Date: 08/02/2017 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවට කළේ, ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අද බැලුවේ ඔය ප්‍රඥා ස්කන්ධයේ කාරණා හතර. එතකොට ඒකේ තියෙනවා පළමු කාරණාව හැටියට, ඔය නසන ලද ආශ්‍රව නිසා වන ප්‍රඥාව, දෙවැනි කාරණය, ආශ්‍රව නැසීමේ ඥානය, ආසවක්ඛය ඥානය, තුන උත්පත්තිය කෙළවර වූ බව දත් ඥානය, හතර බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය.

ඉතින් අපි ඕක diamond එකක් හැටියට shape එකට ලියා ගන්නට පුළුවන්. පළමු කාරණය උඩ ම දැම්මොත්, දකුණු අත පැත්තට දෙවැනි එක ආශ්‍රව නැසීමේ ඥානය, තුන පල්ලෙහාට උත්පත්තිය කෙළවර වූ බව දත් ඥානය, එතකොට වම් පැත්තට, අපිට දාගන්න පුළුවන් බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය කියන එක.

එතකොට අපි දන්නවා, ඔය ධ්‍යාන තලයක ඉපදිලා ගත කිරීමට ඇති ආශාව පහ කරලා තමයි අපිට ඇති වුණේ ඔය නසන ලද ආශ්‍රව නිසා වන ප්‍රඥාව කියන එක, ඒකත් පොඩ්ඩක් පැත්තකින් ලියාගන්නවා, ඒ පළමු කාරණයට.

ඊළඟට දෙවැනි කාරණයට අපි දන්නවා, ඒ ආශ්‍රව නැසීමේ ඥානය කියන එකට, අර යම් ආශ්‍රවයක් නසන ලද්දේ ද එම ආශ්‍රවයෝ නැවතත් පිහිට කොට නොපවත්වයි. එතකොට ඒකේ ආධාර උපකාරය එතනට තිබුණා.

ඊළඟට තුන් වෙනි කාරණයට, පල්ලෙහායින් එනවා භවගාමී අකුසලය පහ කිරීමෙන් මගින් තමයි, උත්පත්තිය කෙළවර වූ බව දත් ඥානය සිද්ධ වෙන්නේ.

ඊළඟට හතර වෙනි කාරණයට බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කර ගත් බව දත් ඥානය, අර අස්මිති මානය පහ කිරීම මගින් ඇති වන්නේ. එතකොට ඔය විදිහට සටහන් කරගත්තා ම තව කාරණා හතරක්. ඔය ප්‍රඥා ස්කන්ධයේ කියන එකේ කොටස් යටින්. එතකොට මෙතන අපි චක්‍රයක් නේ මේ දැක්කේ diamond එකෙන්. එතකොට ඒකේ වට තුනක් කැරකෙන බව වැටහෙනවා.

A කියලා අපි ලියාගත්තොත්, ධ්‍යාන තලයක ඉපිද ගත කිරීමට ඇති ආශාව පහ කර, මෙම චක්‍රයට ඇතුල් වෙනවා.

අපි B කියලා ලියාගත්තොත්, මෙය මගින් කාම ආශ්‍රව ඉඳන් අවිද්‍යා ආශ්‍රව නොවීමත්, භවගාමී අකුසල පහ කිරීමත් එකට මුසු වීම සිදු වනවා, මෙසේ පළමු වටය වටහා ගත යුතු ය. දැන් C කියලා ලියාගත්තොත් දෙවැනි වටයේ දී, භවගාමී අකුසලය පහ කිරීම මගින් වූ උත්පත්තිය කෙළවර වූ බව දත් ඥානය, අර A සහ B වලට මුසු වෙනවා අර කලින් කිව්ව කාරණා දෙකට. එමගින් අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රව වීම වැළකෙයි. ඒකයි වචනය වැළකේ. එතකොට D කියලා හතර වෙනි කාරණයට එනවා. තුන් වෙනි වටයේ දී අස්මිති මානය පහ කිරීම මගින් වූ බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය එකතු වෙනවා. මෙහි දී යම් දහමක් නොනසා තමා කර පවත්වයි ද එය පහ කරයි. මෙය අත්තානුදිට්ඨිය බව දත යුතු ය.

එතකොට මෙතන මේ භාවනාවේ බොහොම serious භාවනාවක්. එතකොට දැන් අපි කීවා ධ්‍යාන තලයක ඉපදිලා ගත කිරීමට ඇති ආශාව පහ කරලා තමයි මේකට ඇතුළු වුණේ. එතකොට එහෙම නම් කාම ආශ්‍රව ඉඳන් අවිද්‍යා ආශ්‍රව වෙන්නේ නැහැයි කියන එක තියෙනවා, එතකොට එතනින් අපිට එනවා අර diamond එකේ පල්ලෙහා කෑල්ල. උඩ නේ අපි පෙන්නුවේ පහළ උත්පත්තිය කෙළවර වූ බව දත් ඥානය කියන එකට ඉස්සෙල්ලා, අර භවගාමී අකුසලය පහ කිරීම. අර supportive කරන කෑල්ල තමයි ඉස්සෙල්ලා බලන්න ඕන.

එතකොට ඒ දෙක උණාට පස්සේ, අර දෙවැනි රවුමේ දී උත්පත්තිය කෙළවර වූ බව දත් ඥානය කියන එක, දැන් තමන් කොහෙවත් ඉන්නේ නැහැයි කියන එක, තීරණය කළා නම්, අර මුලින් පෙන්නුවා නේ භවගාමී අකුසලය පහ කරනවා කියලා, එතකොට මම කිසිම ලෝකයකට නැතෙයි කියන එක අල්ලා ගත්ත නම් එතැනින්, එහෙම නම් අපි අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවවලට යනවා කියන එක වැළකෙනවා, refrain.

ඒක බලන්න ඕන, ඔය මහා චත්තාරීසක සූත්‍රයේ අපිට පෙන්වා දෙනවා, සම්මා වාචා එහෙම කිව්වහම හතර ආකාර වචී දුශ්චරිතයේ, ආරති විරති පටිවිරති වේරමණී, කියලා desisting, ඒකෙන් සම්පූර්ණයෙන් ඈත් වීම කියලා. අන්න ඒ ආකාරයෙන් මෙතන බලන්න ඕන, ඒ වැළකෙනවා කියන එක.

එතකොට ඒ තත්වයට ආවාට පස්සේ, ඒ දෙවැනි රවුම. ඊට පස්සේ, අපි අර තුන් වෙනි රවුමේ දී, අස්මිති මානය කියන එක පහ කිරීම, එතන එනවා අර බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය.

එතන තියෙන්නේ මොකක් ද, මේ සංස්කාර නිසා තමයි අපි සකස් කරන්නේ. “සංඛතං අභිසඞ්ඛරන්ති.” එතකොට මම රූපයක්, වේදනාවක්, සඤ්ඤාවක්, සංස්කාරයක්, විඤ්ඤාණයක් මං සකස් කරනවා. එතකොට දැන් පේනවා මේ සකස් කිරීම කියන එක අර අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව අන්න ඒ අර්ථයෙන් බලන්න ඕන, ඒ විදිහටයි සකස් කිරීම කියන එක, මම සකස් කළොත් තමයි, මම ඉන්නවා කියන එක තියෙන්නේ. මොකක් හ‍රි එකක් සකස් කළේ නැත්නම් ඒක නෑ.

ඕක ගැඹුරු අර්ථයක් එතන. එතකොට අන්න ඒක දැකල තමයි ඒ අස්මිතිය කියන එක, ඒක ගිහිල්ලා, මෙතනින් අත්තානුදිට්ඨිය අත්තා කියන කතාව ඒක නැති වෙනවා කියන එක තියෙන්නේ.

මේක අර බොහොම serious භාවනාවක්. ඒක තමයි මං කරපු භාවනාව.