ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඕගොල්ලන්ට මතකයි අපි ඊයේ සාකච්ඡා කරේ.
“සබ්‌බෙ සඞ්‌ඛාරා අනිච්චාති, යදා පඤ්ඤාය පස්සති. අථ නිබ්බින්දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා,” කියන ගාථාව.
එතකොට ඒ භාවනාව කළහම, අපි දන්නවා ඔය සඤ්ඤා, චේතනාවලින් තමයි ඔය විඤ්ඤාණය සකස් වෙන්නේ කියලා. ඉතින් ඕක මම දැක්කේ හරියට අශ්වයෙක් උඩ මනුස්සයෙක් ඉන්නවා.
එතකොට ඒ මනුස්සයා තමයි සඤ්ඤාව. අශ්වයා තමයි චේතනා. එතකොට ඒ සඤ්ඤා, චේතනාවලින් විඤ්ඤාණය කියන එක. එතකොට මනසිකාරය මගින් තමයි මෙහෙය වන්නේ. ඒ අශ්වයාට ද තම ගමන ගැන, ඉදිරියේ ඇති බාධා ගැන අදහස් තියෙනවා. යන දිසාව සඤ්ඤාව මනසිකාරය මගින් යොමු කරවනවා. සඤ්ඤාවෙන් යන තැන සලකුණු කරලා දැනගන්නවා. අත්තාව පරිස්සම් කරගන්නවා.
වරෙක උඩ මමංකාර, එයා තමයි සඤ්ඤාව. අශ්වයා උඩ මම යැයි අහංකාර සඤ්ඤා තියෙනවා. එතකොට මමංකාරයයි අහංකාරයයි දෙන්නා එකතු වෙලා ඒ අවස්ථාවෙදි. තව වරෙක සඤ්ඤාව, ඒ කියන්නේ මමංකාරය වෙන්ව පවතිනවා. අශ්වයා අහංකාරය වෙනවා.
උදාහරණයක් තමයි ඔය වැලක් හෙම යටින් යනවා නම්, එතකොට අර උඩ ඉන්න මනුස්සයා පාත් වෙනවා. එයාට මේකක් නෑ, අර අශ්වයා තමයි ඒකේ යන්නේ. දෙදෙනා ම දුවනවා. විඤ්ඤාණය මේක වෙන් වෙන් වශයෙන් හෝ එකක් වශයෙන් හෝ පරිසරයත් සමඟ දැන ගැනීම කියන එක තියෙනවා.
ඉතින් ඒකෙන් අනතුරුව මම බැලුවා ඊළඟ ගාථාව.
“සබ්‌බෙ සඞ්‌ඛාරා දුක්ඛාති, යදා පඤ්ඤාය පස්සති. අථ නිබ්බින්දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා”
අපි දන්නවා ඉදංසච්චය පරාමාසගත වෙනකොට, පෙර ගත්තා වූ මුසාව, වරදවා වටහා ගැනීම කියන එක සිදු වෙනවා. සත්‍ය වශයෙන් ම තියෙන්නේ දුක්ඛයක්. එහෙම නම් මෙතෙන්දි මේ පරාමාසයට තමයි අපි කියන්න ඕනෑ, අථ නිබ්බින්දති දුක්ඛෙ කියලා. එතකොට අර සංස්කාර, පල්ලෙහා සංස්කාර කොටස එතන, දුක්ඛාති. යදා පඤ්ඤාය පස්සති, කිව්වම විඤ්ඤාණය. එතකොට පරාමාසයට තමයි අථ නිබ්බින්දති දුක්ඛෙ, කියන්නේ.
ඉතින් ඔය වෙලාවේ, ඕගොල්ලන්ට පේනවා, සඤ්ඤා, පරාමාස, සංස්කාර කියන රේඛාව. එතකොට මෙතෙන්දි යමක් පෙර අත්තා යැයි ගත්තා ද, එය දුක වශයෙන් වටහාගෙන, විරිය මගින් එම අත්තා සඤ්ඤාව ඉවත් කරනවා. සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා. අත්ත පථය මගින් සඤ්ඤාව සනාථ කිරීම කියන එක සිහියේ තියෙන්න ඕනෑ. අපි අර කලින් කරපු භාවනාව.
ඊළඟට බැලුවා, “සබ්‌බෙ ධම්මා අනත්තාතී, යදා පඤ්ඤාය පස්සති, අථ නිබ්බින්දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා” කියන ගාථාව. මේ වෙනකොට අපි සඤ්ඤා සහ සංස්කාර යන දෙක ම දුක වශයෙන් කල්පනා කරලා අවසානයි.
එතකොට, දැන් අපිට පේනවා මේ අවස්ථාවෙදි, අර අපි කිව්වා නේ ඉස්සෙල්ලා අර සඤ්ඤා, පරාමාස, සංස්කාර රේඛාව. එතකොට ඒ සංස්කාරවල තියෙන්නේ දුක්ඛයක්. එතකොට මෙම දුක්ඛ වූ සංස්කාර මගින් සාදන සඤ්ඤාවත් දුකයි. එතකොට මෙන්න මේ අවස්ථාවෙදි, අපි මේ දුක්ඛයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බැලීම කියන එක කළ යුතුයි. ඒ විදිහට වටහා ගන්න ඕනෑ.
එතකොට ඔය අථ නිබ්බින්දති දුක්ඛෙ කියන එක, සුඛය වරදවා වටහා ගැනීම කියන එක පරාමාසයටයි එතැන තියෙන්නේ. එතකොට දැන් මේ අවස්ථාවෙදි අනුලෝම ප්‍රතිලෝම කියන එක තවත් විදිහකට අපිට පේනවා. සඤ්ඤාවත් දුකයි. ඒකෙන් හදන සංස්කාරයත් දුකයි. සංස්කාර මගින් හදන සඤ්ඤාවත් දුකයි. අර පරාමාස රේඛාව හරහා එතන යනවා, සඤ්ඤාවේ ඉඳන් සංස්කාරයට.
මේ විදිහටත් අනුලෝම ප්‍රතිලෝම පේනවා. දැන් වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණය, හැම ධර්මයක් ම දුක වන බැවින් අනත්තා වෙනවා. අන්න මේ වේලාවේ dagger එක පේනවා. ඒ කියන්නේ, අර dagger එකක අල්ලගන්නවා නේ, අර අනින්න දන්නව නේ dagger එක නේ ද, එතකොට අර විඤ්ඤාණය කියන තැන තමයි handle එක තියෙන්නේ. එතනට තමයි අර, පඤ්ඤාය පස්සති, කිව්වේ.
එතකොට අර dagger එකේ තියෙනවා නේ මෙහෙම කෑල්ලක්, සඤ්ඤාව තියෙන තැන අනත්තා, සංස්කාරය තියෙන තැනත් අනත්තා, එතකොට උඩ විඤ්ඤාණයටත් අනත්තා. මෙතන තියෙන්නේ මැද්දේ cross වෙන තැන පරාමාසය. අන්න ඒක දුකයි. ඊළඟට ඒක දික් කළා ම blade එක වගේ තියෙන්නේ ඒකත් යන්නේ ජාතියට. එතන දුකයි. එතකොට එහෙම නම් අපිට පේනවා මේ dagger එක වාගේ, මේ ධර්ම තුළ තුන් පැත්තෙම අනත්තා කියන එක තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.