Date: 17/04/2017 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි බැලුවේ, දුක්ඛ table එකේ, 2 වෙනි slide එක. ඒකේ මතකයි ඕගොල්ලන්ට මහානිදාන සූත්‍රයේ කොටසක් කියනවා අපි, “ආනන්දය, මෙසේ වේදනාව ප්‍රත්‍ය කොට, තණ්හාව ඇති වෙයි. තණ්හාව ප්‍රත්‍ය කොටගෙන, රූපාදිය අරමුණු සෙවීම ඇති වෙන්නේ ය. සෙවීම ඇති කල්හි රූපාදිය අරමුණු ලැබීම වේ. රූපාදිය අරමුණු ලැබීම ඇති කල්හි, හොඳ නරක විනිශ්චය කරයි. විනිශ්චය ඇති කල්හි, ඡන්දරාගය උපදී. ඡන්දරාගය ඇති කල්හි මම ය, මාගේ ය යන අදහස උපදී,” කියලා.

එතකොට මෙතන මේ වේදනා ප්‍රත්‍යයෙන් ඇති වෙන තණ්හාව, කාම තණ්හාවයි කියලා ඒකේ වැටහුණා. ඕගොල්ලන්ට මතකයි සමාධිභාවනා සූත්‍රයේ අපි රූප, “අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති” කිව්වාහම, එතන ඒ නන්දියෙන් උපාදාන වෙනකොට අපි කතා කළා, ඒ උපාදානය කියලා කියන්නේ දිට්ඨි උපාදානයයි කියලා.

එතකොට එහෙම නම් අපිට අර diagram එකේ එනවා ඒ චේතනා ඉඳන් පරාමාසයට, දිට්ඨි අනුසය පාර. එතන දිට්ඨි උපාදානය කොටස තියෙන්නේ. එතකොට එහෙම නම්, ඒ දිට්ඨි අනුසය පාරෙන් ඇඟිල්ල දික් කරලා රූපයට යනවා. ඕක නේ අර 1 වෙනි, 2 වෙනි slide එකේ තියෙන්නේ. එතකොට එහෙම නම් රූප සෙවීම එමගින් ලැබීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් ඒක ලැබුණයින් පස්සේ, අපිට ඡන්දරාගය වීම කියන, එක සිද්ධ වෙනවා. ඒක තමයි ඒ සූත්‍රයේ තියෙන්නේ.

ඡන්දරාගය කිව්වම අපි දන්නවා, රූපයයි ගිද්ධිලෝභයයි අතර ඡන්දය, ගිද්ධිලෝභයයි පල්ලෙහා ජාතියයි අතර රාගය. එතකොට උඩ අපි පෙන්නුවා, ඒකේ construction කියන එක. ඒ රූප, වේදනා, ගිද්ධිලෝභ කතාවේ ඡන්ද කොටසින්. ඊළඟට රාග කොටසින් maintenance කියන එක ගිද්ධිලෝභ, වේදනා, ජාති.

එතකොට දැන් එතනින් අපි එනවා 3 වෙනි slide එකට. ඒ දිට්ඨි උපාදානය වීමෙන් පස්සේ, සීලබ්බත උපාදානය වෙනවා. එතකොට ඒ සීලබ්බත උපාදානය ඕගොල්ලන් දන්නවා අර, මතකයි අපි බැලුවා අර නන්දිය. ඊළඟට ආපහු අර වේදනා චේතනා පරාමාස. එතනින් චේතනා පරාමාස ඉඳන් අපි torch එක ඇල්ලුවා වගේ අර නිත්‍ය කියන කතාවට යනවා කියලා.

ඉතින් ඔය slide 3 එකේ ඕගොල්ලන්ට මතකයි, අර විඤ්ඤාණ ධාරාව reverse වෙලා ඇවිල්ලා, එතන අපි පෙන්නුවා 5.5 අත්තා හැදෙන එක. එතකොට ඒකේ ඒ මැද්දේ column එකෙන් වම් පැත්තේ තියෙන්නේ චේතනාව. දකුණු පැත්තේ තියෙන්නේ විඤ්ඤාණය. ඕකට යටින් අපි ලියාගත්තා සීලබ්බත පරාමාසයයි කියලා.

එතකොට සීලබ්බත පරාමාසය, විඤ්ඤාණය තුළ බැසගෙන තියෙනවා, බැසගෙන ඇත. ලැබුණා වූ රූපය නිසා ඇති වූ වේදනාව, නැවත නැවතත් උපදවා නිත්‍යභාවයට පත් කරගෙන ඇත. මෙහි දී සුඛ යන මතය පරාමාසය තුළට කාවදින්නේ, සීලබ්බත පරාමාස වීම නිත්‍ය යන සංකල්පය වීමෙන් අනතුරුව ඇති වෙනවා. සීලබ්බත පරාමාස වෙන්නේ සීලබ්බත උපාදානයෙන් ඇවිල්ලා අපි අන්තිමට ඒ නිත්‍ය කියන සංකල්පය වීමෙන්.

දැන් නිත්‍ය කියන සංකල්පය ආවේ. අපි කීවා නේ torch එක අල්ලනවා වාගෙ අත්ත ඉඳන් නිත්‍යයට. එතකොට ඒකෙන් තමයි මේ සීලබ්බත පරාමාසය කියන එකේ අර්ථ දැක්වීම එන්නේ.

එතකොට ඊට පස්සේ slide එක 4යි, 5යි, බැලුවා. එතනදි 4 වෙනි slide එකේ තියෙන්නේ, අර නන්දි අගය කියන එක පරාමාසගත වෙන එක. ඔය අවස්ථාවෙදි මේ නන්දි අගය වේදනාව ඉක්මවලා පැමිණිලා තියෙනවා. දැන් අපි දැක්කා රූපය, රූපය නිසා ඇති වුණා වූ වේදනාව. එතකොට නන්දි කතාවෙදි මතක ද අපි කිව්වා, එතන අත්තා ඉඳන් නිත්‍යයට torch එක අල්ලලා වාගෙ යනවා කියලා. පෙර වෙච්ච වේදනාව දැන් අලුත් රූපයෙනුත් ලැබෙනවා කියලා.

දැන් මෙතනදි මේ නන්දි අගය වේදනාව ඉක්මවා පැමිණෙනවා කිව්වම, පොඩ්ඩක් හිතන්න බලන්න නිකම් අර “දොළදුක” කියන්නේ නේ ද, පෙළක් අයගේ, අන්න ඒ වාගේ අර urges තියෙන්නේ, අන්න ඒ විදිහට වේදනාවෙන් මෙහා පැත්තට දැන් පැනලා ඒක තියෙන්නේ.

එතකොට ඒ නන්දිය පරාමාස වෙනකොට නිත්‍යභාවය අඩු වී ඇතත්, සුඛය නිසා වන ධර්ම කොටස් මගින් සීලබ්බත පරාමාසය පෝෂණය කරනු ලබනවා. ඒ සුඛය නිසා වන ධර්ම කොටස්වලට, හිතන්න උදාහරණයට චේතනාව කියන එක.

එතකොට මේක මගින් දිට්ඨි අනුසය ප්‍රබල වන අතර, දිට්ඨි උපාදානය පෙරටත් වඩා ගාම්භීර වෙනවා. Strong වෙනවා. එතකොට මේ අවස්ථාවෙදි ඔය පේනවා, මේ අත්තවාද උපාදානයේ පැත්තේ ඒ line එකට එන්නේ, සෝකයට ඇවිල්ලා ඒ සෝකයෙන්, අපි ආපහු වේදනාවෙන් අර square එකක් හැදෙන්නේ. මතක ද? වේදනාවෙන් නාමරූප, නාමරූපයෙන් පරාමාස, පරාමාසයෙන් සෝකය, සෝකයෙන් ආපහු වේදනාව. චේතනාවෙන් glue කරන එක. අන්න ඒක තමයි අර ඒ වෙලාවේ පොඩ්ඩක් අර “දොළදුක” වාගේ ඒ කතාවත් එක්ක ඒක හිතන්න ඕනෑ.

එතකොට දැන් මේ දිට්ඨි උපාදානය පෙරටත් වඩා මේක strong වුණා ම, මේක හොඳට පැහැදිලි වෙනවා අර slide 5 වල දී. ඒකෙදි මනා කොට වැටහෙනවා. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨියට මමංකාරය එකතු වෙලා, අහංකාරය කියන එක ඇති වෙනවා. එතකොට මමංකාරය, අර නාමරූප, ඒ කියන්නේ චේතනා අගයෝ කියන එක තියෙනවා. එතකොට දැන් අර දිට්ඨි උපාදානය දැන් බොහොම strong වුණා.

අන්න ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

DukkaChakraya/DukkaChakraya-02.jpg


DukkaChakraya/DukkaChakraya-03.jpg


DukkaChakraya/DukkaChakraya-04.jpg


DukkaChakraya/DukkaChakraya-05.jpg