ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවට මම කරගෙන ගියේ, ඒ අමෝහ පාර දිගේ බලාගෙන ගියා. අර “නිබ්බානං රතනංති කරිත්වා ආශ්චර්ය භාවෙන අතුලං” කියලා, අමෝහයේ අර්ථ දැක්වීම. එතකොට ඒ අමෝහයේ අර්ථ දැක්වීමෙන් අපි එනවා නේ පහළට ගමන් කරගෙන. ඉතින් ඕකේ අර උපෙක්ඛා නිමිත්ත, දැන් අර උපෙක්ඛා භාවනාවට කරපු diagram එක ගත්තහම තමයි හුඟක් ලස්සනට කරන්න පුළුවන්කම තියෙන්නේ. එතන සමථ නිමිත්ත, උපෙක්ඛා නිමිත්ත, පග්ගහ නිමිත්ත දක්වා එනවා. ඒ සමථ නිමිත්තෙදි, මතක තියාගන්න අපි පෙන්වූවා නේ අර සමාධි ස්කන්ධය, එතකොට අර ධ්‍යාන තලයක ඉපිද වාසය කිරීමට ඇති ආසාව පහ කරනවා කියලා. එතකොට ඒක නිසා අනභිජ්ඣා වෙලා උපෙක්ඛා නිමිත්තට ඒක ඇතුල් වෙලා, ඒක නිසා සම්මා දිට්ඨිය.
ඔතනදි මට තේරිච්ච දෙයක් තමයි. බොහෝ ම ලස්සනට ඒ උපෙක්ඛා නිමිත්තයි, පග්ගහ නිමිත්තයි තමන් හොඳට පරිපූර්ණ වෙනවා නම් භාවනාවෙදි, ඒ අනභිජ්ඣාවෙන් සම්මා දිට්ඨියට එනවා. සම්මා දිට්ඨිය නිසා අනභිජ්ඣා වෙනවා. ඒකේ දී තමන්ට කැමති ධ්‍යානයක්, කැමති දෙයක් කරන්න පුළුවන්.
ඒ කියන්නේ තමන් කරුණාව ගැන හිතුවා නම් කරුණාව. උපෙක්ඛාව ගැන හිතුවා නම් උපෙක්ඛාව. කැමති විදිහට ඒකෙ මාරු වෙන්න පුළුවන් කියන එක හොඳට තේරෙනවා.
එතකොට දැන් අපි ඉගෙන ගත්තා ඊයේ පෙරේදා, මේ භාවනාවෙදි සමාධි ස්කන්ධය එහෙම සිහි කරලා පග්ගහ නිමිත්තට ආවාට පස්සේ, එතනින් අපි පෙන්නුවා නේ උපෙක්ඛා නිමිත්තට පග්ගහ නිමිත්ත එකතු වෙනවා. ඒ දෙදෙනා නිසා ඒ ධර්මයන් එක එකා පෝෂණය කරනවා කියලා. එතනදි අපි පෙන්නුවා මේ කාම ආශ්‍රව නිසා අවිද්‍යා ආශ්‍රව වෙන්නේ නෑ කියලා. ඒ මගින්, ඒ උපෙක්ඛා නිමිත්ත මගින් අඤ්ඤාතාවින්ද්‍රියේ පළවෙනි කාරණය සපුරාලනවා කියලා. ඒ කියන්නේ යම් ආශ්‍රවයක් නොඉපදී ඇත්ද එම ආශ්‍රව නොඉපදීම පිණිස වෑයම් කළ යුතුයි. පෙරේදා භාවනාවෙදි පෙන්නුවා නේ ඕක.
එතකොට එහෙම නම් මෙතන මේ කාම ආශ්‍රවය නේ කීවේ, නේ ද? එතකොට අඤ්ඤාතාවින්ද්‍රියේ කාරණා හතර, ආශ්‍රව හතර වෙනවා, අයින් කරනවා කියන එක. දැන් මෙතන කාම ආශ්‍රවය අයින් වුණා. සුඛයි කියලා කතාවක් නෑ. එතකොට ඒකේ පසු සඤ්ඤාව කාම ආශ්‍රවය. ඇයි උපෙක්ඛා නිමිත්තෙන් ඒක එනවා නේ.
දැන් ඊට පස්සේ ආපහු එනවා දෙවෙනි කාරණය, යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ පහ කළ යුතුයි. අව්‍යාපාද විතක්කය කියන එක. ඒකේ පෙන්නනවා, මේ ද්වේෂය බැස යන්නේ නම් භව ආශ්‍රවය කියන එක නොවෙනවා. ස්පර්ශ ආහාර පාර දිගේ පහළට නොයෑම මගින් ද්වේෂය බැස යනවා. එතකොට ස්පර්ශ ආහාර පාරේ භව ආශ්‍රවය තියෙනවා. ඒක ඉවත් වෙනවා. කුමක් නිසා ද ඒක ඉවත් වෙන්නේ?
උපෙක්ඛා නිමිත්තේ මනා කොට බැස ගන්නවා නම්, දුක වශයෙන් වේදනාව දැනගන්නවා. එතකොට රූප වේදනා අත්තා කරගන්නේ නෑ. අත්තා කියන එකේ පසු සඤ්ඤාව නේ, අපි මේ භව ආශ්‍රවය කියන්නේ. එහෙම නම් අන්න අපිට ඒ අත්තා කියන එක නොගැනීම නිසා අපිට පේනවා භව ආශ්‍රවය ගියා කියන එක. එහෙම නම් දෙවෙනි කාරණය හරි.
තුන් වෙනි කාරණයට පෙන්නනවා, යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් කළ යුතු ද, එම කුසලයෝ වඩා තිබිය යුතුයි, අධිචිත්ත ශික්ෂාව.
ඉතින් දැන් අරූප ධ්‍යානයන් නිසා පවතිනවා යන දිට්ඨියක් අපිට ඇති වෙනව නේ. එතකොට අපි අරිය විහාරය භාවිතා කරනවා නේ, සවිතක්ක සවිචාර සමාධිය. අරිය විහාරයේ පෙන්නනවා නේ සමුදය, අස්තංගමය. එහෙම නම් එතනින් කියනවා, අනිත්‍යයි. එතකොට එහෙම නම් ඒ ධ්‍යානයන් මගේ කියලා ගන්නේ නෑ. එතකොට දිට්ඨි ආශ්‍රවය ඉවත් වෙනවා.
ඊළඟට හතර වෙනි කාරණයට යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් පැවැත්විය යුතු ද, එම කුසලයෝ මුළා නොවී පැවැත්විය යුතුයි. පග්ගහ නිමිත්ත. ඒ පග්ගහ නිමිත්ත තුළ තියෙනවා ඉහළ ම සම්මා දිට්ඨිය. චූල සුඤ්ඤතයේ එහෙම අපි බැලුවේ අවසාන කාරණයට නේ ද?
එතකොට එමනිසා අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වෙන්නේ නෑ. එහෙම නම් එතනින් අවිද්‍යා ආශ්‍රව කියන එක තමයි එතනින් යන්නේ. එකක්වත් අල්ලාගෙන ඉන්නේ නෑ නේ. ධ්‍යානයක්වත් කිසිම දෙයක් අල්ලාගෙන ඉන්නේ නෑ.
ඉතින් එහෙම නම් අපිට පේනවා අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය කාරණා හතර, අපි අයින් කරන්නේ මොකක් ද? පළවෙනි එක කාම ආශ්‍රවය, දෙවෙනි එකෙන් භව ආශ්‍රවය, තුන් වෙනි එකෙන් දිට්ඨි ආශ්‍රවය, හතර වෙනි එකෙන් අවිද්‍යා ආශ්‍රව. ඒක නොවීම කියන එක වැටහෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්