පූජාවෙන් පසුව ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ දී ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම 12/02/2017 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එතකොට ඒ භාවනාවේ මතකයි ඔයගොල්ලන්ට, නැවතත් සඳහන් කරනවා නම්, සමාධි ස්කන්ධය, ඒකෙන් අපි භවෙසන ප්රහාණය, එතනින් උඩට ආවා බ්‍රහ්මචරියෙසනාව කියන එක, එතනින් පල්ලෙහාට ආවා ප්‍රඥා ස්කන්ධයට, එතනින් වම් පැත්ත සීලස්කන්ධය.
ඉතින් අපි ඕවා අතර සම්බන්ධතාවයනුත් ඉගෙන ගත්තා. ඒ කියන්නේ අර ධ්‍යාන තලයක ඉපිද ගත කරන්නට තිබෙන ආශාව කියන එක පහ කරලායි සමාධි ස්කන්ධයට එන්නේ. එතනින් අපි භවෙසන ප්රහාණය. ඊට පස්සේ බ්‍රහ්මචරියෙසනාවේ කාරණාවත් එක්ක සම්බන්ධ කරලා පෙන්නුවා.
ඉතින් ඒකේ, අපි ඔය ආශ්‍රවයන් අතර සම්බන්ධතාවය, සමාධි ස්කන්ධය එහෙම සම්පූර්ණ කරනවා නම් අපි දන්නවා කාම ආශ්‍රවයේ ඉඳන් අවිද්‍යා ආශ්‍රවය දක්වා, යන්නේ නැහැයි කියලා.
ඉතින් ප්‍රඥා ස්කන්ධයේ කාරණා හතරක්, අපි දන්නවා ඒ කාරණා හතරින් චක්‍රයක් හැදුණා කියලා. කාරණා හතරේ තියෙන්නේ, නසන ලද ආශ්‍රව නිසා ප්‍රඥාව පළවෙනි කාරණය, දෙවෙනි කාරණය, ආශ්‍රව නැසීමේ ඥානය, ආසවක්ඛය ඥානය, තුන් වෙනි එකට උත්පත්තිය කෙළවර වූ බව දත් ඥානය, හතර වෙනියට බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය කියන එක.
එතකොට ඒක, අපි අර කාරණා හතරක් A, B, C, D කියලා ඉගෙන ගත්තා මතක ඇති. පළවෙනි එකට කිව්වා චක්‍රය අපි වට තුනක් කැරකෙනවා. ඒකේ A හැටියට පළවෙනි එකට කිව්වා ඒ ධ්‍යාන තලයක ඉපිද ගත කිරීමට ඇති ආශාව පහ කරලා චක්‍රයට ඇතුළු වෙනවා. B හැටියට කිව්වා, ඒක මගින් කාම ආශ්‍රවයේ ඉඳන් අවිද්‍යා ආශ්‍රව නොවනවා, භවගාමී අකුසල පහ කරනවා, ඒකත් එක්ක එකට මුසු වෙනවා. එතකොට පළවෙනි වටය ඒ විදිහට බලන්නට කියලා.
දෙවැනි වටයේ දී භවගාමී අකුසලය පහ කිරීම මගින් වූ උත්පත්තිය කෙළවර වූ බව දත් ඥානය, අර කාරණා දෙකට එකතු වෙනවා. ඒක මගින් අවිද්‍යා ආශ්රවේ ඉඳන් කාම ආශ්‍රවය දක්වා යන එක වැළැකෙනවා.
ඊළඟට D හැටියට කිව්වා තුන් වෙනි වටයේ දී, අස්මිති මානය පහ කිරීම මගින් වූ බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය ඒකට එකතු වෙනවා. මේකෙදි යම් දහමක් නොනසා තමා කර පවත්වනවා ද, ඒක පහ කරනවා කියලා. මෙසේ මේ අත්තානුදිට්ඨිය බව දත යුතු ය කියලා.
එතකොට මේ භාවනාව මෙහෙම බලලා, දැන් අපි සමාධි ස්කන්ධය සිහි කරපු ගමන්, සිත නතර වුණා. ඊට පස්සේ මම එතන ඉඳල ප්‍රතිලෝම වශයෙන් අලෝභ column එකේ දිගේ ගියා උඩ අතට. එතකොට ඒ කියන්නේ ඒ කාමෙසන ප්රහාණය. යම් ධ්‍යාන තලයක ඉපිද වාසය කිරීමට ඇති ආසාව පහ කරනවා. මේක මගින් තමයි සමාධි ස්කන්ධය, එතකොට එතනින් නෙක්ඛම්ම වූ පවිචාරය. එතකොට ඒ සමාපත්ති ධර්මයන් පහ කිරීම. අනෙක් පැත්තට උඩට ඔය බලාගෙන එනවා සමථ නිමිත්ත දක්වා, ඔය විදිහට තමන්ට ගමන් කරගෙන එන්න පුළුවන්කම කියන එක තියෙනවා.
එතකොට මේකේ අර නෙක්ඛම්ම විතක්කය එහෙම කියන එක සිහි කරනවා නේ. ඒ නෙක්ඛම්ම විතක්කයේ මතක ද ඔයගොල්ලන්ට, ඊට ඉස්සෙල්ලා අපි කිව්වා මෙත්තාව කියන එක අපි ළඟ තියෙනවා. අධිචිත්ත ශික්ෂාවෙන් ඇවිල්ලා, දැන් මේ නෙක්ඛම්ම විතක්කයෙ දී අපි මොනවද අයින් කරන්න තියෙන්නේ, මෝහය නිසා ඇති වන්නා වූ ඒ ලෝභය වගේ ධර්මයන් නේ ද. එතකොට අපි වෙනස්කමක් කරනවා කියලා, ඒකයි. එතකොට ඔය විදිහට බලාගෙන එනකොට, එම මොහොතේ දී ම අර මෙත්තා චෙතො විමුක්තිය ඇති වෙනවා.
මේ භාවනාවේ දී තියෙන්නේ අර තමන්ගේ මුලින් නළලේ හොඳට දැනිලා ප්‍රඥාව වශයෙන් තිබුණ ද, බලාගෙන එනකොට මේකේ සති ඉන්ද්රිය පැත්ත ප්‍රභාස්වර වෙන්න පටන් ගන්නවා.
එතකොට මේ හරියට ම අර triangle එක එනවා, මේ පැත්තේ සතිය, ප්‍රඥාව, පල්ලෙහායින් සමාධිය. ඡන්ද ඉද්ධිපාදයේ දී අපි ලකුණු කරලා තියෙනවා. ආන්න එතනට එනවා. එතකොට සමථ නිමිත්ත දක්වා එහෙම එනකොට, ආලෝකය විහිදෙනවා. එතකොට ඒ සති ඉන්ද්රිය මනා කොට පැවතෙනවා, ඒ අනාශ්‍රව චිත්තයන් එහෙම, ඒවා ඇති වෙනවා.
එතකොට දැන් ඔය අපි අධිචිත්ත ශික්ෂාව හරියට එනකොට, ඒ සවිතක්ක සවිචාර සමාධිය, ඒ හරිය එනකොට අපිට ප්‍රීතිය ඇති වෙනවා. දැන් ඒ ප්‍රීතිය ඇති වුණේ තමන්ගේ මේ ක්‍රියාවලිය, ඒ කියන්නේ එතන දැන් මම බැලුවා හුඟක් ම, දැන් අපි දන්නවා පළමු වෙනියට අපි ගන්නවා දිබ්බ විහාරය, එතකොට ඒ දිබ්බ විහාරයේ පටිච්චසමුප්පාදයේ පුරුකක අවබෝධය, ඒක නිසා ඇති වන ධ්‍යානය. එතකොට ඒක නිසා තමයි අපි දෙවැනි එකට එන්නේ බ්‍රහ්ම විහාරයට, නේ ද. එතකොට බ්‍රහ්ම විහාරයෙන් ඇවිල්ලා අපිට තියෙනවා චිත්ත සමාධිය එහෙම.
එතකොට අර පටිච්චසමුප්පාදයේ පුරුකක අවබෝධය, අන්න චිත්ත සමාධිය, ඊළඟට අපි එනවා අරිය විහාරයට. එතකොට ඒ සම්බන්ධතාවය පේනවා නේ. එතකොට ඔය සම්බන්ධතාවය එහෙම ගත්තහම තමන්ට ඒ ප්‍රීතිය එහෙම ඇති වෙනවා.
ඒ ප්‍රීතිය ඇති වුණා ම හොඳට තේරුම් ගන්න ඕන මාන්නයක් තියෙනවා නේ ද කියන එක. ඒ කියන්නේ මේක හරි ගියා කියලා මාන්නයක් තියෙන්න පුළුවන්, ප්‍රීතිය ඇති වුණා කියන එකේ මාන්නයක් තියෙන්න පුළුවන්. දැන් බලන්නට මේක මේ අනෙක් පැත්තට එන්නේ. අනාශ්‍රව ඉඳන් මෙත්තා චෙතො විමුක්තිය, ඊට පස්සේ මේ ධ්‍යාන ප්‍රීතිය.
ඒ කියන්නේ දැන් මේ එකක්වත් අපි අල්ලා ගත්තොතින් අන්න සක්කාය කතාව හැදෙනවා, තේරුණා ද? එතකොට අපි අර අයින් කරන්න හදන එක හරියන්නේ නෑ, බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ වෙන්නේ නෑ. එතකොට ඒකේ අර භාවනා කරලා, 12 වෙනිදා භාවනාව කරලා, ප්‍රතිලෝම වශයෙන් බලාගෙන එන්න ඕනෑ.
ඒක තමයි මං කරපු භාවනාව