ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ දී ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම 12/02/2017 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකේ සමාධි ස්කන්ධය කියන එක මම සිහි කළා. එතකොට ඒකේ පථය දිගේ මම ගියා, සමාධි ස්කන්ධය, අපි එනවා නේ ප්‍රඥා ස්කන්ධය දක්වා, බ්‍රහ්මචරියෙසනාව හරහා.
එතකොට ඒ සමාධි ස්කන්ධය සිහි කරපු වෙලාවේ, ඒ කියන්නේ ධ්‍යාන තලයක ඉපිද වාසය කිරීමට ඇති කැමැත්ත. දැන් මෙතැන දී, මේ මනුෂ්‍යය ලෝකයක ඉපදිලා ඉන්න අපි, එහි වාසය කිරීමට යම් හේතුවක් නිසා හෝ කැමැත්තක් තිබෙනවා නේ ද කියන එකත් සිහි කරලා බැලුවා. ධර්මය දෙන්නට හරි ඉන්නවා කියමුකෝ නේ ද.
එතකොට මෙතන ඉඳන් ධ්‍යාන තලයක හෝ ඉපිද වාසය කිරීමට කැමැත්තක් කිසිම හේතුවක් පූර්ව වූ සංස්කාරයක් නිසා හරි අත්හරිනවා නම්, කිසිදු කාම ආශ්‍රවයක් නොමැති වෙන බව වැටහෙනවා. එතකොට දැන් අපි දන්නවා අලෝභ column එක. ඒ සමාධිය තියෙන එකේ අලෝභ column එක, සමාධි ස්කන්ධය.
ඊළඟට අපි බැලුවා දුක්ඛ දොළහ, එය 12 වෙනිදා භාවනාවේ අවසානයට දස අකුසලයත් එක්ක සම්බන්ධ කරලා බැලුවා. එතකොට ඒකේ columns හතරක් තියෙනවා, ඒ columns හතරෙන් පළමු column එක අලෝභ එකත් එක්ක සම්බන්ධ කරලා බලනවා. එතකොට ඒ පළමු column එකේ තියෙන්නේ අදත්තාදාන, මුසාවාද, ව්‍යාපාද කියන එක.
ඉතින් මේක සිහි කරගෙන ගියා ම අන්තිමට පේනවා, අපේ මේ කැමැත්ත තියෙන්නේ ආශ්වාසයට, ප්‍රශ්වාසයට නේ ද කියලා. හුස්ම ගන්නවා පිට කරනවා. ඉතින් ඕක bell shaped curve එකක් වගේ එනවා. ජාතිය එක කෙළවරක ලිව්වා නම්, ඊට පස්සේ මරණය අනෙක් කෙළවරේ ලිව්වා නම්, අර උඩට peak එක වාගේ ආවා. ජාතියේ ඉඳන් bell එක වගේ මරණයට, වම් පැත්ත අපිට ගන්නට පුළුවන් හුස්ම ගැනීම, හුස්ම අදිනවා, දකුණු පැත්ත හුස්ම පිට කළා, මරණය, කියන එක.
එතකොට දැන් ඕක ටිකක් ඉඳලා ඒ විදිහට තුන් වෙනි column එක සිහි කළා. ප්‍රඥා ස්කන්ධය එහෙම තියෙන එක, බ්‍රහ්මචරියෙසනාවෙන් ප්‍රඥා ස්කන්ධය. ආශ්‍රව නැසීමේ ඥානය දක්වා එතනින් පැමිණියා. එතන දී සිත නතර වෙලා තිබුණා.
දැන් අපිට පේනවා මේ ඉතාමත් කුඩා කාලයකට පවතින හුස්මකට නේ ද මේ කැමති වෙලා තියෙන්නේ. දැන් මේක පවතින්නේ නෑ නේ. දැන් බුදුහාමුදුරුවෝ කීවේ මරණය එහෙම බලනකොට, හුස්ම ගත්තාට පස්සේ පිට කරන්න ඉන්න එපා කියලා කිව්වා. අපි මේ නිත්‍යයක් ගහගෙන මේක දිගට ම අදින්නට පුළුවන් කියලා නේ හිතන්නේ, එතකොට මේ හුස්ම සමඟ ජීවත් වෙලා ඉන්න බැහැ, මරණය සිදු වන්නේ ය.
ඊළඟට ආවා සම්පප්‍රලාප, නිත්‍ය. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය, එතන අත්තා මිච්ඡා දිට්ඨිය, ඒක සිහි කළා. එතන දී ඔළුව ප්‍රභාස්වර වෙනවා. ඊට පස්සේ මැද columns දෙක සිහි කළා. ජාති ජරා ව්‍යාධි මරණ table එකේ, ජරා ව්‍යාධි, කාමයෙහි වරදවා හැසිරීම. දුක්ඛය සුඛයි කියලා හිතාගෙන පරුෂා වාචා වුණා. අපි දන්නවා ageing diagram එකේ අපි දන්නවා ව්‍යාපාදයෙන් පරුෂා වාචාය කියන එක ඇති වෙනවා.
සම්පප්‍රලාපයේ ඒකේ තියෙනවා නිත්‍යභාවය, ඒක මගින් මේකට වඩා හොඳ දෙයක් ඇති ය කියලා සිතලා මෝහය මගින් අපි වෙන් කරනවා, එතකොට පිසුණා වාචාය. දැන් එතකොට මේ දෙකෙළවර මගින්, ඒ කියන්නේ වම column එකයි දකුණු column එකයි කියන එක මගින් පවතීයි කියලා හිතලා වරක සැකසීමක් කියන එක තියෙනවා, එක වෙලාවක, ඒක බිඳීම සමඟ වෙන් කර අලුත් එකක් සෑදීම කියන එක සිද්ධ වෙනවා. සම්පප්‍රලාපයෙන් පිසුණා වාචය, අතනින් එනවා පරුෂා වාචය කියන එක.
එතකොට දැන් මේ විදිහට අලුත් එකක් සෑදීම කියන එක කරනවා, මේක අත්තා කියලා ගන්නවා නම්, දුක්ඛය ම තමයි සෑදෙන්නේ, ඒකට ම තමයි අභිජ්ඣා වන්නේ, මනාප වන්නේ, එහෙම නම් දුක කෙළවර වන්නේ නෑ.
දැන් අන්තිමට පේනව නේ, ප්‍රියේහි විප්පයොගයයි අප්‍රියේහි සම්පයොගයයි ඒක අපි අභිජ්ඣා කියන එක දානවා.
ඉතින් දැන් මම බලනවා ව්‍යාපාදයේ ඉඳලා ප්‍රියේහි විප්පයොගයට එන එක, ඕක බලන්න බලන්න පේනවා මේ දෙක එකට blend වෙලා නේ තියෙන්නේ වෙනසක් හොයා ගන්නට බැරි තරමට. දැන් බලන්න, මගේ සීයාට ආහාර ගන්න ගිහින් එයාට තරහ යනවා, ව්‍යාපාදය. ඒ මොකද අර ජරාව සම්බන්ධ වෙලා නේ තියෙන්නේ. එතකොට ජරාව කියන එක ප්‍රියේහි විප්පයොගය කියන එක ඒ column එකට නේ වැටෙන්නේ, එක පැත්තකින් ඒ අර්ථය පේනවා.
ඊළඟට ඉතින් ඒ ජරාව ම නිසා තමයි අපි ඔය ජාතියයි දුක්ඛයයි ස්පර්ශ වෙමින් අපි පෙන්නනවා ප්‍රියේහි විප්පයොගය කියලා. ඒක ම ටිකක් වැඩි දුරට ගිහිල්ලා නේ. එතකොට දැන් ව්‍යාපාදය එයාට රසය නැතෙයි කියලා දැන් එයාට තියෙනවා ප්‍රියේහි විප්පයොගය, තමන් කැමති දෙයින් දැන් වෙන් වෙලා කියන එක.
මේක නිකම් හිතන්න හිතන්න පේනවා, වෙනස නිකම් හොයාගන්න බැරි තරමට ව්‍යාපාදයයි ප්‍රියේහි විප්පයොගයයි අපිට blend වෙලා තියෙන්නේ එකට. රහතන් වහන්සේ පෙන්නුවා අපිට එක වෙලාවක මේ නන්දියයි අභිජ්ඣාවයි කියන එක වෙනස හොයාගන්න බැරි තරමට blend වෙලා කියලා. එතකොට ඒ අර්ථය ම නේ ඔතනත් තියෙන්නේ.
ඊළඟට ආපහු එනවා, ඉතින් යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය ඉතින් නිකම්ම නෙමෙයි නේ ඇති වෙලා තියෙන්නේ, ව්‍යාධියයි සෝකයයි ස්පර්ශ වෙලා නේ ඇවිත් තියෙන්නේ. එතකොට එතන අපි අත්තා කියලා අරන් තියෙනවා, ඉතින් අත්තා කියලා ගන්න එක ම රෝගයක් කියන එකයි කිව්වෙ. දැන් එතනත් පේනවා හරියට blend වීම.
අර ව්‍යාපාදයයි ප්‍රියේහි විප්පයොගයයි කියන එක මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඒ පුදුමාකාර විදිහට විමුක්ති සහගත ස්වභාවය, ඒ සුඛ ස්වභාවය එක පැත්තකින් ඇති වෙනවා. මෙතන මේ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය එතැන අත්තායි, අප්‍රියේහි සම්පයොගයයි කියන එක කරන්න කරන්න මනස එන්න එන්න ම විවෘත වෙනවා. ඒ කියන්නේ අර ආකිඤ්චන විමුක්තිය, අන්න ඒ වගේ, ඒ විමුක්ති ස්වභාවය කියන එක, ඒ පැත්ත හුඟාක් ම වැඩි වෙනවා.
එතකොට දැන් මෙතන අපිට පේනවා, ප්‍රියේහි විප්පයොගය අප්‍රියේහි සම්පයොගය කීවා ම සාත, අසාත, ඕක නේ ඔය කියන්නේ. සාතයි අසාතයි. එතකොට එහෙම නම් මේ සාතයි අසාතයි කියන එක මොකක් නිසා ද ඇති වන්නේ.
කලහ විවාද සූත්‍ර නිද්දේසයේ ඒ පිටුව 373 ඒකේ ගාථාවක් තියෙනවා. බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවහම බුදුහාමුදුරුවෝ කියනවා, “ඵසසනිදානං සාතං අසාතං,” ස්පර්ශය නිසා, “ඵස්‌සෙ අසාතන්ති න භවන්ති හෙතෙ, විභවං භවන්චාපි යමෙච මච්චං” කියලා.
ඒ කියන්නේ ස්පර්ශ නිදානයෙන් තමයි, මේ සාතයි අසාතයි ඇති වන්නේ. ඒ සුඛ වේදනාවට කරුණු වෙච්ච ස්පර්ශය නිසා සුඛ වේදනාව ඇති වෙනවා, ඔය විදිහට එක පැහැදිලි කරනවා.
“ඵස්‌සෙ අසාතන්ති න භවන්ති හෙතෙ,” කියන්නේ ස්පර්ශය අවිද්‍යාමාන කල්හි, ඒක නැති කල්හි, නොලැබෙන කල්හි, සාත අසාතයෝ නොවෙති.
ඊළඟට පෙන්නනවා, “විභවං භවන්චාපි යමෙතමත්‌ථං,” භව දිට්ඨිය ද ස්පර්ශය නිදාන කොට ඇත්තාහ. විභව දිට්ඨිය ද, ස්පර්ශය නිදාන කොට ඇත්තාහ.
දැන් අර අත්තා කියලා ගත්ත කතාව නේ, මේකට නේ අපි අභිජ්ඣා වෙලා තියෙන්නේ නේ ද, එතකොට ස්පර්ශය අනුව තමයි මේක සිද්ධ වෙන්නේ, දැන් ඉතින් ඔයගොල්ලන්ට ඊළඟ ප්‍රශ්නය එනවා. ස්පර්ශය ඇති වුණේ කුමක් නිසා ද? නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො, ඒක නේ ඊළඟ ගාථාවේ බුදුහාමුදුරුවෝ පෙන්නුවේ. ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.
ඒක මනස තමන්ට පුළුවන්කම තියෙනවා, තමන්ට ඒ සුඛය සහගතව, ඒ විමුක්තිය, ඒ ව්‍යාපාද පැත්ත බැලුවහම, එතන තියෙන ස්වභාවය, ඊළඟට ආකිඤ්චන විමුක්තිය, අනෙක් පැත්ත, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං පැත්ත, එතන තියෙනවා පුදුමාකාර විදිහට, තමන්ට ඕන එකක් කරන්න පුළුවන්, හැකියාවක් කියන එක, නිර්වාණය ගන්න පුළුවන් කියන එක, හොඳට තේරෙන අවස්ථාවක් එතැන.