ඒ පූජාවෙන් පස්සේ ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම භාවනාවට ගත්තේ අමෝහ පාර. එතකොට ඒක බලනවා නම් ඔයගොල්ලෝ, අර අමෝහයේ අර්ථ දැක්වීම බලන්න ඕනෑ. “නිබ්බානං රතනංති කරිත්වා ආශ්චර්ය භාවෙන අතුලං,” කියන එක. දැන් අපිට පේනවා මනුස්සයෝ මැණික් ගරනවා. එතකොට මැණික් ගලක් හම්බවුණා ම හොඳට සතුටු වෙනවා. ඒ පාර එයාට පේනවා තව මනුස්සයෙක් මැණික් ගැරුවහම එයාට මෙයාට වැඩිය වඩා හොඳ මැණික් ගලක් හම්බවෙනවා.
එතකොට ඔය gem එක නේ ඔය කියන්නේ. රතනය නේ ද? එතකොට ඔය විදිහට දැන් අපිට පේනවා ඒ මනුස්සයාට පේනවා මිල කරන්න බැරි මැණික් ගලුත් හම්බවෙනවා. ඉතින් මෙයාට පේනවා මේ මැණික් ගල කියන එක ගත්තහම, ඒ රතනය කියන එක සම්පූර්ණයෙන් ම මේකේ නැති වීම, හාරලා ගන්නවා කියන එක නෙමෙයි, ඒ මැණික් ගලක් නැතෙයි කියන එක ම තමයි රතනය කියන එක එයාට පැහැදිලි වෙනවා. ඒක තමයි “නිබ්බානං රතනංති කරිත්වා ආශ්චර්ය භාවෙන අතුලං” කියලා කීවේ. නිර්වාණය ම තමයි රතනය. අරක කරනවා කියන එක නෙමේ.
ඉතින් මේකෙ හුඟාක් ම තමන්ගේ මනස හොඳට පිහිටියොත්, අමෝහයේ අර්ථ දැක්වීම, එතකොට එහෙම නම් අපි මේ සංස්කාරයන් අයින් කිරීම පිණිස වැඩ කටයුතු කරනවා. හාරන්න නෙමෙයි, පාණාතිපාත, අදත්තාදාන කරන්න නෙමෙයි රතනය කියන්නේ ඒවා සංස්කාර නොකිරීම, කියන එකට එනවා.
ඉතින් අපි පෙන්නුවා, එතනින් අපි භාවනාමය ප්‍රඥාවට එනවා. ඒ භාවනාමය ප්‍රඥාවෙන්, ඒ පාණාතිපාත වැනි අකුසල ධර්මයන් පහ කිරීම එකක්, යම් කුසලයාගේ ඉපදීම තව එකක් කියලා. එතනින් අපි එනවා අවිතක්ක අවිචාර සමාධියට.
එතකොට ඒකේ අපි දන්නවා කාම විතක්කයක් නෑ, විචාරයක් නෑ. ව්‍යාපාද විතක්කයක් නෑ, විචාරයක් නෑ. විහිංසා විතක්කයක් නෑ, විචාරයක් නෑ කියලා. ඉතින් අපි ඕකේ පෙන්නලා දුන්නා නේ ඕකේ සම්බන්ධතාවය. ඕක නිකම්ම නෙවේයි සිද්ධ වෙන්නේ, මේ සවිතක්ක සවිචාර සමාධියෙන් අවිතක්ක විචාරමාත්‍ර සමාධියෙන් අවිතක්ක අවිචාර සමාධියට එනවා.
එතකොට මේක බලනකොට, ඒ සවිතක්ක සවිචාර සමාධිය කියන එකත් බොහොම හොඳට බලන්න ඕනෑ. ඒකේ අපි දන්නවා අර දිබ්බ විහාරයෙන් තමයි, අර බ්‍රහ්ම විහාරය. දිබ්බ විහාරය තුළ තියෙනවා මේ භව පච්චයා ජාති. ඒක අවබෝධ වීම කියන එක නේ ද. එතකොට ඒ බ්‍රහ්ම විහාරයෙන් අරිය විහාරය. ඊට පස්සේ අරිය විහාරයෙන් ඉතින් සඤ්ඤාවන් අතහරිනවා, ඒ පාර ආනෙඤ්ජ විහාරයට එනවා අපි සංස්කාරයන් අතහැරීම කියන එක.
දැන් අපි ටිකකට ඉස්සෙල්ලා කිව්වේ, මැණික් ගල් හොයනවා කියන එක නෙමේ. රතනය කියලා කියන්නේ නිර්වාණය. එහෙම නම් සංස්කාර අතහැරීම කියන එක පෝෂණය වෙනවා නේ ද? ඉතින් එතනින් භවයේ යන විතක්කය එහෙම නැති කරලා, ඒ නිර්වාණය ම සොයලා තමයි, අවිතක්ක අවිචාර සමාධියට එන්නේ.
එතනින් අපි එනවා අධිප්‍රඥා ශික්ෂාව. එතන පෙන්නුවා, මේ අරූප ධ්‍යාන කුසලය කියලා. ඉතින් ඔතනින් පග්ගහ නිමිත්තට කියන එකට එනවා. පග්ගහ නිමිත්තට ආපුවහම කෙනෙක් කල්පනා කරලා බලන්න ඕනේ අර සමාධි ස්කන්ධය. මතක ද අපි සමාධි ස්කන්ධය දී පෙන්නුවා ධ්‍යාන තලයක ඉපිද වාසය කිරීමට ඇති ආසාව පහ කර තමයි අපි සමාධි ස්කන්ධය ඇති කරගන්නේ. ඉතින් එතන ආසාවක් නැත්නම්, ඒ කියන්නේ අභිජ්ඣාවක් කියන එක නැත්නම්, ඒක සමථ නිමිත්තට ඇතුළත් වෙනවා. එමගින් අපිට උපෙක්ඛා නිමිත්ත තුළ ඇති අනභිජ්ඣාව කියන එක පෝෂණය වෙනවා. ඒක හොඳට එන්න ඕනෑ.
එතකොට දැන් අන්න ඒ අර්ථය ඇතිව, දැන් එන්න පග්ගහ නිමිත්තට කියන එකට. දැන් මේ නිමිත්ත සම්බන්ධයි නේ. සමාධි ස්කන්ධයෙන් අපි ආවා, සමථ නිමිත්ත කියන එකට. එතනින් අපි එනවා සමථ නිමිත්තෙන් පග්ගහ නිමිත්ත දක්වා අපි ගමන් කරනවා.
එතකොට පග්ගහ නිමිත්තේ තියෙනවා අරි අට මඟ. ඒක හරහා අපිට සම්මා දිට්ඨිය. ඒක නිසා අභිජ්ඣා නොවේ. දැන් බලන්න අභිජ්ඣා වුණා නම්, දැන් උපෙක්ඛා නිමිත්තට එනව නේ, සමථ නිමිත්තෙන් උපෙක්ඛා නිමිත්ත. උපෙක්ඛා නිමිත්තෙදි කියන්නේ මොකක් ද? පාණාතිපාතයක් කලින් කළා ද, ඒක දැන් අත හැරියා ද, අත හැරීම නිසා, ඇති වන්නා වූ සුඛය නිසා පෙර කළා වූ, දේ දුක වශයෙන් දකිනවා.
එතකොට මේ විදිහට අදත්තාදානය, ඔක්කොම සිහි කරගෙන එන්න. ඊළඟට කල්පනා කරන්න අභිජ්ඣා. පෙර යම්කිසි දෙයකට අභිජ්ඣාවක් තිබුණා ද, දැන් ඒ අභිජ්ඣාව අත ඇරියයින් පස්සේ ඇති වෙන සුඛය නිසා, දැන් තමන්ට අර පෙර කළා වූ දේ දුක වශයෙන් දකිනවා. දකින්නේ මොකක් ද? දුකයි කියන එක. අන්න එහෙම නම් සම්මා දිට්ඨිය. අනභිජ්ඣාව නිසා සම්මා දිට්ඨියට එනවා. දුක වටහා ගන්න පුළුවන් වෙනවා.
එතකොට දැන් එහෙම නම් දැන් මේ දෙන්නා, ඒ ධර්මයන් මගින් ම එක එකා මගින් පෝෂණය වෙනවා. ඒ කියන්නේ උපෙක්ඛා නිමිත්තෙන් පග්ගහ නිමිත්ත පෝෂණය වෙනවා. පග්ගහ නිමිත්තෙන් උපෙක්ඛා නිමිත්ත කියන එක පෝෂණය වෙනවා. ඇයි අපි උපෙක්ඛා නිමිත්තෙදි අරක අභිජ්ඣාව අයින් කළාට පස්සේ දුකයි කියලා වැටහිලා තමයි අපිට සම්මා දිට්ඨිය. අන්න පග්ගහ නිමිත්ත පෝෂණය වුණා. මිච්ඡා දිට්ඨියෙන් තමයි අභිජ්ඣා වෙන්නේ. සම්මා දිට්ඨියෙන් අනභිජ්ඣා.
දැන් ඔය දෙන්නා ඔය විදිහට පෝෂණය වීම කාරණාවෙන් කාරණාවට ඒක සිද්ධ වෙනවා. එතකොට ඒ තත්වයට පත් වුණා ම, අපිට පේනවා මේ කාම ආශ්‍රව නිසා අවිද්‍යා ආශ්‍රව කියන එක වෙන්නේ නෑ. ඇයි අර සමාධි ස්කන්ධයත් එක්ක අපි පෙන්නුවා නේ. ධ්‍යාන තලයක ඉන්න එක සුඛයි කියල නේ කියන්නේ. දැන් කියන්නේ දුකයි කියන එක නේ. එතකොට එහෙම නම් කාම ආශ්‍රව නිසා අවිද්‍යා ආශ්‍රව වෙන්නේ නෑ.
මේ නිසා උපෙක්ඛා නිමිත්ත මගින් අඤ්ඤාතාවින්ද්‍රියේ පළවෙනි කාරණය සපුරලනවා, මොකක් ද යම් ආශ්‍රවයක් නොඉපදී ඇත්ද, එම ආශ්‍රවයන් නොඉපදීම පිණිස වෑයම් කළ යුතුයි. අපි දන්නවා ඒක උපෙක්ඛා නිමිත්තෙන් වෙන්නේ. දැන් අපි පෙන්නනවා, මේ උපෙක්ඛා නිමිත්ත නිකම්ම නෙමේ, පග්ගහ නිමිත්තේ උදව්වෙන් උපකාරයෙන්, දෙදෙනා එකිනෙකාට support කරලා තමයි, ඒක සිද්ධ වෙන්නේ කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.