Date: 14/04/2017 Name: නිබ්බාන

ඒ පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම 02/04/2017 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒ භාවනාවෙදි, මතක ඇති, අපි බැලුවා ඒ රූපයේ “අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති” කියලා. එතකොට ඒ සතිය, සතිපට්ඨානයේ අපි සතිය කියන එක තමයි එතන වැඩෙන්නේ, සති සම්බොජ්ඣඞ්ගය කියන භාවනාවේ,

එතෙන්දි අපි තේරුම් ගත්තා ඒ අභිනන්දනා කළහම, ඒ විදිහට අපිට උපාදානය ඇති වෙනවා කියලා “යා රූපේ නන්දි තදූපදානං” කියලා. ඉතින් ඒ උපාදානය “දිට්ඨි උපාදානය” යි, කියලා අපි සාකච්ඡා කළා. එතකොට ඒ දිට්ඨි උපාදානයේ අපි දන්නවා අර, 40% පාර ඇති වෙනවා. ලකුණු කරලා පෙන්නන්නේ චේතනා ඉඳන් පරාමාසයට. ඒ වගේ ම භය අගති ඉඳන් වේදනාවට.

එතකොට ඒ රූපයට සුඛ යැයි කියලා අපි මතයක් පවරනවා. ඒ රූපය අභිබවා යෑම නොකරන නිසා භවය ඇති වෙනවා. මේකෙන් ජාතිය ඇති වෙනවා. එතකොට එහෙම නම් දැන් අපිට ලෝභ ධර්මයන් නිරූපණය කරන රේඛාව දක්වා අපි ඇවිල්ලා තියෙනවා, චේතනා ජාති දක්වා ඒ තියන රේඛාව. ඉතින් ඒ ජාතිය ඇති වුණා නම් ඉතින් අපි දන්නවා ව්‍යාධි, මරණ, දුක්ඛ, දොමනස්ස, සෝක, පරිදේව ඇති වෙනවා.

ඉතින් ඒක හරියට නිකම්, ඒ වේලාවේ දී, තමන්ට මනසට මතු වෙන්න ඕනෑ. අර ජාතියේ ඉඳන් කවුරු හරි කෙනෙක් torch එකක් ඇල්ලුවා නම්, ජරා, ව්‍යාධි, මරණ. ඒ set එක තමයි එතන ඇති වෙන්නේ කියලා.

එතකොට ඊළඟට අපි ඒ වේදනාව, වේදනානුපස්සනාවේ වේදනාවේ සතුට සොයනවා. පිළිඅරගෙන තබාගෙන ඉන්නවා කියලා ඔය විදිහට බැලුවා. අන්න ඒ අවස්ථාවෙදි අපි කෙටියෙන් කියනවා නම් ඉතින් නන්දිය කියන එක තමයි එතන හොඳට සිහියට ගන්න ඕනෑ. එතකොට අපි දන්නවා ඉතින් ගිද්ධිලෝභය ඉඳන් නන්දිය, නන්දියෙන් වේදනාව, වේදනාවෙන් චේතනාව, චේතනාවෙන් අපි පරාමාසයට එනවා.

එතකොට අන්න ඒ අවස්ථාවෙදි, අපි ඉගෙන ගත්තා මේ සීලබ්බත උපාදානය තමයි උපාදානය හැටියට සලකන්න ඕනෑ කියලා. ඒ නන්දි සහගත ස්වභාවය මගින් දිට්ඨි උපාදානය පෝෂිත කරනවා කියලා අපි ඉගෙන ගත්තා. ඉතින් ඒක පෝෂණය කරනවා නම්, එහෙම නම් අපිට පේනවා, හරියට අර, දැන් මේ කියන්නේ කලින් තිබුණා වූ වේදනාව දැන් අලුත් රූපය භාවිතා කරලත් මට මේක ගන්න පුළුවන් කියලා අර සතුටු වෙනවා. ඒ කියන්නේ එක වැඩක් කරන්න අපි හිතමු, මේ ආයුධයෙනුත් පුළුවන්, මේ ආයුධයෙනුත් පුළුවන්, කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේක පාවිච්චි කරන්නත් පුළුවන් කියලා, එයා සතුටින් එයා කරනවා නේ ද? අන්න ඒ වගේ ඒ කලින් වේදනාව නැවත නැවතත් ගන්නවා කියන එක.

එහෙම නම් අර ඉස්සෙල්ලා torch එකක් ඇල්ලුවා වගේ දැන් තවත් torch එකක් යනවා. මොකක් ද? පරාමාස චේතනා. එතන අත්තා ඉඳන් නිත්‍යයට කියන එකට ගමන් කිරීම කියන එක තියෙනවා. එතකොට ඕක අපි අර 2 වෙනිදා කරපු භාවනාව.

අද බැලුවේ මේ සඤ්ඤා, සංස්කාර ඒ කියන ඒවායේ අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති කියන එක. ඉතින් ඒ සඤ්ඤාව නොඉක්මවීම කියන එක සිදු වන්නේ අත්තා යැයි කියලා ගන්න නිසා. එතකොට මෙන්න මේ අවස්ථාවෙදි අත්තා පථය ඔස්සේ නැවත සඤ්ඤාව සනාථ කරනවා.

s_atta.jpg

අන්න එහෙම නම් හරියට බල්ලා කණුව වටේ කැරකෙනවා වගේ, ආපහු එතනට ම යි එන්නේ. එතකොට ඒ අපි දන්නවා ඒ අත්තා පථය. දිට්ඨි ආශ්‍රවයේ ඉඳන් දිට්ඨි සල්ලයට ගිහිල්ලා එතනින් සඤ්ඤාවට ඇවිල්ලා, සඤ්ඤාවෙන් චේතනාව, චේතනාවෙන් අපි එනවා පල්ලෙහා ආපහු අත්තා, එතනින් එනවා අවිද්‍යා ආශ්‍රවය කියන එකට. එතකොට මේක හොඳට කල්පනා කරන්න ඕනෑ.

දැන් අපිට වුණේ මොකක් ද? අර රූපයේ කතාව ආවා දිට්ඨි උපාදානයත් එක්ක. ඒක නන්දිය විසින් නැවත නැවතත්, අර torch එක ගහනවා වගේ මම කිව්වේ, සනාථ කරමින් ඒකේ ගමන් කරනවා. ඉතින් එතෙන්දි අපි කලින් භාවනාවෙදි පෙන්නුවා, මේ භව තණ්හාව එහෙම ඇති වෙනවා කියලා. දැන් ඉතින් එහෙම නම් මේ ඒ කියන්නේ අපි කැරකෙනවාට කැමතියි. මොකක් හරි එකක් කැරකෙන්නේ නැතිව තියෙනවා. කැරකෙනවා නම් කැමතියි. ඊට පස්සේ කැරකෙනකොට කැරකෙනවා කියලත්, ඒකට අපි කැමති වෙනවා. එතකොට එහෙම නම් මේක දිගට ම ඒ සඤ්ඤාවන් භාවිතා කරලා බල්ලා කණුව වටේ කැරකෙනවා වගේ තියෙනවා.

ඊළඟට අපි සංස්කාර අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති කියලා බලනවා. මෙතනදි අත්තා පථයේ ඉඳන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන පථය දක්වා සියලු පථයන් අඩංගු වෙනවා. ඒ කියන්නේ රූපය නිසා වේදනාවක් වෙනවා ද, වේදනාව නිසා සඤ්ඤාවක් වෙනවා ද, සඤ්ඤාව නිසා සංස්කාරයක් වෙනවා ද, සංස්කාරය නිසා සංස්කාරයක් වෙනවා ද මේ සියල්ල ම මේ පථයට ඇතුළත් වෙනවා.

ඉතින් අපි දන්නවා නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාගේ පථය. ඒ කියන්නේ වේදනාවේ ඉඳන් චේතනාවට ගිහිල්ලා, චේතනාවෙන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, එතනින් පල්ලෙහාට එනවා, අවිද්‍යා ආශ්‍රවය එතනින් එනවා දිට්ඨි ආශ්‍රවයට. ඉතින් ඔය අතර තියෙනවා අර නිත්‍ය කතාවෙන් ඇති වෙන්නා වූ පථය. අර විඤ්ඤාණයේ ඉඳන් ඒ සඤ්ඤාව දක්වා ඇවිල්ලා ඊට පස්සේ ඉතින් එනවා දිට්ඨි ආශ්‍රවයට. ඊට පස්සේ ඉතින් අර සඤ්ඤා පථය ක්‍රියාත්මක වෙනවා.

එතකොට මේක අර ඉස්සෙල්ලා අපි රූපයත් එක්ක කිව්ව එක ම නැවත නැවතත් පේනවා ද, ඒකත් එක්ක වේදනාව, වේදනාවෙන් දැන් අපි සඤ්ඤාව, ඒක අරගෙන නැවත නැවතත් අර torch එක ගහනවා වගේ ඒ කතාව දිගින් දිගට ම සිද්ධ වෙනවා. ඉතින් අර ජාති, ජරා, ව්‍යාධි, මරණය තමයි අපි මේ අභිනන්දනා කරගෙන යන්නේ.

ඒක තමයි මං කරපු භාවනාව.