ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා පූජාවෙන් පස්සේ. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට මම කළේ, කලින් 27/02/2017 කරපු භාවනාව ම තමයි මම නැවතත් කරගෙන ගියේ. ඒ නිබ්බාන භාවනාවෙදි අපි පටන් ගත්තේ අමෝහයේ අර්ථ දැක්වීමෙන්. ඒකේ පෙන්නනවා “නිබ්බානං රතනංති කරිත්වා අශ්චර්ය භාවෙන අතුලං” කියලා. නිර්වාණය කියන එක මිල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් අපි දන්නවා මනුස්සයෙක් මැණික් හාරනවා. මේ මැණික් ගල හොඳයි කියලා ගන්නවා. එතකොට තව මනුස්සයෙක් හාරලා ඊට වඩා හොඳ මැණික් ගලක් ගන්නවා.
එතකොට මේකට වඩා අනෙක හොඳයි කියලා වෙන් කරන්න පුළුවන්කම තියෙනවා නේ. එතකොට දැන් ඔය විදිහට බැලුවහම, මේ මනුස්සයාට පේනවා, මේ මැණික්වලින් බලාගෙන ගිහිල්ලා, මේ ඉහළ ම මැණික, ඉහළ ම gem එක කියන එක ගත්තහම නිර්වාණය. ඒක මිල කළ නොහැකි එකක්. ඒක තමයි “නිබ්බානං රතනංති කරිත්වා අශ්චර්ය භාවෙන අතුලං.”
දැන් එහෙම නම් එයා තේරුම් ගන්නවා, මේ මැණික් හාරන සංස්කාර, මැණික්, මේවා ඔක්කොම නැති වීම ම තමයි හොඳ කියන එක, නිර්වාණය. ඒ කියන්නේ අරවාට, මැණික්වලට තිබෙන්නා වූ ඒ ඇල්ම කියන එක එයාගේ අයින් වෙලා යනවා.
එතකොට එහෙම නම් ඒක අතහැරියා නම් අන්න කුසලය. එතකොට අන්න කුසලය, ඒ විදිහට දැනගෙන නිවන සඳහා කුසලයේ ඉපදීමක් කරනවා ද, “ජානෙන පස්සනා” දැනගැනීමක් වෙනවා ද, ඒක තමයි නිර්වාණය කියන්නේ. ඉතින් ඕක හොඳට හිතලා බලන්න ඒ point එක. ඒක හිතන්න හිතන්න එතන ම සිත සමාධිගත වෙනවා.
ඉතින් ඒ පාර අපි පාර දිගේ එනවා, ඒ අමෝහ පාර දිගේ. ඉතින් ඒ භාවනාමය ප්‍රඥාව, අවිතක්ක අවිචාර සමාධිය, හරහට අපි බලාගෙන එන්න ඕනෙ අර advanced 2 program එකේ කරන විදිහට. එතනින්, අධිප්‍රඥා ශික්ෂාව, අරූප ධ්‍යාන කුසලය, පග්ගහ නිමිත්ත. ඔය විදිහට ඇවිල්ලා, එතනින් අපි පග්ගහ නිමිත්තට ආවට පස්සේ අන්න තමන්, පග්ගහ නිමිත්තට නිකන් නෙමෙයි එන්නේ, ඒ සමථ නිමිත්තෙන් උපෙක්ඛා නිමිත්ත, පග්ගහ නිමිත්ත. සමථ නිමිත්තට ආවහම තමන් අලෝභ පාරේ යට පැත්තට ම යන්න ඕනෙ. ඒ කියන්නේ සමාධි ස්කන්ධය.
සමාධි ස්කන්ධයේ තියෙනවා, මේ ධ්‍යාන තලයක ඉපදිලා වාසය කිරීමට ඇති ආසාව පහ කරලා ඒ සමාධි ස්කන්ධය ඇති කරගන්නවා. ඒකේ අභිජ්ඣා නැති නම්, ඒක සමථ නිමිත්තට ඇතුළත් වෙනවා.
එතකොට ඒකෙන් තමයි මේ උපෙක්ඛා නිමිත්ත තුළ අනභිජ්ඣාව එහෙම පෝෂණය වෙලා, අපි එන්නේ පග්ගහ නිමිත්ත කියන එකට.
එතකොට මේ විදිහට අනභිජ්ඣා වීමට නම්, අමෝහය කියන එක වෙන්න ඕනෙ. අර “නිවන රතනයක්” කියන එක, ඒක අමතක නොවී තියෙන්න ඕනෙ. එහෙම තියෙනවා නම් තමයි මේ විදිහට අනභිජ්ඣා වෙන්නේ, නැත්නම් අපි අල්ලනවා.
එතකොට නිවන නොවෙන්නේ නම්, නොපැවතුනත්, පවතින්නේ නැති වුණත්, පවතින වස්තූන්ගේ වැඩි කලක් පවතින දේ අපි අල්ලා ගන්නවා. ඒක තමයි මේ නිර්වාණය තියෙනවා කියන එකේ වැදගත්කම, ඒක ආවායින් පස්සේ අනිත් ඒවා අයින් කරන්න පුළුවන්. නැත්නම් අපිට යන්න තැනක් නෑ නේ. තියෙන එක අල්ලා ගන්නවා.
ඉතින් එහෙම අල්ලා ගන්නවා කියන එක නොවෙන්න නම්, මෙතන triangle එකක් පේනවා අපිට මේ සුතමය ප්‍රඥාව, භාවනාමය ප්‍රඥාව, සමාධි ස්කන්ධය කියන triangle එක.
ඒකේ සමාධි ස්කන්ධයයි, භාවනාමය ප්‍රඥාවයි අතර තමයි උපෙක්ඛා නිමිත්ත කියන එක තියෙන්නේ.
එතකොට ඒ අපි පග්ගහ නිමිත්තෙන් අරි අට මඟ හරහා ඉතින් සම්මා දිට්ඨිය ඇති වෙලා, අභිජ්ඣා නොවීලා, ඉතින් ඊට පස්සේ ඒක නිසා අපේ මේ උපෙක්ඛා නිමිත්තයි පග්ගහ නිමිත්තයි දෙක එකට එක්කහු වෙලා ඉතින් කාම ආශ්‍රව ඉඳන් අවිද්‍යා ආශ්‍රව වෙන්නේ නෑ. මෙතන පෙන්නනවා එහෙම නම් අපේ අර අඤ්ඤාතාවින්ද්‍රියේ කාරණා හතරක් තියෙනවා. ඉතින් ඒ කාරණා හතර සම්බන්ධ වෙන හැටි අපි කලින් බලලා තියෙනවා.
ඉතින් ඒ විදිහට කාම ආශ්‍රව, භව ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව නොවීම කියන එක වැටහුණාට පස්සේ ඉතින් කෙනෙක් කල්පනා කරන්න ඕනෙ අපි අර ඉස්සර කරපු භාවනාවක් තියෙනවා සමාධි ස්කන්ධය, බ්‍රහ්මචරියෙසනාව, ප්‍රඥා ස්කන්ධය, බොහොම ගැඹුරට කරපු භාවනාවක්, ඒක කාරණා සහිතව මෙනෙහි කරන්න ඕනෙ.
ඒක තමයි මං කරපු භාවනාව.