරණාවට අපි එනවා.
ඊළඟට සමාධි ස්කන්ධය සිට භවෙසන ප්‍රහාණය දක්වා පැමිණි පසු විමසීම, භව පච්චයා ජාති විමසීම මෙන් වටහා ගත යුතු ය. ජාතිය දුකයි, එසේ නම් භවය අත්නොහැරීම අකුසලයකි. භවය අතහරින්නේ අකුසලය පහ කරයි. පහ කරන ලද අකුසලය නැවත නොගැනීමක් වේ ද, භවගාමී අකුසලය පහ කරන්නේ උත්පත්තිය කෙළවර වූ බව දත් ඥානය ඇති වෙයි.
එතකොට අපි අර ප්‍රඥා ස්කන්ධයේ තුන් වෙනි කාරණයට එනවා. එතකොට මේ භාවනාව මේක තේරුම් අරගෙන මේ විදිහට අපි සිතන්නට පටන් ගන්නවා නේ ද, ඒ සමාධි ස්කන්ධයේ ඉඳන් පටන් අරගෙන, තමන්ට හොඳට දැනෙනවා, මේ දකුණු පැත්තේ ඉඳන් wave එකක් වාගේ බොහොම smooth ව, මේ සුඛය දකුණේ ඉඳන් වමට ගලා යනවා, අන්න ඒක තමයි බොහොම සැපයි කියලා කියන්නේ. මේක මුළු මූණ ම සුඛයි කියන එක නෙමේ, ඒක නිකම් column එක වාගේ මේ විදිහට එනවා.
මනස පුදුමාකාර විදිහට slowdown වෙනවා. දැන් නිරෝධයටත් යනවා තමුන් දැනගෙන, ඊට පස්සේ ඒකෙන් එලියට එනකොටත් තමන්ගේ දන්නා ස්වභාවය තියෙනවා. ආශ්‍රව අනාශ්‍රව වෙන කොටත් දන්නවා, ඒකෙන් එලියට එනකොටත් ඒ විදිහයි, දිගට ම deeply ගිහිල්ලා ඉන්නවා නෙමෙයි, everything stopped, දැන් යම්කිසි රූපයක් දකිනවද, ඒ රූපයේ බොහොම picture එක clear, ඒ කියන්නේ මම දැක්ක මෙහෙ board එකක් ඔය පාරවල්වල හැරෙන්න දාල තියෙන්නේ, ආන්න ඒ වගේ, එතන ගහක් එහෙම තියෙනවා නම් එම ගහට zoom කරලා වගේ නිකම්, කරනවා නෙමේ. ඒ ගහ ගැන සිතුවා නම් එතෙන්ට තමන්ගේ තියෙනවා, ඒ කොලේ ඉඳන් පේන ස්වභාවය.
එතකොට අන්න ඒ විදිහේ භාවනාවක්, ඒ කියන්නේ everything slow. පුදුමාකාර විදිහට ඒ slowdown වෙලා, අතීත භවයන් හරීයට දැක්කා. ඒ පුද්ගලයත් හඳුනා ගන්නවා ඒක slow වෙලා තිබෙන්නා වූ ස්වභාවය පේනවා.
ඒක තමයි මං කරපු භාවනාව.