Date: 26/02/2017 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. එතකොට ඒ ඊයේ භාවනාවටත් ඒ සම්බන්ධ වුණේ අර උපෙක්ඛා අප්‍රමාණයේ දී උපෙක්ඛාවට යන භාවනාවක් අපි පෙන්නුවා නේ. අලෝභ, අදෝෂ, අමෝහ වැඩසටහනේ advanced 2 එකේදි.

එතකොට ඒකේ එක triangle එකකට මගේ මනස හුඟක් වැටුණා අද භාවනාවෙදි. ඒක තමයි ඔය, අධිශීල ශික්ෂා, අධිප්‍රඥා ශික්ෂා, පග්ගහ නිමිත්ත කියන එකට. ඔය, අධිශීල ශික්ෂාවෙන් අපි අධිප්‍රඥා ශික්ෂාවට එනවා. අධිප්‍රඥා ශික්ෂාවෙන් පල්ලෙහා පග්ගහ නිමිත්තට එනවා. පග්ගහ නිමිත්තෙන් ආපහු උඩට අධිශීල ශික්ෂාවට යනවා.

එතකොට ඊළඟට ආපහු වම් පැත්තෙන්, සමථ නිමිත්තෙන් අපි එනවා, අධිශීල ශික්ෂාවට. ඕක වෙන්නේ කොහොම ද? අපි භාවනාව කරන්න ඕනෑ, අර අපි ඊයේ පෙන්නුවා නේ සමාධි ස්කන්ධය සිහි කරන්න ඕනෑ. අලෝභ පාරේ පහළට යන්න ඕනෑ. එතකොට එතන පෙන්නනවා ධ්‍යාන තලයක ඉපිද වාසය කිරීමට ඇති ආසාව පහ කරලා සමාධි ස්කන්ධය ඇති කරගන්නවා. එහි අභිජ්ඣා නැති නම් එය සමථ නිමිත්තට ඇතුළත් වෙනවා. එමගින් උපෙක්ඛා නිමිත්ත තුළ ඇති අනභිජ්ඣාව පෝෂණය වෙනවා කියලා අපි ඉගෙන ගත්තා.

ඊළඟට පෙන්නුවා අපි අනභිජ්ඣා වන්නේ දුක්ඛය වැටහෙනවා. එමගින් සම්මා දිට්ඨිය ඇති වෙනවා. එතකොට අපි පග්ගහ නිමිත්ත මෙනෙහි කරනකොට අරි අට මඟ හරහා සම්මා දිට්ඨිය නිසා අභිජ්ඣා නොවේ. එමනිසා ධ්‍යාන සහිත චිත්ත සංස්කාරයන්ට නොඇලේ කියලා සාකච්ඡා කළා.

එතකොට දැන් බලන්න මේක මේ, සමථ නිමිත්තෙන් අපි ආවොතින්, සමථ නිමිත්තයට අනභිජ්ඣාව ඇතුල් වෙනවා නම් එහෙම නම් අපිට චිත්ත විලේඛය කියන එක ඇති වෙනවා. සිතේ හිරිය. මතක ද අපි පෙන්නුවා? මට අභිජ්ඣා වූයේ ය, අනභිජ්ඣා නොවූයේ ය, කියලා අපි සාකච්ඡා කළේ.

එතකොට ඒක අධිශීල ශික්ෂාවේ අපිට අන්න, චිත්ත විලේඛය කියන එක ඇති වෙනවා එක පැත්තකින්. ආපහු අපිට පේනවා භවයේ යන විතක්කයක් නැතෙයි කියන එක තියෙනවා නේ, අවිතක්ක විචාරමාත්‍ර සමාධිය, භවයේ යන විතක්කය නැත්නම් ව්‍යාපාදය නැති වෙනවා. එතන චිත්ත විලේඛය ආපහු ඇති වෙනවා.

ඊළඟට ආපහු අපිට පේනවා පග්ගහ නිමිත්ත සිට අධිශීල ශික්ෂාවට එනවා උඩ අතට, එතකොට අර triangle එක වගේ හරහට එන්නේ. එතන සම්මා දිට්ඨිය පග්ගහ නිමිත්ත තුළ තියෙනවා. ඒක තියෙනවා නම් ආපහු චිත්ත විලේඛය. මිච්ඡා දිට්ඨිය පහ වෙනවා.

ඔතන තියෙනවා හරි ගැඹුරට, සම්මා දිට්ඨියෙන් සම්මා දිට්ඨිය ඇති වෙනවා. මිච්ඡා දිට්ඨියෙන් මිච්ඡා දිට්ඨිය ඇති වෙනවා. එතකොට සම්මා දිට්ඨිය නිසා එතන ඒ චිත්ත සංස්කාරයනුත් කෙනෙකුට හිතන්න පුළුවන්.

එතකොට එහෙම නම් දැන් අධිශීල ශික්ෂාවේ මේ අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි පහ වෙන ඒ චිත්ත විලේඛය ඇති වුණා ම එතනින් අපි අධිශීල ශික්ෂාවෙන් අධිප්‍රඥා ශික්ෂාවට එනවා. එතන සම්මා දිට්ඨියත් අනභිජ්ඣාවත් එකට එකතු වෙනවා. ඒක එකතු වුණාට පස්සේ, අරූප ධ්‍යාන කුසලය. එතකොට ඒ අල්ලාගෙන ඉන්නේ නෑ.

කියන්නේ කිසිම ආකාරයකින් ධ්‍යානයකට නොඇලීම නේ එතන පෙන්වන්නේ. අල්ලාගෙන ඉන්නේ නැතැයි කියන එක තියෙනවා. එතකොට ඒ අධිප්‍රඥා ශික්ෂාවෙන් පග්ගහ නිමිත්ත.

එතකොට මේක circle වෙනවා. අධිශීල ශික්ෂාවෙන් අධිප්‍රඥා ශික්ෂාව. අධිප්‍රඥා ශික්ෂාවෙන් පග්ගහ නිමිත්ත. පග්ගහ නිමිත්තෙන් අධිශීල ශික්ෂාව කියන එකට. ඒක අර සමාධි ස්කන්ධය පැත්තෙන් තමයි අරක ආවේ. ඒක අමතක කරන්න හොඳ නෑ.

එතකොට මෙතන තමන් ඕක balance කරනවා නම්, ඒ කියන්නේ චිත්ත විලේඛය තමන්ට අනභිජ්ඣාව, ව්‍යාපාදය නැතිව ඒ වාගේ ම මිච්ඡා දිට්ඨිය නැතිව සම්මා දිට්ඨිය කියන එක, ඒක තමන්ට සිහිය තියෙනවා නම් පවතිනවා නම් වරින්වර ඒ වෙලාවේ දී අතීත භවයන් හරියට පේනවා.

ඒ මෙතන ඉන්න කට්ටියගේ ආදී වශයෙන්, කලින් භාවනාවට ඇවිල්ලා හිටපු අය ගෙදර ආදී වශයෙන් ඒක හොඳට පේනවා. ඒ පෙනුණහම කෙනෙක් ඒකට අල්ලන්නේ නැත්නම්, ඒ කියන්නේ කෙනෙක් දැක්කොතින් යම්කිසි භවයක්, ඒකත් එක්ක තමන් වැටෙන්න පුළුවන් නේ, දැන් ඒ පුද්ගලයා කවුද ආදි වශයෙන් ඒවා මෙනෙහි කරනකොට, අර වචන තුන එන්න ඕනෑ.

චිත්ත විලේඛයේ තියෙන්නා වූ වචන තුන. අනභිජ්ඣාව, අව්‍යාපාදය, මිච්ඡා දිට්ඨිය නැතෙයි කියන අර මේකෙන් අර සම්බන්ධතාවය ඇතුව තමන් ඒක දකින්න දකින්න තව තවත් පේනවා. ඒ කියන්නේ මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට ගිහිල්ලා ඇවිල්ලා යම්කිසි කෙනෙක් දකිනවා වාගේ නෙවෙයි. මේක නැවත නැවතත්, පුනපුනා, තමන්ට ඒ භවයන් කියන ඒවා බලන්න පුළුවන්. ඔන්න භවය බලන්න හොඳ ම තැන.

මම ඇහුවා රහතන් වහන්සේගෙන් මේක මේ මට විතරක් සාධාරණ එකක් ද, නැත්නම් මේ ලෝක සත්වයා හැමෝට ම කරන්න පුළුවන් දෙයක් ද කියලා? හැමෝට ම කරන්න පුළුවන් කිව්වා, මේ කාරණා තුන අධිශීල ශික්ෂාව, අධිප්‍රඥා ශික්ෂාව, පග්ගහ නිමිත්ත. ඔය triangle එක හොඳට බලලා අර විදිහට චිත්ත විලේඛය හැදෙන හැටි හොඳට බලන්න ඕනෑ.

ඒක තමයි මං කරපු භාවනාව.