ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද, මම ඊයේ භාවනාව ම කරගෙන ගියා. එතකොට ඒ ඊයේ භාවනාවේ, ඔයගොල්ලන්ට මතකයි අපි, ඒ ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය කියන එක, අපි ප්‍රීතිය, සතිය ඒ විදිහට විරියෙන් ඇවිල්ලා, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය දක්වා ආවා.
ඒ ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයේ බොහොම ගැඹුරු දෙයක් තියෙනවා. අර මේකේ පෙන්නුවා නේ තණ්හාව දුකට හේතු වන බවත්, ලෝභ, දෝෂ, මෝහ ප්‍රත්‍යය බවත් වටහා ගන්නෙයි කියලා. ඒකේ පෙන්නුවා නේ මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒක නන්දිය තුළ තියෙනවා. ඒක නිසයි එහෙම කියන්නේ කියලා.
එතකොට ඒ කාම ආශ්‍රවය කියන එක පහ වුණත්, අවිද්‍යා ආශ්‍රව තියෙනවා, මෝහය ඒක නිසා ප්‍රත්‍යය වෙනවා කියලා.
ඉතින් ඔතන ඔය අවස්ථාවට එන්න ඕනේ අර ඉහළ ම සම්මා දිට්ඨිය කියන එක, දුක්ඛ නිරෝධය විතරයි කියන එක. අන්න ඒ තත්වයට තමන්ගේ මනස යන්න ඕනේ. එහෙම ගියාට පස්සේ දැන් අපි බලාගෙන එනවා අර ඉතුරු කාරණා ටික පස්සද්ධියේ.
ඒ පස්සද්ධියේ දී අපි කිව්වා, කාය පස්සද්ධිය මගින් රූප භවයන් නිසා විඳින්නා වූ වේදනාවන් ප්‍රීතිය මගින් පහ වීම නිසා, රූප භවය ඉක්මවනවා. දැන් පාණාතිපාතයක් එහෙම කර කර හිටිය මනුස්සයා, දැන් ධ්‍යාන ප්‍රීතියට ගියාට පස්සේ එයාට පේනවා, මේ භවයන් හොඳ නෑ. එතකොට මේ රූපයන් අල්ලාගෙන ඉන්න භවයන්.
චිත්ත පස්සද්ධිය ගියහම පෙන්නුවා අර නාම කොටස නිසා විඳින්නා වූ නාමකායේ පටිඝසම්‌ඵස්‌සය නිසා විඳින්නා වූ වේදනා පහ කරනවා කියලා. අරූප භවය ඉක්මවනවා. එතකොට නාමකායේ පටිඝසම්‌ඵස්‌සය. පටිඝය කියලා කියන එක ආවේ, දිට්ඨින් බිඳිලා. දැන් ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. එතෙන්දි අපි පෙන්නුවා අර, අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවය වෙන්නේ නෑ, කියලා.
සමාධි සම්බොජ්ඣඞ්ගයට ආවහම කාමෙසනා ප්‍රහාණය පරිපූර්ණ කරනවා. ධ්‍යාන තලයක ඉපිද වාසය කිරීමත් දුක බව පෙන්නා දෙනවා.
උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයට ආවහම, ඒකේ පෙන්නුවා භව සේවනය දුරු කිරීමට ආධාර උපකාර කරන බ්‍රහ්මචරියෙසනාවේ තුන් වෙනි ධර්මය පෝෂණය කරනවා කියලා.
ඒ කියන්නේ ආශ්‍රවයක් නසන ලද්දේ නැවත එය පිහිට කොට නොපවත්වනවා. භව සේවනය තුළ ඇත්තා වූ භවයක ඉපදීම කෙරෙහි උපෙක්ඛාව ම පතුරුවනවා. ඒ නිසා ඒක නොගනී කියලා.
ඉතින් ඔතන පෙන්නුවා, ඒ සමාධියෙන් උපෙක්ඛාව, උපෙක්ඛාවෙන් ධම්මවිචය. දැන් එහෙනම්, මතක තියාගන්න, ධම්මවිචයෙ තිබුණා අර ඉහළ ම සම්මා දිට්ඨිය කියන එක. එතකොට එහෙම නම් ඉහළ ම සම්මා දිට්ඨිය කියන එක ආවා නම්, ඒ බ්‍රහ්මචරියෙසනාවට ඕක ඇවිල්ලා තියෙන්නේ.
දැන් ඊළඟට කල්පනා කරන්න, එතනින් අපි සීලස්කන්ධයට ආවහම, දැන් පස්සද්ධිය, කාමෙසනා ප්‍රහාණය කියන්නේ සමාධිය, පස්සද්ධිය, සමාධිය, උපෙක්ඛාව. ඒ තුන පරිවාර වෙනවා. දැන් උපෙක්ඛාවට ආවට පස්සේ ආපහු අපි එනවා පස්සද්ධියට.
උපෙක්ඛාවෙන් එතන කියනවා නේ මම මේවාට උපෙක්ඛා වෙනවා කියලා. ඒ කියන්නේ යම්කිසි ධ්‍යානයක් තියෙන කෙරෙහි පවතින්නේ නැහැයි කියන එක තියෙනවා. එතනින් අපි එනවා, දැන් හැම ධ්‍යානයකට ම උපෙක්ඛාව ආවා නම්, අපි සීලස්කන්ධයට ආවහම එතන පස්සද්ධියේ තියෙනවා නාමකායේ පටිඝසම්‌ඵස්‌සය.
ඒකෙ පෙන්නනවා මේක බිඳෙනවා. එහෙම නම් මොකක් ද බිඳෙන්නේ? උපෙක්ඛාව. උපෙක්ඛාව පවත්වන්න බෑ ඒක ම බිඳෙනවා. ඒ පාර ආපහු කාමෙසනා ප්‍රහාණය, ඒ කියන්නේ සමාධිය, උපෙක්ඛාව. එතකොට මෙතන මොකක්වත් ඉතුරු වෙන්නේ නෑ නේ, උපෙක්ඛාවත් බිඳෙනවා නම්, නිර්වාණය විතරයි. එහෙම නම් අර බ්‍රහ්මචරියෙසනාවේ සම්පූර්ණ කෑල්ලට තමන් එනවා. ඒක recursively කැරකි කැරකී එතන triangle එක වාගේ.
ඒක තමයි මං කරපු භාවනාව.