ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම 06/03/2017 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒ නිබ්බාන භාවනාවේ අපිට මතකයි, අව්‍යාපාදූපවිචාරය, ඒක අපි දන්නවා මේ සති, ප්‍රීති බොජ්ඣඞ්ගයන් මගින් පවත්වන හැටි. ඊට පස්සේ අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය (අඤ්ඤාතාවින්ද්‍රිය), අර විරිය භාවිතා කරලා, ලෝභ, දෝෂ, මෝහ එපා කියලා පෙන්නනවා.
ඊළඟට බ්‍රහ්මචරියෙසනාව, ඒ ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, ඊළඟට සීලස්කන්ධය, පස්සද්ධිය මගින් කාමෙසනා ප්‍රහාණය සමාධි සම්බොජ්ඣඞ්ගය. එතකොට ඊට පස්සේ කාමෙසන ප්‍රහාණයෙන් භවෙසනය දුරු කරනවා කියන එක උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය මගින්.
එතකොට අද මම ඒ භාවනාව පටන් ගත්තේ අලෝභ කුසල මූලයෙන්. අලෝභ පාර දිගේ මෙනෙහි කිරීම කියන එක සිදු කළා. අලෝභ කුසල මූලයේ සවිතක්ක සවිචාර සමාධිය, අධිචිත්ත ශික්ෂාව, ඒකෙන් සමථ නිමිත්ත, නෙක්ඛම්ම විතක්කය. එතන මෝහය නිසා වන ලෝභය පහ කිරීම.
එතනින් ආවා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය, නෙක්ඛම්මූපවිචාරය, කාමෙසන පහාණය. එතන පෙන්නනවා ධ්‍යාන තලයක ඉපිද වාසය කිරීමට ඇති ආසාව පහ කිරීම. මේක සමාධි සම්බොජ්ඣඞ්ගය මගින් සිදු වන ආකාරය සිහි කළා.
යම් සමාධි සම්බොජ්ඣඞ්ගයක් වේ ද, එමගින් කෙසේ සුඛය පහ වෙන්නේ ද? පස්සද්ධිය නිසා මෙය වන බව පැහැදිලියි. පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය තුළ නාමකායේ පටිඝසම්‌ඵස්‌සය නිසා විඳින්නා වූ වේදනාවන් පහ කිරීම ඇත. මෙය සිදු වන්නේ දිට්ඨිය බිඳීම නිසා ය. නොපවතින නිසා ය. නොපවතින බව දන්නේ කෙසේ ද? දිට්ඨි ආශ්‍රව නොවීම මගිනි. ඒ සඳහා නිත්‍යයි නොගත යුතුයි. ඒ ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, මනා කොට පෝෂණය වීමෙන් හෝ 11/08/2016 නිබ්බාන භාවනාවේ වටහා ගත් අයුරින් හෝ සිදු වන්නේ යැයි වැටහුණා.
ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයේ, අපි දන්නවා, අපි අර පහ කරන ලද අකුසලයෝ නැවත නොගනී. ඒ කියන්නේ එතන අපිට පේනවා මේ භව පච්චයා ජාති, ජාතිය දුකයි. ද්වේෂය ඇති වන බව දැන නැවත නොගනී.
ඊළඟට දෙවෙනි කාරණයට අපිට පේනවා, වඩන ලද කුසලයෝ මුළා නොවී පවත්වයි. යම් ධ්‍යානයක් පහ කරන ලද්දේ ද, එම ධ්‍යානය පහ කිරීම නිසා වන සුඛය මගින් පෙර කළා වූ දේ දුක වශයෙන් දැන, එහි ආසාව පහ කරනවා.
එතකොට මේ විදිහට අපිට පැහැදිලි වෙනවා ඒ සමාධි සම්බොජ්ඣඞ්ගය මගින් අර සුඛය පහ වීම කියන එක.
එතකොට ඒක තමයි මං කරපු භාවනාව.