ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවට මම පටන් ගත්තේ සමාධිභාවනා සූත්‍ර අර්ථයෙන්. ඒකේ රූපයේ සමුදය, අත්ථඞ්ගමය කියන එක බැලුවා. ඒකේ අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති. රූපයේ සතුට සොයනවා, ප්‍රකාශ කරනවා, පිළිඅරගෙන තබාගෙන ඉන්නවා. මෙහෙම කළා ම ඒකෙන් අපිට සතුටක් ඇති වෙනවා, ඒක තමයි නන්දිය. එතකොට ඒ නන්දිය නිසා අපිට උපාදානයක් ඇති වෙනවා.
මේ අවස්ථාවෙදි මේ උපාදානය කිව්වම ඒ දිට්ඨි උපාදානයයි කියන එක හොඳට වැටහුණා. ඒ දිට්ඨි උපාදානය, අපි දන්නවා චේතනා, පරාමාස, භය අගති, වේදනා කොටසින් තමයි අපි නිරූපණය කරලා පෙන්නන්නේ. දැන් අන්න ඒ අවස්ථාවෙදි අපිට පේනවා අර 10% පාරයි, 40% පාරයි. ඒ 2ක එක්කහු වෙලා, දැන් අපිට එහෙම නම් රූපයට ඇඟිල්ල දික් කිරීම කියන එක එතන සිද්ධ වෙනවා.
දැන් එහෙම නම් ඔන්න ඔය අවස්ථාවෙදි, ජාතිය කියන එක අපේ ඇති වීම කියන එක. එතකොට ඒක, ඒ ජාතිය කියන එක ඇති වුණා නම්, එහෙම නම් ජාති චේතනා, ජාති, වේදනා, චේතනා රේඛාව. එහෙම නම් අර ලෝභ ධර්මයන් නිරූපණය කරන කොටස අපි ඒ රේඛාවෙන් වම් පැත්ත අපිට පේනවා. ඉතින් ජාතිය ඇති වුණා නම් දැන් එහෙනම් ජරා, මරණ, සෝක, පරිදේව ඔක්කෝම දුක්ඛය ඇති වෙනවා කියන එක එනවා.
ඊළඟට වේදනානුපස්සනාවේ, ඒ වේදනාව කොටස කරනකොට, එතන අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති, කියලා අර ගත්තහම වේදනාව, එතෙන්දි අපිට බලන්න ඕනෑ ඒකේ සතුට කිව්වම අන්න නන්දි කොටසට මනස යොමු වෙන්න ඕනෑ.
එතකොට දැන් එහෙම නම්, අපි මේ මැරිලා ඉපදෙන්නත් මේකට කැමති වුණා. දැන් අන්න ඒ අවස්ථාවෙදි අපිට පේනවා, අපි 50% පාර දිගේ එනවා, මේ ජාති, වේදනා. ඒ කියන්නේ මේ වෙලාවේදි වේදනාව ජාති වෙලා ඉවරයි. අර ඉස්සර රූපයත් එක්ක ඇති වුණා වූ කාරණා උඩ, දැන් වේදනාව ජාති වෙලා තියෙන්නේ. දැන් එහෙම නම් අන්න 50% පාර දිගේ ආවා. දැන් එතෙන්දි අපිට පේනවා. මෙතන සීලබ්බත උපාදානය. අන්න අපි අනාගත භවය දැඩිව ගන්නවා, මේ වේදනාව නිසා. අපි දන්නවා සීලබ්බත උපාදානය වේදනා චේතනා, චේතනා පරාමාස කොටසින් නිරූපණය වෙනවා.
එතකොට අන්න ඒක ඇති වුණා ම දැන් අපිට පේනවා අර ඉස්සෙල්ලා ඇති වෙච්ච වේදනාවන්, දැන් ඇති වන වේදනාව මගින් නැවතත් පුනපුනා ඒක ස්ථීර කරනවා.
එහෙම නම් අපිට පේනවා, අර සීලබ්බත උපාදානයේ චේතනා, පරාමාස කොටස තියෙනවා නේ, ආන්න එතනින් අත්තා ඉඳන් නිත්‍ය කියන එකට යනවා. එහෙම නම් ඕකේ පසු සඤ්ඤාවේ හැටියට අපිට එනවා දිට්ඨි ආශ්‍රවය කියන එක. එතකොට දිට්ඨි ආශ්‍රවය දැන් බලගතු වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව භව තණ්හාව කියන එක ඇති වෙලා තියෙනවා. වේදනාව ඉක්මවන්න බැරි තත්වයට මනස පත් වෙලා තියෙනවා කියන එක. ඉතින් ඒ අවස්ථාව වෙනකොට මනස මහා පුදුමාකාර විදිහට විශාල වෙලා ඉන්න ස්වභාවය තමන්ට දැනෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.