ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන අනාගත යන තුන් කාලයේ දී ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවට මම කළේ, 09/02/2016 නිබ්බාන භාවනාව ඒක නැවතත් කරගෙන ගියා. ඒ භාවනාවේ දී මතකයි අපි අර කරුණු හතරක් බැලුවා, අර චක්‍රය තුන් වටක් කැරකෙනවා කියලා. එකේ අර A කියලා කීවා ධ්‍යාන තලයක ඉපිද ගත කිරීමට ඇති ආශාව පහ කරලා චක්‍රයට ඇතුළු වෙනවා. B මේ මගින් කාම ආශ්‍රව අවිද්‍යා ආශ්‍රව නොවීමත් භවගාමී අකුසල පහ කිරීමත් එකට මුසු වීම සිදු වනවා. මේ විදිහට පළමු වටය වටහා ගන්නට ඕන.
C දෙවැනි වටයේ දී, භවගාමී අකුසල පහ කිරීම මගින් උත්පත්තිය කෙළවර වූ බව දත් ඥානය අර ඉහත කාරණා දෙකට එකතු වෙනවා. ඒකෙන් අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රව වීම වැළකෙනවා.
තුන් වෙනි වටයේ දී අස්මිති මානය පහ කිරීම මගින් වූ බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය එකතු වෙනවා කියලා, D කියන කාරණය කියලා කීවා. ඉතින් මෙතන අත්තානුදිට්ඨිය පහ කරනවා කියලත් කීවා.
එතකොට මේ භාවනාව ඔය විදිහට කරගෙන ගිහිල්ලා, දැන් අපි ඔතනින් එනවා උපෙක්ඛා නිමිත්තට. ඒ C කොටසේදි, උපෙක්ඛා නිමිත්තේ එතන දැන් අපි පෙන්නනවා අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රව නොවීම, අන්න ඒ අවස්ථාවේ දී අපි දස කුසලය ම අපි සිහි කරනවා.
ඉතින් ඕක පුළුවන් 21/07/2016 නිබ්බාන භාවනාව මෙන් කරන්න. ඒකේදි අපි ඉගෙන ගත්තා පාණාතිපාතා කරනවා නම් මරණය හොඳයි කියනවා, මාන වෙනවා, එසේ නම් මරණය දුක වශයෙන් නොදනී. නොදකී.
දෙවැනි කාරණාවට කීවා අදත්තාදානය ඇති නම්, මව් කුසට ගොස් ශුක්‍රාණු අල්ලා ගැනීම හොඳයි කියලා කියනවා. එහෙනම් ජාතිය සුඛ යැයි කියලා කියනවා.
තුන් වෙනි එකට කීවා කාමයෙහි වරදවා හැසිරීම කරන්නේ එම කාන්තාව බදා ගැනීම වැනි සංස්කාරයන් එයා සුඛ යැයි කියලා ගන්නවා. එතකොට, ඊළඟට හතර වෙනි කාරණයට පෙන්නුවා මුසාවාදය කරන්නේ මුළු දුක්ඛය ම ඉහත සඳහන් කළ සුඛ යැයි පවසනවා. ඒ කියන්නේ අපි 1, 2, 3 කාරණාවලින් කිව්වා සුඛයි කියලා කියනවා.
ඊළඟට පෙන්නනවා, මෙසේ සුඛ වශයෙන් මුළු දුක්ඛය ම දකිනවා. එය එසේ නොවන්නේ පරුෂා වාචා කරනවා. හය වෙනි කාරණයට කීවා හොඳ දෙයක් ඇතියි සිතලා පිසුණා වාචා කරනවා. හත් වෙනි කාරණයට කීවා නිත්‍යයි සිතලා සම්පප්‍රලාප දොඩවනවා.
එතකොට මේ කාරණා ටික අපි ලියාගත්තා ඊට පස්සේ භාවනාවේ දී, ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්ස සෝක පරිදේව උපායාස ප්‍රියේහි විප්පයොග අප්‍රියේහි සම්පයොග යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය. ඒ දුක්ඛ කාරණා දොළහ යටින් අපි ලියාගත්තා.
එතකොට මේකෙදි, මේ මරණය යටට එන්නේ පාණාතිපාතය නේ, ඒ කියන්නේ පාණාතිපාතා කරන එක්කෙනා මරණය දුක වශයෙන් දකින්නේ නෑ. එහෙම නම් දැන් අපි අර ඉස්සෙල්ලා කිව්ව කාරණා ටික, ඒක ලියාගන්නවා මරණයට යටින් පාණාතිපාතය, ජාතියට යටින් අදත්තාදානය වශයෙන් අපි ලියාගන්නවා. එතකොට කාමයෙහි වරදවා හැසිරීම කියන එක, අර ජරා ව්‍යාධි දෙකට ම යටින් තමයි අපි ලියා ගන්නේ. ඉතින් අපි එතන මනාප අරමුණ නිසා විපරිණාම දුක්ඛතාවය ඇති වෙනවා, අමනාප අරමුණ නිසා ඒ sick වෙලා රෝගී වෙලා, ඒ ද්වේෂ දුක්ඛතාවය ඇති වෙනවා කියලා අපි බලලා තියෙනවා.
එතකොට මෙහෙම ලියාගත්තහම දැන් අපිට පේනවා, සම්පප්‍රලාපය එන්නේ පරිදේවයට යටින්. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයට යටින් අත්තා කියලා එනවා, එතන මිච්ඡා දිට්ඨිය.
ඊළඟට දෝමනස්ස සෝක කියන දෙකට යටින් එනවා, දෝමනස්සට යටින් පරුෂා වාචාය, සෝකයට යටින් පිසුණා වාචය.
දෙවැනි කාරණය දුක්ඛයට යටින් එනවා, මුසාව කියන එක. ඊළඟට ආපහු අපිට පේනවා උපායාසයට යටින් ව්‍යාපාදය, ඊළඟට ප්‍රියේහි විප්පයොගය අප්‍රියේහි සම්පයොගය දෙකට යටින් අභිජ්ඣා කියලා.
දැන් මේක බලනකොට අපි බලන්නට ඕන, නිතර ම දකුණු කෙළවරේ column එකෙන්. ඒ කියන්නේ මරණයට යටින් පාණාතිපාතා නේ, ඒ කාරණය බලලා, අපි එනවා අදත්තාදානය වම් කෙළවරේ ඒ ජාතියට. ඊට පස්සේ තමයි කාමයෙහි වරදවා හැසිරීම, අර ජරා ව්‍යාධි යටතේ ඒක බලන්නේ.
ඊළඟට ආපහු පටන් ගන්නවා දකුණු පැත්තෙ පරිදේවයෙන්, පරිදේවයෙන් සම්පප්‍රලාපය. එතන අර නිත්‍යභාවය කියන එක තියනව නේ, ඒකත් එක්ක බලනවා.
දැන් පේනවා නේ ද මේක, ලෝභ ද්වේෂ මෝහ එකේ අන්න ප්‍රඥා ස්කන්ධය පැත්තෙන් තමයි බලාගෙන මේ පැත්තට එන්නේ. අන්න ඒ අර්ථයයි මේකේ තියෙන්නේ. එතකොට මේ පැත්තේ සම්පප්‍රලාපය බැලුවට පස්සේ අපි එනවා මුසාවට. සුඛයි කියන එක bell shaped curve එකේ දෙපැත්ත වාගේ.
දැන් ඉතින් හරි ලස්සනට පේනවා ඒ bell shaped curve එකේ, එක පැත්තක් දෝමනස්සය, අනෙක් පැත්ත සෝකය, අර බණ්ඩිය වගේ තියන කොටසට හොඳට එනවා, පරුෂා වාචය, පිසුණා වාචය. දැන් තමන්ට පේනවා මේ පිසුණා වාචාය දකුණු පැත්තේ තියන මෝහයත් එක්ක සම්බන්ධයි. සම්පප්‍රලාප කරලා නිත්‍යයි කියලා ගත්තු එක, පරුෂා වාචාය කියන එක අර දුක්ඛයේ සුඛයි කියලා ගන්නා වූ එකත් එක්ක සම්බන්ධයි. අපි සුඛයි කියලා අරගෙන මේක, ඊට පස්සේ ඉතින් අපි බනිනවා. එතකොට පරුෂා වාචයට එනවා.
එතකොට ඒ විදිහට ම බලනවා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං දුක්ඛය. මේක අත්තා කියන එක තියෙනවා. ඒකේ මිච්ඡා දිට්ඨිය. ඊළඟට වම් පැත්තෙන් ගන්නවා උපායාසය, ඊළඟට එනවා ව්‍යාපාදයට, දැන් ඒ පාර මැද්දේ අපි ප්‍රියේහි විප්පයොග අප්‍රියේහි සම්පයොගය, අභිජ්ඣා, කියන එක, ඒක හොඳට බලනවා. එතකොට ඒ බැලුවා ම පුදුමාකාර වූ මනසක් පවතිනවා ඒ විදිහට.
ඒ කියන්නේ මේ දස අකුසලය, දුක්ඛ දොළහට map කරලා නේ කරන්නේ. එතකොට මෙතන ඉහත භාවනාවත් එක්ක දැන් අපි කියනවා අපි යන්නේ නැහැයි කියන එක, ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවය දක්වා යන්නේ සුඛ යැයි කියලා හිතාගෙන. දස අකුසලය මෙනෙහි කරන්නේ, අකුසලය පහ කරන්නේ නම් එමගින් ඇති වන සුඛය නිසා පෙර කළා වූ දෙය, දුක වශයෙන් දකිනවා, එනම් අවිද්‍යා ආශ්‍රවයේ සිට කාම ආශ්‍රව දක්වා යාම දුක වශයෙන් දකිනවා, සංස්කාරය මගින් අත්තා නොසාදනවා, එමගින් නිර්වාණය සාක්ෂාත් කරනවා.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.