Date: 15/03/2017 Name: නිබ්බාන

උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා පූජාවෙන් පස්සේ. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම 13/03/2017 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒ භාවනාව පොඩ්ඩක් නැවතත් මතක් කරනවා නම්, අපි ඔය අලෝභ, අදෝෂ, අමෝහ ධර්මයන්ගෙන්, ඒකේ කොටස් පහක් අරගෙන කරපු භාවනාවක් ඒකේ තියෙන්නේ.

ඒ කියන්නේ එතන තියෙනවා, අව්‍යාපාදූපවිචාරය, එතනින් බ්‍රහ්මචරියෙසනාව, එතනින් එනවා සීලස්කන්ධය, එතනින් එනවා කාමෙසනා ප්‍රහාණය, එතනින් මැද්දෙන් භව සේවනය දුරු කරනවා, බ්‍රහ්මචරියෙසනාවට නැවතත් එනවා කියන එක. එතකොට ඒකේ අපි බොජ්ඣඞ්ග හතත් එක්ක ඕක බැලුවා.

සති, ප්‍රීති කියන දෙක භාවිතා වෙනවා අව්‍යාපාදූපවිචාරය ඇති වෙන්න. ඊළඟට විරිය කියන එක භාවිතා කරනවා. ඒක අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියේ අර දෙවෙනි කොටස ඇති කරගන්න. බ්‍රහ්මචරියෙසනාව කියන එක අපි එතනට එනවා ධම්මවිචය කියන එක. ඊළඟට සීලස්කන්ධයට පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය එනවා, කාමෙසන ප්‍රහාණයට සමාධි ස්කන්ධය එනවා. ඒ භවෙසනය දුරු කරනවා කියන එකට උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය එනවා.

ඉතින් මම ඒ භාවනාව පටන් ගත්තේ අලෝභ කුසල මූලයෙන්. එතකොට ඒ අලෝභ පාර දිගේ ඒ පල්ලෙහාට මම ගමන් කරගෙන ආවා. අලෝභ කුසල මූලයෙන් සවිතක්ක සවිචාර සමාධිය, ඒකෙන් අධිචිත්ත ශික්ෂාව, එතනට එනවා අපි සමථ නිමිත්ත, නෙක්ඛම්ම විතක්කය. එතන මෝහය නිසා වන ලෝභය පහ කරනවා, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය, නෙක්ඛම්මූපවිචාරය කාමෙසන පහාණය කියන එක.

එතකොට මේක විස්තර වශයෙන් මම කියන්න යන්නේ නෑ. ඒ භාවනාවේ දී අපි බලලා තියෙනවා එම සමාධි සම්බොජ්ඣඞ්ගය මගින් ඔය ධ්‍යාන තලයක ඉපිද වාසය කිරීම කියන එක එහෙම මේ පහ වෙන්නේ කොහොම ද කියන එක.

එතකොට අද ඒ භාවනාවෙදි මම කළේ, සවිතක්ක සවිචාර සමාධිය ටිකක් වැඩියෙන් සිහි කළා. ඒ සවිතක්ක සවිචාර සමාධියේ තියෙන්නේ ඔයගොල්ල දන්නා වූ ධර්මයක්, දිබ්බ විහාරය, එතනින් බ්‍රහ්ම විහාරය, එතනින් අරිය විහාරය, එතනින් ආනෙඤ්ජ විහාරය.

එතකොට ඒ දිබ්බ විහාරයේ එනවා අපිට, පටිච්චසමුප්පාදයේ පුරුකක අවබෝධය තියෙනවා, භව පච්චයා ජාති. ඒ කියන අවබෝධය තියෙනවා. එතකොට බ්‍රහ්ම විහාරයට එනකොට අර මෝහය නිසා වන ලෝභය පහ කරනවා. ඒ දුක බව ස්ථිර වෙලා මෙත්තා සහගත වෙනවා.

ඒ කියන්නේ අර දිබ්බ විහාරයෙන් එනවා නේ භව පච්චයා ජාති කියලා. එතන දුකයි කියලා. එතකොට දැන් ශරීරය හදාගෙන නම් තියෙන්නේ, මොකක් ද ඉතින් ඒකට කරන්න තියෙන්නේ? තමන්ගේ මෙත්තාව තමයි භාවිතා කරන්න තියෙන්නේ. වෙන කරන්න දෙයක් නෑ නේ, වෙලා තියෙන දුක්ඛයට.

එතකොට අරිය විහාරයෙන් කරන්නේ මොකක් ද? මෙතනදි ඵල චිත්තය තියෙනවා. ඒ කියන්නේ අර භව පච්චයා ජාති කියලා දිබ්බ විහාරයෙන් ඇති වෙච්ච එකයි, මෙත්තා සහගතව අපි අරක දුක බව දැනගෙන පවත්වන එක. දැන් එහෙම නම් අරිය විහාරයෙන් ඒක පවත්වාගෙන ඉන්නවා. ඊට පස්සේ ආනෙඤ්ජ විහාරයේ තියෙන්නේ මොකක් ද? ඒ රූපය නිසා හෝ ඒ ධ්‍යානය හරි එහෙම ගන්නේ නැහැයි කියන එකයි තියෙන්නේ. ඔය දැන් මගේ නෙමෙයි කියන එක අරිය විහාරයේ තියෙනවා නේ. අන්න ඒක පවත්වනවා. පේනවා ද විහාරයන් එකකට එකක් සම්බන්ධයි.

එතකොට එහෙම නම් මේ භාවනාවෙදි මට තේරුණා, ඊයේ 13 වෙනිදා භාවනාවත් එක්ක සම්බන්ධ වුණහම, ඒ ධම්මවිචය සහ පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය මගින් නංවන ලද කාරණා නොසැලී පවත්වාගෙන යෑම තමයි ඒ සමාධි සම්බොජ්ඣඞ්ගය මගින් සිදු කරන්නේ කියන එක. ඒකේ සම්බන්ධතාවය එනවා ඉතින් බ්‍රහ්මචරියෙසනාව එතන ධම්මවිචය, එතනින් එනවා සීලස්කන්ධයට. එතන පස්සද්ධිය. ඒ පස්සද්ධියේ අපි තේරුම් ගන්නවා, මේ නාමකායේ පටිඝසම්‌ඵස්‌සය කියන එක, ඒක බිඳෙනවා කියන එක.

එතකොට බිඳෙනවා නම් මේවා එකක්වත් පවතින්නේ නෑ. එතකොට පවතින්නේ නැති නිසා තමන්ට අර කාමෙසන ප්‍රහාණය, ධ්‍යාන තලයක ඉපදිලා වාසය කරන්න තිබෙන්නා වූ යම්කිසි කැමැත්තක් තියෙනවා ද, ඒක අපේ පහ වෙනවා.

එතකොට මේ භාවනාව කළහම මට තේරුණා, අපි මේ යන්නේ දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව හරහා කියලා. ඒ කියන්නේ දැන්, සවිතක්ක සවිචාර සමාධිය, දිබ්බ විහාරය. අන්න ඒකෙන් පේනවා අපිට භව පච්චයා ජාති, මේක දුකයි. දුක නම් සුඛ වෙන්නේ නෑ.

එතකොට එහෙම නම් සුඛ කියන විපල්ලාසය නැති වෙනවා. අන්න ස්පර්ශ ආහාර පාරේ, දුක්ඛෙ සුඛන්ති විපල්ලාසය අන්න නැත. මේක නිසා අපේ ද්වේෂය බැස යනවා. ඇයි සුඛයි කියලා ගත්තොත් නේ අපි ද්වේෂ පාරේ යන්නේ.

එතකොට එහෙම නම් එතනින් එනවා අව්‍යාපාදූපවිචාරය. ප්‍රීතිය මගින් සිත උස්සනවා. නැවතත් දුකේ බැසගන්නේ නෑ. පාණාතිපාතය වැනි දේ දුකයි කියලා තමන්ට තේරෙනවා. ප්‍රීතිය, ඒක තියෙනවා නම් ඒ කාය සංස්කාර.

බ්‍රහ්ම විහාරයට ආවහම, එතනින් මෙත්තාව. එතකොට විරිය සම්බොජ්ඣඞ්ගය ලෝභ, දෝෂ, මෝහ පහ කිරීම.

එතකොට ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයේ කාරණා දෙකක් එතන අපිට එනවා, ඒක ඒ භව පච්චයා ජාති, ඉතින් ද්වේෂය ඇති වන බව දැන නැවත නොගැනීම. ඉතින් මම ඉපදුණා නම් මට දුක්ඛය ඇති වන්නේ.

ඊළඟට පෙන්නනවා දෙවෙනි කාරණයකට, අර ධ්‍යාන තලයක ඉපිද වාසය කිරීම දුකයි. එම ආසාව පහ කරනවා. මේ විදිහටත් ද්වේෂය නැති වෙනවා. එතකොට ඒ බ්‍රහ්මචරියෙසනාවේ කාරණා දෙකක් ඒ පෙන්නුවේ.

ඊළඟට පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය. එතන අර සීලස්කන්ධයට එන එක. නාමකායේ පටිඝසම්‌ඵස්‌සය. අරූප ධ්‍යාන පවා අත්හරිනවා. එමගින් අරූප ධ්‍යාන නිසා හෝ දෝස අගතිය කියන එක සිද්ධ වෙන්නේ නෑ. ඊළඟට සමාධි සම්බොජ්ඣඞ්ගයෙන් දැන් එනවා අපි මුලට. සෑම ස්පර්ශයකින් ම දුක ඇති වෙන බව දැන “විවේකදස්සී ඵස්සෙසූ,” ඔයගොල්ලෝ ඊයේ කරපු භාවනාව නේ. ඒකේ තිබුණේ අර සතර ආහාර දුක්ඛය. ඇහැයි රූපයයි ස්පර්ශ කරන්න බැරි නම් වෙන කරන්න දෙයක් නෑ, තමන් ඒ ධ්‍යානයට ගිහිල්ලා ඉන්නවා කියන එක.

ඒක තමයි මං කරපු භාවනාව.