ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ දී ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට ඊයේ භාවනාවේ දී ඔයගොල්ලන්ට මතකයි අපි කාරණා හතරක් බැලුවා, අර චක්‍රයට ඇතුල් වෙලා, ඒ කියන්නේ ධ්‍යාන තලයක ඉපදිලා ගත කිරීමට ඇති ආශාව පහ කරලා චක්‍රයට ඇතුල් වෙනවා කියලා. ඊට පස්සේ කිව්වා ඒ කාම ආශ්‍රවයේ ඉඳන් අවිද්‍යා ආශ්‍රව නොවීමත්, භවගාමී අකුසලය පහ කිරීමත් එකට මුසු වීම සිදු වෙනවා, ඒ විදිහට පළමු වටය වටහා ගන්නට ඕන කියලා.
ඊළඟට දෙවැනි වටයේ දී අර භවගාමී අකුසලය පහ කිරීම මගින් වූ, උත්පත්තිය කෙළවර වූ බව දත් ඥානය, අර ඉහත කාරණා දෙකට එකතු වෙනවා. එමගින් අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රව වීම වැළකෙනවා කියලා.
තුන් වෙනි වටයේ දී අපි කිව්වා ඒ අස්මිති මානය පහ කිරීම මගින් වූ බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය එකතු වෙනවා. මෙතනදි යම් දහමක් නොනසා තමා කර පවත්වයි ද, එය පහ කරයි. මෙය අත්තානුදිට්ඨිය බව දත යුතු ය කියලා කිව්වා.
ඉතින් අද භාවනාවේ දී, කළේ මේ තුන් වෙනි කාරණය, ඒ කියන්නේ අර දෙවැනි වටයේ දී භවගාමී අකුසලය පහ කිරීම මගින් උත්පත්තිය කෙළවර වූ බව දත් ඥානය, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රව වීම වැළකීම, ඒ මෙනෙහි කිරීමෙන් උපෙක්ඛා නිමිත්ත භාවනා කළ අයුරින් අපි ඒක සිතන්න ඕන.
එතකොට එතන දී අපි දන්නවා, අපි පෙන්නලා දීල තියෙනවා කවුරු හරි මොකක් හරි යම් ධර්මයක් පෙර මනා කොට අත්පත් කරගෙන දුක් වින්දා ද, ඒ රැකියා මිල මුදල් සෙවීම කුකුල් පට්ටි දමාගන සතුන් මැරීම වැනි දේ කළා ද, එම සංස්කාර අත හැරීම නිසා වන සුඛ ස්වභාවය, මනසේ පවතිනවා.
එතකොට යම් වේදනාවක් පෙර වින්දා ද, එම හැම වේදනාවෝ ම දුක වශයෙන් දැකීම කියලා, උපෙක්ඛා නිමිත්ත.
එතකොට මේ විදිහට අපි යම්කිසි මිච්ඡා දිට්ඨියක් නිසා, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවය දක්වා ගියා ද, එයින් වැළකීම නිසා ඇති වන සුඛ ස්වභාවය මගින් පෙර අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රව දක්වා යෑම දුක වශයෙන් සැලකීම වෙනවා, උපෙක්ඛා නිමිත්තේ අර්ථය.
මෙතන දී මහා චත්තාරීසක සූත්‍රයේ, සම්මා වාචා පැහැදිලි කිරීම අපි සිහි කරන්නට ඕන, ඒකේදි පෙන්නනවා “කථමා ච භික්ඛවෙ, සම්මා වාචා, අරියා අනාසවා ලොකොත්තර මග්ගඞ්ගා, යා ඛො භික්ඛවෙ, අරිය චිත්තස්ස, අනාශ්‍රව චිත්තස්ස, අරිය මග්ගං සමඞ්ගිනො, අරිය මග්ගං භාවිතො, චතුපි වචී දුශ්චරිතෙහි, ආරති, විරති, පටිවිරති, වේරමණී අයං භික්ඛවෙ, සම්මා වාචා අරියා අනාසවා ලොකොත්තර මග්ගඞ්ගා,”
ඉතින් එතන පෙන්නනවා “සො මිච්ඡා වාචාය පහානාය වායමති. සම්මා වාචාය උපසම්පදාය සාවස්ස හොති සම්මා වායාම සො සතො මිච්ඡා වාචං පජහති, සතො සම්මා වාචං උපසම්පජ්ජ විහරති, සාස්ස හොති සම්මා සති.” කියලා බුදුහාමුදුරුවෝ ඔතන ඒ පෙන්වා දෙනවා, ඒක අනුපරිධාවනය වෙනවා කියලා.
එතකොට මෙතන දැන් මේ වචන හතර බලන්න, ආරති, විරති, පටිවිරති, වේරමණී. ආරති කියන එක ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා desisting කියලා, ඕකේ පෙන්නන්නේ රහතන් වහන්සේ කීවා, මත නොරැඳීම කියලා. එතකොට ඒ කියන්නේ, උදාහරණයක් වශයෙන් කියනවා නම් මත්පැන් මත නොරැඳීම, සිංහලෙන් කියනවා දුරු වීම කියලා.
විරති කියන්නේ abstaining, ඉවත් වීම කියලා ඒ සිංහලෙන් කියන්න පුළුවන්. වෙන් වීම කියලා, restrain from it කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා.
පටිවිරති කියන එක ඉංග්‍රීසියෙන් කියනවා refraining කියලා, පහසුවෙන් ඉවත් වීම. ඔය refraining කියන ඒකෙ ඉංග්‍රීසි dictionary එකේ කියනවා, අර්ථ දැක්වීම් කීපයක් තියනව නේ. ඒකේ, එකක පෙන්නනවා medicinal point එකෙන් කියනකොට කියන්නේ මේ, to abstain from an impulse to say or do something. කියලා.
එතකොට impulse කියලා කියන්නේ මේ influence of a particular feeling. එහෙම නැති නම් mental status මේ කියන්නේ මොකක් ද, පහසුවෙන් ඉවත් වෙන්නේ අන්න, වේදනාව නිසා කියන්නේ නෑ, මෙන්න මේක ගන්න ය කියලා. ඒක නේ ඉංග්‍රීසියෙන් තියෙන්නේ, හොඳට පේනවා, පහසුවෙන් ඉවත් වීම කියලා රහතන් වහන්සේ කිව්වා.
එතකොට මම යම්කිසි දෙයකින් වෙන් වුණා ද අර වේදනාව නිසා, අරක්කු බොන මනුෂ්‍යයෙක් කියලා හිතන්න කෝ, වේදනාව නිසා අරක්කු බොන්නෙයි කියලා ඒක නෑ, පටිවිරති.
ඊළඟට වේරමණී, abstinence, කියලා ඉංග්‍රීසියෙන් කියනවා, රහතන් වහන්සේ පෙන්නුවා වෙන් වීම නිසා සුඛය භුක්ති විඳිනවා.
දැන් පේනවද අපි අර පෙන්නපු උපෙක්ඛා නිමිත්තේ තිබුණා වූ එක, ඒක ලස්සනට එන හැටි ඒකේ කැරකි කැරකී, ඉතින් ඔය හතර හොඳට බලන්න ඒ භාවනාවේ දී, ඉතින් මේක මෙහෙම කළා නම්, දැන් අපි හතර වෙනි කොටසට ආවා නේ, හතර වෙනි කොටසේ තියෙන්නේ මොකක් ද. අපි පෙන්නනවා, අර අස්මිති මානය පහ කිරීම මගින් වූ බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය කියන එක.
දැන් ඉතින් අපි මේ කාරණා හතර ආරති, විරති, පටිවිරති, වේරමණී කියලා ගත්තහම. අර සුඛය භුක්ති විඳිනවා කියන්නේ අපි අර ඉතින් ධ්‍යාන තලයකවත් ඉන්නවා කියන එක, ඒකෙන් වෙන් වීම නිසා තමන්ට සුඛයි, කියන එකයි මෙතන තියෙන්නේ නේ ද.
එතකොට එහෙම නම් ඒ වටහා ගත් ආකාරයෙන් අපි සීල සම්පන්න වෙනවා. තමන් භවයේ යන්නේ නැති නම් සීලය ඒකට ම තුඩු දෙනවා නේ.
එතකොට යම් සංස්කාරයක් මගින් රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණ පෙර සකස් කළා ද, දැන් එම ධර්මයන් දුක වශයෙන් ම දැන, නොසෑදීම කරනවා. සෑදීම කළා නම් එයින් ම තමා අත්තා වන බව වටහාගෙන අස්මිතිය පහ කරනවා. පේනවා ද, අර Dukka table එකේ, නන්දි නොවන්නේ නම් සුඛ වන්නේ ද, දුක වන්නේ ද, ඒක ලස්සනට එතනට එනවා.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.