ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවට මම ගත්තේ, 17/08/2016 නිබ්බාන භාවනාව. ඒකේ තියෙන කාරණා මම මෙනෙහි කළා. ඒ භාවනාවේ දී පෙන්නලා දීලා තියෙන්නේ කරුණාව බොජ්ඣඞ්ග හත සමඟ වඩන්නේ කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද කියන එක. ඉතින් අර සංයුත්ත නිකායේ මෙත්තා සූත්‍රයේ සඳහන් වෙනවා, ඒ කරුණාව බොජ්ඣඞ්ග හත සමඟ වඩනවා නම් එම ගුණ ඇති කරුණා චෙතො විමුක්තිය මගින්, මතු විමුක්තියක් අවබෝධ නොකරන්නේ නම්, ලෞකික ප්‍රඥා ඇති නම්, ආකාසානඤ්චායතනය පරම කොට ඇති බව තථාගතයන් වහන්සේ පවසනවා.
එතකොට මේකේ මේ භාවනාව අපි කලින් කළා. ඉතින් මේකේ කාරණා අපිට පේනවා, මේ කාමේසන ප්‍රහාණය, ඊට පස්සේ උඩින් එනවා කියලා අව්‍යාපාදූපවිචාරය, දකුණු පැත්තෙන් තියෙනවා බ්‍රහ්මචරියෙසනාව, පහළින් එනවා සීලස්කන්ධය. මැද්දේ තියෙනවා භවෙසන ප්‍රහාණය කියන එක. ඒක අර අලෝභ, අදෝෂ, අමෝහ භාවනාවේ තිබෙන්නා වූ කොටස් ටිකක් තමයි ඒ පෙන්නුවේ.
ඉතින් මේ කාරණාවලට මේ බොජ්ඣඞ්ග හත මගින් කෙසේ පරිපූර්ණ කෙරේ ද කියන එක අපි සාකච්ඡා කරලා තියෙනවා.
ඒකේ පළවෙනි කාරණයට පෙන්නුවා මේ සති සහ ප්‍රීති සම්බොජ්ඣඞ්ගය මගින් අව්‍යාපාදූපවිචාරය පරිපූර්ණ කෙරෙනවා. ඒ කොයි විදිහට ද? සති සම්බොජ්ඣඞ්ගය වේදනානුපස්සනාව කරන්නේ, වේදනාව දුකෙහි ඇතුළත් බව ද, එම දුක වේදනාවන්ගේ සමුදය, අස්තංගමය දන්නේ දක්නේ දුක්ඛ සමුදය, අස්තංගමය වටහා ගැනීම නිසා අව්‍යාපාදූපවිචාරයට සිත නැංවීම සිදු වෙන අතර, එහි බැස ගැනීම ප්‍රීති සම්බොජ්ඣඞ්ගය මගින් ස්ථාපිත කරනවා. කෙසේ ද? යම් ප්‍රීතියක් ඇති ද, එමගින් නොමනා වූ කාය දුශ්චරිතයෝ මඟ හරවනවා. එමගින් පාණාතිපාත නොවන්නේ, එම ධර්මයන්ට අකැමැති වන්නේ, දුක වටහා ගැනීම කියන එක සිදු වෙනවා. කෙනෙක් පාණාතිපාතයට කැමති නම් ඒ පුද්ගලයා මරණයට කැමතියි. එහෙම නම් දුකට කැමතියි කියන එක තේරුම් ගන්න ඕනේ.
දෙවෙනි කාරණයට පෙන්නනවා විරිය සම්බොජ්ඣඞ්ගය මගින් දෙවෙනි විරිය භාවිතා කරන්නේ, ලෝභ, දෝෂ, මෝහ පහ කරනවා. එහෙම නම් අඤ්ඤාතාවින්ද්‍රිය (අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය) තුළ ඇත්තා වූ දෙවෙනි කාරණය පෝෂණය කරනවා, යම් ආශ්‍රවයක් ඉපදී ඇති ද එය පහ කිරීමට විරිය කියන එක.
තුන් වෙනි කාරණයට පෙන්නනවා ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය මගින් බ්‍රහ්මචරියෙසනාව පෝෂණය කරනවා. කෙසේ ද? මෙය සම්පජානකාරීත්වය මෙන් සිතිය යුතුයි කියලා ඉගෙන ගත්තා. ඒ කියන්නේ අපි දැන් බලපු කාරණා දෙක මගින්, සතියයි, විරියයි කරපු කාරණා දෙක මගින්, ඇති වන්නේ දුක බවත්, දුක ඇති වීමේ හේතුව සහ ප්‍රත්‍යය තණ්හාව මගින් වන ලෝභ, දෝෂ, මෝහ බව දන්නේ දක්නේ, පළවෙනි කාරණයට පහ කරන ලද අකුසලයන් නැවත නොගැනීම, වඩන ලද කුසලයෝ මුළා නොවීම පැවැත්වීම කරනවා. එතකොට මේක මේ බ්‍රහ්මචරියෙසනාවේ කාරණා දෙකක් අපි මේ පෙන්නුවේ තුනෙන්.
දැන් අපිට හොඳට තේරෙනවා මේක, අර ඊයේ පෙරේදා කරපු භාවනාවන් එක්ක. අර පහ කරන ලද අකුසලයන් නැවත නොගැනීම කියලා කියන්නේ භවෙසන ප්‍රහාණය, භව පච්චයා ජාති, ජාතිය දුකයි. එතකොට ද්වේෂය කියන එක ඇති වෙනවා. එතකොට මේක දැනගෙන ද්වේෂය පහ කරනවා. එතකොට ඒක ලස්සනට පේනවා.
ඊළඟට දෙවෙනි කාරණය, වඩන ලද කුසලයෝ මුළා නොවී පැවැත්වීමක් කරනවා, කාමෙසනා ප්‍රහාණය, ධ්‍යාන තලයක ඉපදිලා වාසය කිරීමට ඇති ආසාව දුරලනවා කියන එක. එතකොට ඒ අර උඩ කාරණාවත් එක්ක බැලුවා ම හොඳට පැහැදිලි වෙනවා.
එතකොට මෙතන අපි සාකච්ඡා කළා මේ තණ්හාව දුකට හේතු වන බවත් ලෝභ, දෝෂ, මෝහ ප්‍රත්‍යය වන බවත් වටහා ගත යුතුයි කියලා. ඒ විදිහට පවසන්නේ තණ්හාවෝ වර්ග තුනක් බැවින් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට පටිච්චසමුප්පාදයෙ පුරුක් දොළහ නැති වන්නේ නන්දිය නැති වීම මගින් බවත්, එයට තණ්හා වර්ග තුන ම අඩංගු බවත් මෙනෙහි කරන්න ඕනෙ.
ඉතින් එතනදි අපිට ලස්සනට පේනවා, අර කාම ආශ්‍රවය පහ වුණත්, දැන් ධ්‍යාන තලයක එහෙම ඉන්න එකේ සුඛයි කියලා ගන්න එකේ පසු සඤ්ඤාව නේ කාම ආශ්‍රවය කියන එක. ඒක පහ වුණත් අවිද්‍යා ආශ්‍රව තියෙනවා. අන්න ඒක ප්‍රත්‍යය වෙනවා. හරි ගැඹුරට ඒ කාරණා තුන ඒක පේනවා.
ඉතින් එතනට ආවායින් පස්සේ, දැන් මුලින් තමන්ගේ ප්‍රඥා ඉන්ද්‍රිය අධික ලෙස තිබුණා. ඉතින් ඔතනින් ආවායින් පස්සේ සති ඉන්ද්‍රිය කරා හොඳ සතියෙන් ගමන් කරනවා. අර සතියෙන් ප්‍රඥාව ඇති වෙලා දැන් සති ඉන්ද්‍රිය පෝෂණය වෙනවා.
ඉතින් පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය මගින් ඒ සීලස්කන්ධය සම්පූර්ණ කරනවා කියලා අපි ඉගෙන ගත්තා. කෙසේ ද? කාය පස්සද්ධිය මගින් රූප භවයන් නිසා විඳින්නා වූ වේදනාවන් ප්‍රීතිය මගින් පහ වීම නිසා, එම රූප භවය ඉක්මවනවා.
චිත්ත පස්සද්ධිය මගින් නාම කොටස නිසා විඳින්නා වූ නාමකායේ පටිඝසම්‌ඵස්‌සය නිසා විඳින්නා වූ වේදනා පහ කරන්නේ අරූප භවය කියන එක ඉක්මවනවා.
ඉතින් ඒකේ අපිට ලස්සනට පේනවා, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රව වෙන්නේ නෑ, එහෙම නම් අරූප භවය කියන එක ඉක්මවීම කියන එක තියෙනවා.
පස් වෙනි කාරණයට සමාධි සම්බොජ්ඣඞ්ගය මගින් කාමෙසනා ප්‍රහාණය පරිපූර්ණ කෙරෙනවා. ඒක අපි හොඳට කලින් සාකච්ඡා කළා.
හය වෙනි කාරණයට පෙන්නනවා උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය භව සේවනය දුරු කිරීමට ආධාර උපකාර කරන අතර, බ්‍රහ්මචරියෙසනාවේ තුන් වෙනි කාරණය ද පෝෂණය කරනවා. ඒ කියන්නේ යම් ආශ්‍රවයක් නසන ලද්දේ ද, නැවත එය පිහිට කොට නොපවත්වනවා. ඒ කියන්නේ අපි අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන්නේ නෑ. අපි යන්නේ පිහිටක් හොයාගෙන නේ. එතකොට භව සේවනය තුළ ඇත්තා වූ යම් භවයක ඉපදීම කෙරෙහි උපෙක්ඛාව ම පතුරුවනවා. ඒ නිසා ඒක නොගනී. කුමක් නිසා ද? සමාධියෙන් උපෙක්ඛාව, උපෙක්ඛාවෙන් ධම්මවිචය.
එතකොට අපි ලියාගත්ත ඒ square එක වාගෙ එක අපිට පේනවා, ඒ අව්‍යාපාදූපවිචාරය එතන සති, ප්‍රීතිය. එතනින් බ්‍රහ්මචරියෙසනාවට එනවා. බ්‍රහ්මචරියෙසනාවෙන් පල්ලෙහා සීලස්කන්ධය, සීලස්කන්ධයෙන් කාමේසන ප්‍රහාණයට වටේට දුවනවා. කාමේසන ප්‍රහාණයෙන් භවෙසන ප්‍රහාණය, එතනින් බ්‍රහ්මචරියෙසනාව.
ඉතින් මේ තත්වයට මනස ආවායින් පස්සේ මූණ හැමතැන ම සුඛයි. ඒ කියන්නේ සුඛයි කියලා කියන්නේ විමුක්තිය. ඒ කියන්නේ මේ තමන්ට මුලින් දැනෙනවා හැමතැන ම විමුක්තිය කියන එක තියෙනවා කියන එක. එතකොට ඒ මුළු ශරීරයට ම ඒක ඔය විදිහට යවන්න පුළුවන්.
ඒක තමයි මං කරපු භාවනාව.