ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. එතකොට ඒ ඊයේ භාවනාවේ අපි අර ධාතු බැලුව නේ, සුභ ධාතු, ආලෝක ධාතු වශයෙන්. ඉතින් ඒකේ ඒ සුභ ධාතු කොටසත් ටිකක් ආපහු වැඩියෙන් බැලුවා. ඒ ධාතු මනසිකාරයෙන්, අසූචි, මළ මුත්‍රා ඒ විදිහට අරගෙන. ඉතින් ඔතන අපි පෙන්වූවා මෙත්තාව භාවිතා කරලායි අපි ඕක ඉක්මවන්නේ කියලා නේ ද? ඉතින් මම අද බැලුවා පොඩ්ඩක් ඇයි මේ මෙත්තාව භාවිතා කරලා ඉක්මවනවා කියන එකේ තේරුම කියන එක.
දැන් බලන්න අර සීයාගේ කතාවෙදි, දැන් taste buds ගිහිල්ලා නිසා ජරාවට පත් වෙලා. ඒක නිසා සීයාට අරක රසයි කියන එක හොයාගන්න බෑ. අර පෙර එක ගන්න බැරිකම කියන එක තියෙනවා.
දැන් එතකොට එයාගේ දැන් තියෙනවා අර නාම කොටස, ව්‍යාපාදය. ඒක වේදනාවට ගිහිල්ලා නේ තියෙන්නේ, ඒ කොටස. දැන් එතකොට අපි දැන් මේ ලෝකයේ හැම සත්වයාට ම ඔහොමයි කියලා ගත්තට පස්සේ, අන්න එහෙම නම්, අර තමන්ට එතනින් ඇති වෙනවා, ඒ නාම කොටස කියන එක බැහැලා යනවා. මොකද අර මට විතරක් නෙවෙයි මේක අනිත් අයට. එතකොට ව්‍යාපාදය නිසා ඇති වෙන්නා වූ අත්තා එකට ගිහිල්ලා තියෙන කොටස මේකෙන් බැහැලා යනවා.
එතකොට, ඔන්න ඔය විදිහට මම ඊයේ භාවනාව කරගෙන ගිහිල්ලා, ඒකේ අද භාවනාවෙදි, ඉතින් ඊයේ වේදනාව කොටස දක්වා ගියා නේ, වේදනාව ඉක්මවීම. ඉතින් වේදනාව ඉක්මවන්නේ නැත්තෙ මේ සඤ්ඤාව නිසා කියලා.
ඉතින් අද විශේෂයෙන් බැලුවේ, මේ සඤ්ඤාව ඉක්මවන්නේ නැත්තේ මොකද කියන එක. ඉතින් ඒක ඕගොල්ලන්ට මතකයි ඒ කලින් භාවනාවලදි පෙන්නුවා. ඒ සඤ්ඤාව ඉක්මවන්නේ නැත්තේ ඒ සඤ්ඤාව නිසා වූ අත්තා ස්වභාවය සිත මැඩගෙන ඉන්නවා කියලා. එතකොට ඒක පරියුට්ඨානය නිසා සිත මැඩගෙන ඉඳීම කියන එක, චිත්තයේ ආදීනවය.
එතකොට මෙහෙම කොයි ආකාරය ද කියලා අපි සාකච්ඡා කළා. ඕගොල්ලන්ට මතක ඇති අර අත්තා ඉඳන් නිත්‍යයට, නිත්‍ය කියන එකෙන් අපිට එනවා දිට්ඨි ආශ්‍රවය, ඒක තමයි පසු සඤ්ඤාව. ඊට පස්සේ අත්තා කියන එකෙන් අවිද්‍යා ආශ්‍රවය. එතන අත්තා නිසා වූ පසු සඤ්ඤාව.
එතන කාරණා දෙකක් කිව්වා, පෙර වේදනා නිසා වූ අත්තා ස්වභාවය අවිද්‍යා ආශ්‍රවගත වුණා. මේක අත්තා නිසා වූ පසු සඤ්ඤාව. ඊළඟට පෙන්නුවා දැන් වේදනාව නිසා වන නිත්‍ය ස්වභාවය. අර දිට්ඨි ආශ්‍රවයට බලපානවා මේක නිත්‍ය නිසා වූ පසු සඤ්ඤාව කියලා.
එතකොට ඔය භාවනාවෙදි අපි ඉගෙන ගත්තේ ඉතින් ඔය අත්තා සංකල්පය ඉක්මවන්නේ, ඒ චිත්තයේ මැඩලීම ඉක්මවලා මුදිතා චෙතො විමුක්තිය වෙනවා කියලා, අත්තා කියන එක ගියායින් පස්සේ. දැන් ඔතන ඔය කාරණා දෙකක් කිව්ව නේ.
දැන් අපිට පේනවා එහෙම නම්, අත්තා නිසා වූ පසු සඤ්ඤාව. අපි උදාහරණයකින් ගත්තොත් එහෙම අඹ ගෙඩියක් කෑමෙන් පසුව ඇති වූ අත්තා ස්වභාවය. ඒක තමයි නාමරූපවලින් චේතනා, චේතනාවෙන් අත්තා, අත්තාගෙන් අවිද්‍යා ආශ්‍රව කියන කොටස.
දැන් අඹ ගෙඩියක් කනකොට, අර පෙර අඹ නිසා ඇති වූ සඤ්ඤා මනසිකාරයෝ දැන් කන අඹ ගෙඩිය නිසා ඇති වන නාම කොටස අභිබවා පවත්වනවා.
එතකොට ඒ කියන්නේ මොකක් ද? අර අත්තා ඉඳන් නිත්‍යයට ගිහිල්ලා ආවා වූ දිට්ඨි ආශ්‍රව ස්වභාවය කියන එක තියෙනවා නේ. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රව කොටස, දිට්ඨි ආශ්‍රවයන් අභිබවා පවත්වනවා. එතකොට අන්න ඒ විදිහට අපි වටහා ගන්න ඕනෙ. කුමක් නිසා ද? තමා එයින් ජීවත් වූවායි සිත පෙරටු වන නිසා ය. සිත ඉස්සරහට එනවා.
දැන් පෙළක් වෙලාවට ඔය අසනීප වෙලා ඉන්නකොට අම්මා කෙනෙක් කසායක් හදලා දෙනවා. ඉතින් ළමයා කියනවා “බොන්න බෑ මට මේක” කියලා. හැබැයි අම්මා දන්නවා “මේකෙන් පෙර පැවතුණා” කියන අදහස තියෙනවා. ඒක නේ “කොහොම හරි බොන්න” කියලා කියන්නේ නේ ද? අන්න ඒ වගේ අර විදිහට ම හිතන්න බලන්න අඹ ගෙඩියේ ඒ කතාවෙත්.
එතකොට ඒ කියන්නේ අපේ මේ දැන් කන එකට වැඩිය අර පෙර එක නිසා ඇති වුණු බලපෑම කියන එක ඒ සඤ්ඤා මනසිකාරයෝ එතන තියෙනවා. ඕවා නැති වෙන්නේ ඉතින් අත්තා කියන එක නැති වීමෙන්.
මතක ද අපි ඉගෙන ගත්තා අර diamond එකක් බැලුවේ, බ්‍රහ්මචරියෙසනාවේ ඉඳන් ප්‍රඥා ස්කන්ධයට ඇවිල්ලා. ඒ ප්‍රඥා ස්කන්ධයේ අන්තිමට පෙන්නුව නේ අර රූපය නිසා, සඤ්ඤාව නිසා, ආදි වශයෙන්, ඒ ඔක්කොගේ ම අර අත්තා කියන එක. ඉතින් ඒක ගියායින් පස්සේ තමයි මේක නැති වන්නේ කියන එක. ඒක තමයි මම කරපු භාවනාව.
ඉතින් මේක කරගෙන යනකොට ඉතින් පළවෙනි එකෙන් ම අර සිත නතර වීම කියන එක තියෙනවා. මොකද, මේ අර්ථය ඇතුව අන්න මම බැලුවා අර රූපය, අර මනස, මොකට ද සීයාට තරහා ගිහිල්ලා මෙත්තාවෙන් ඉක්මවන්නේ කියන එක. බැලුවාහම ඉතින් සිත නතර වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.