උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
15/03/2017 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකේ අපි දන්නවා අර අපිට තියෙනවා, අව්‍යාපාදූපවිචාරය, බ්‍රහ්මචරියෙසනාව, සීලස්කන්ධය, කාමෙසන ප්‍රහාණය. ඒකෙන් මැද්දේ තියෙනවා කාමෙසන ප්‍රහාණයෙන් භවෙසනය දුරු කරනවා, බ්‍රහ්මචරියෙසනාව. එතකොට මෙතන අපි බොජ්ඣඞ්ග හත ලකුණු කරගත්තා.
එතකොට ඔය සති සම්බොජ්ඣඞ්ගය මගින් මම භාවනාව පටන් ගත්තා. අව්‍යාපාදූපවිචාරය මෙමගින් ඇති වීම කියන එක තමයි සිහි කරලා බැලුවේ, සති සම්බොජ්ඣඞ්ගය මගින්. අව්‍යාපාදූපවිචාරය තුළ චතුරාර්ය සත්‍යයේ ස්ථාපිත වීම තියෙනවා. Repeatedly stable කියලා කියනවා. මීට පෙර සඳහන් වන අඤ්ඤින්ද්‍රිය තුළට යම් දහමකින් ඇතුළු වූවා ද, එය ම පවත්වනවා.
උදාහරණ වශයෙන් යමෙක්, “මම මේ ස්ථානයේ ගෙයක් හදනවා” යි පවසනවා. අන් අය එතන ඒක හැදීම දුක බව පවසනවා. ඔහු ස්ථීරව ම, මෙතන ම හදනවා කියලා පුනපුනා පවසනවා. එහෙම නම් දුක්ඛ සත්‍යය ම ස්ථාපිත වෙනවා.
විරිය සම්බොජ්ඣඞ්ගයෙන් ලෝභ, දෝෂ, මෝහ පහ කිරීම සිහි කරන්නේ, එමගින් පරාමාසය පිරිසිදු වන බව වැටහුණා. ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය සිහි කරන්නේ, එහි දී ඉහළ ම සම්මා දිට්ඨිය කරා පැමිණීමට තුඩු දෙන පග්ගහ නිමිත්ත සිහි කළා.
එතකොට මෙතන triangle එකක් වගේ පේනවා අපිට. අව්‍යාපාදූපවිචාරයෙන් උඩ arrow එකකින් යනවා පග්ගහ නිමිත්තට, පග්ගහ නිමිත්තෙන් එන්නෙ ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, ඒ කියන්නේ බ්‍රහ්මචරියෙසනාව, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය තමයි එතනට වැටෙන්නේ.
අපි දන්නවා, අර අව්‍යාපාදූපවිචාරයේ ඉඳන් බ්‍රහ්මචරියෙසනාවට එන්නා වූ රේඛාව තියෙනවා කියලා. දැන් මෙතන අපිට පේනවා පග්ගහ නිමිත්තේ පෙන්නනවා, අර අපි සාකච්ඡා කළා ඕක, කුමන ධර්මයන් ආශ්‍රවයන් ක්ෂය වීමට තුඩු දෙන්නේ ද? චතුරාර්ය සත්‍යයයි. එහි යම්කිසි බැස ගැනීමක් වෙනවා ද, එය පග්ගහ නිමිත්තයි කියලා.
එතකොට මේ කියන්නේ මෙතන establishment එකක්. Establishing on four Noble Truth කියන එකයි. දැන් අර චතුරාර්ය සත්‍ය නැමති ගෙය, ඒක හදලා ඉවරයි. ඒ ගෙය හදලා ඉවරයි. අරයා හදනවා කිව්වා. එයා හැදුවා. එතකොට දැන් එයා එහෙනම් මේක තියෙන්නේ මේ දුකයි, දුක්ඛ සමුදයයි, දුක්ඛ නිරෝධයයි, නිරෝධගාමිනී පටිපදාවයි විතරයි කියලා එයාගෙ හොඳට establish වෙලා තියෙනවා.
ඉතින් එතනින් බ්‍රහ්මචරියෙසනාව ඉතින් ඒ ධම්මවිචයෙ කාරණා දෙක මම සිහි කරලා බැලුවා. අපි පෙන්නුවා බ්‍රහ්මචරියෙසනාවේ, පහ කරන ලද අකුසලයෝ නැවත නොගනී. එතන භව පච්චයා ජාති. ජාතිය දුකයි. දෝෂය ඇති බව දැනගෙන, නැවත නොගන්නවා කියන එක. වඩන ලද කුසලයෝ මුළා නොවී පවත්වනවා. ඉතින් යම්කිසි ධ්‍යානයක් පහ කරන ලද්දේ ද, එම ධ්‍යානයන් පහ කිරීම නිසා වන සුඛය මගින් පෙර කළා වූ දේ දුක වශයෙන් දැන ඒ ආසාව පහ කරනවා. ඒ කියන්නේ අර හැදුවා වූ ගේ කියලා කිව්වාට, එතන ගෙයක් නෑ නේ. අන්තිමට ගත්තහම නිර්වාණය ම විතරයි කියන තත්වයට තමන්ගේ පවතින්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.