ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකේ අමෝහයේ අර්ථ දැක්වීම “නිබ්බානං රතනංති කරිත්වා අච්ඡරියභාවෙන අතුලං. තත්ථ කුසලස්ස ච අභිසම්භවා ජානනා පස්සනා, අයං අමොහො” කියන එක. ඉතින් අපි ඕක ඊයෙත් පැහැදිලි කළා. අර මැණික් ගරන මනුස්සයා මැණික් එක්ක එයා අගය දෙනවා වගේ, තව මැණිකක් ආවහම ඒක අරකට වඩා වෙනස්. එතකොට ඔය විදිහට බැලුවාහම අන්තිමට, මේවාට තියෙන ආසාව අයින් කිරීම ම, අතහැරීම ම තමයි ඒකේ ඉහළ ම මැණික වෙන්නේ. අන්න නිර්වාණය කියන එක.
එතකොට ඔය අමෝහ පාර දිගේ ආවා, භාවනාමය ප්‍රඥාවෙන් අවිතක්ක අවිචාර සමාධිය, අධිප්‍රඥා ශික්ෂාව, පග්ගහ නිමිත්ත. පග්ගහ නිමිත්තට ආවහම අපි වම් පැත්තට එන්න ඕනේ සමථ නිමිත්තට. අපි දන්නවා සමථ නිමිත්ත, උපෙක්ඛා නිමිත්ත, පග්ගහ නිමිත්ත. එතකොට සමථ නිමිත්තෙන් අපි පල්ලෙහාට ම ගමන් කරනවා. සමථ නිමිත්ත පෝෂණය වෙන්නේ සමාධි ස්කන්ධයෙන්, ධ්‍යාන තලයක ඉපදිලා වාසය කිරීමට ඇති ආසාව පහ කරලා සමාධි ස්කන්ධය ඇති කරගන්නවා. ඒකේ අභිජ්ඣා නැති නම් ඒක සමථ නිමිත්තට ඇතුළත් වෙනවා.
එතකොට එමගින් උපෙක්ඛා නිමිත්ත තුළ ඇති අනභිජ්ඣාව පෝෂණය වෙලා අපි ඒ විදිහට පග්ගහ නිමිත්තට එහෙම පේනවා.
එතකොට අනභිජ්ඣා වෙන්න නම් මේ විදිහට අමෝහය වෙන්න ඕනේයි කියලා අපි triangle එකක් පෙන්නුවා, සුතමය ප්‍රඥාව, භාවනාමය ප්‍රඥාව, සමාධි ස්කන්ධය. එතකොට උපෙක්ඛා නිමිත්ත කියන එක සමාධි ස්කන්ධයයි, භාවනාමය ප්‍රඥාවයි අතර තිබෙන්නා වූ දෙයක්. ඔය triangle එක හරි පුදුමයි, හොඳට භාවනා කළ යුතු එකක්.
ඉතින් ඒකෙදි අපි එනවා නම් සමථ නිමිත්ත, උපෙක්ඛා නිමිත්ත, පග්ගහ නිමිත්ත කියලා ඔය මැද්දේ කෑල්ලෙ දී, ඒ පුදුමාකාර වෙනසක් තියෙනවා.
එතකොට ඒ මම ඊයේ කිව්වා මේ භාවනාව දිගට අපි කරගෙන ගිහිල්ලා, අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියේ කාරණා ටික බලලා, ඊට පස්සේ අර ආශ්‍රවයන් අතර සම්බන්ධතාවය. අපි පෙන්නුවා අර ඒ අවසානයට එන්නා වූ ඒ අර ප්‍රඥා ස්කන්ධය, නසන ලද ආශ්‍රවයන් නිසා ප්‍රඥාව, ආශ්‍රව නැසීමේ ඥානය, ආසවක්ඛය ඥානය, උත්පත්තිය කෙළවර වූ බව දත් ඥානය, එතනින් බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය.
එතකොට ඒ කාම ආශ්‍රවයේ ඉඳන් අවිද්‍යා ආශ්‍රවයට යන්නේ නැතුව, ඊට පස්සේ අර දෙවෙනි රවුමේ දී, අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වැළකිලා, එතනින් අපි එනවා අර බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය, අර අස්මිති මානය පහ කිරීම.
ඉතින් මෙන්න මේ තත්වයට ආවහම, මේ භාවනා කොටස මෙහෙම කළහම, යම් සකස් කිරීමක් ලොවේ කළ හැකි ද, එමගින් යම් ප්‍රතිඵලයක් වේ ද, එම සියලු ප්‍රතිඵලයන් අත්හැරීම, සමාධි ස්කන්ධය මගින් සිදු කරන බවත් එමගින් බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කරන බවත් පැහැදිලියි.
ඒ කියන්නේ අකනිට්ඨ බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා, තථාගතයන් වහන්සේලාට උදව් උපකාර කිරීමට ඇති යම් කැමැත්තක් වේ ද, ඒකත් පහ වෙලා ආශ්‍රව ක්ෂය වෙලා බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කරන ලද බව ඒක වැටහෙනවා.
ඉතින් මෙතන ඔය ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ එහෙම, අපි ඔය special එකේ පෙන්නලා තියෙනවා එක එක අපි, රූප, රූප සඤ්ඤා, ඔය විදිහට ධ්‍යාන, ධ්‍යාන සඤ්ඤා, ඔය කම්පා නොවන ධ්‍යාන සඤ්ඤා, ඔහොම ගිහිල්ලා ඔක්කොම නෙවසඤ්ඤානාසඤ්ඤායතන, මේවා ඔක්කොම සක්කායයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නුවා නේ. එතකොට ඒ සක්කාය කියන එක සම්පූර්ණයෙන් ම ගැලවිලා ගිහිල්ලා තමයි, ඒ කියන්නේ අස්මිති මානය පහ කරලා, එතනින් මේක සිද්ධ වෙනවා කියන එක පේනවා.
එතකොට ඒ ගැඹුරු ධර්මයක් ඉතින් ඔය විදිහට එනවා කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.