Date: 18/04/2017 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඕගොල්ලන්ට මතකයි, අපි ඊයේ භාවනාවෙදි බැලුවා, අර නන්දි අගය වේදනාව ඉක්මවලා ගිහිල්ලා, පැමිණිලා තියෙනවා. ඒ සුඛය නිසා වන ධර්ම කොටස් මගින් සීලබ්බත පරාමාසය පෝෂණය කරනවා කියලා. දිට්ඨි අනුසය ප්‍රබල වෙලා, දිට්ඨි උපාදානය පෙරටත් වඩා ගාම්භීර වෙනවා කියලා කිව්වා.

ඔය අවස්ථාවෙදි අපි පෙන්වා දුන්නා අර දොළදුක කියන එක. එතකොට මේ දොළදුක සිහි කිරීම මගින් ඒ නන්දි අගය වේදනාව ඉක්මවා පැමිණීම වටහා ගැනීමට උදව් උපකාර වෙනවා දෙදෙනෙකුට, ඒ කියන්නේ මව සහ දරුවා පැවැත්වීම සඳහා කෑම ඉල්ලනවා. ආහාරයෙන් වන සුඛය ද, මැරී ඉපදීමට ඇති කැමැත්ත ද, එසේ පැවැතීමට ඇති කැමැත්ත ද, යන කාරණා තුන ම ඉල්පී පවතිනවා.

ඕක ගැඹුරට බැලුවොත්, දැන් ඒ පුද්ගලයා, අපේ කැමැත්ත ඇති වෙලා තියෙන්නේ, එහෙම නම් අපි ජාතියට කැමතියි, ඊළඟට මේ ආහාර ආදී වශයෙන් ඇවිල්ලා ඒක නිසා, අන්තිමට නන්දිය නිසා මැරිලා ඉපදෙන්නත් කැමතියි. එතකොට එහෙම නම් දෙකට ම කැමතියි. ඒ කියන්නේ ජාතියටත් කැමතියි, මරණයටත් කැමතියි. මැරිලා ඉපදෙන්නත් කැමතියි.

එතකොට එහෙම නම් අපිට පේනවා මේ පල්ලෙහා line එකේ base එක, ජාති, ජරා, ව්‍යාධි, මරණ. මරණයටත් අපි කැමතියි මැරිලා ඉපදෙන්නත් ආපහු කැමතියි. එහෙම නම්, මේ ක්‍රියාවලියට ම අපි කැමතියි, කියන එක තියෙනවා.

එහෙම නම් මේකේ තියෙනවා, ඕගොල්ලො දැක්කා අර සක්කාය දිට්ඨි දුක්ඛ table එකේ ජාති, ජරා, ව්‍යාධි, මරණ මේ පැත්තට යනකොට 4.4, 5.4, එහෙම උඩින් එන්නේ අනිත් පැත්තට. එතකොට, ඒ කියන්නේ අපි රූපය කරා එනවා කියන එක.

ඉතින් මේ අවස්ථාවෙදි අර අශ්වයාගෙයි, අර මනුස්සයගෙයි කතාවෙදි අපි පෙන්නුවා, පරාමාසය උඩ නේ ඒ මනුස්සයා හිටගෙන ඉන්නේ, අශ්වයා උඩ. එතකොට සඤ්ඤා, චේතනා එකතු වෙලා අහංකාරය සහ මමංකාරය අතර වෙනස සොයා ගැනීමට නොහැකි වන තරමට ඒක blend වෙලා තියෙනවා.

ඒ දිට්ඨි උපාදානය strong වුණා කියලා. එතකොට ඊට පස්සේ අපිට පේනවා, ඔය ඊයේ භාවනාවේ අර්ථයෙන්, රවුම් 5, 6, 7 දක්වා සීලබ්බත පරාමාසය ම, එක් එක් උපාදානය මගින් පෝෂණය කරන බව පැහැදිලි වෙනවා.

අපි පටන් ගන්නේ අත්තවාද උපාදානයෙන්. අර සුභයි කියලා කියන අවස්ථාව මතු කරලා දෙන්නේ, ඒක මගින්. ඉන් අනතුරුව, කාම තණ්හා. ඊට පස්සේ දිට්ඨි උපාදානය, එතනින් පස්සේ සීලබ්බත උපාදානය. ඊට පස්සේ දිට්ඨි උපාදානය strong වීම කියන එක සිද්ධ උණා. හත් වෙනි රවුම දක්වා ම, සීලබ්බත පරාමාසය significant වෙලා පවතිනවා.

සීලබ්බත උපාදානයට අනතුරුව කාම උපාදානය ඇති වෙනවා. අපි දන්නවා, අත්තවාද උපාදානයෙන් කාම උපාදානය, ඒකෙන් දිට්ඨිය, දිට්ඨියෙන් සීලය. ඊට පස්සේ සීලයෙන් යන්නේ ආපහු සීලබ්බත උපාදානයෙන් අපි යන්නේ කාම උපාදානයට.

එතකොට මේ අට වෙනි රවුමේ, හරියට ම කියනවා නම් 8.2, දිට්ඨි අනුසයේ බලපෑම සහිතව, ඒ කාම උපාදානය දැඩි වෙනවා. සංසාරයෙන් ගැලවීමක් නැතිව, රූපය කරා නැවත එළඹෙනවා. මෙසේ ජාතිය සාදා ගැනීම සිද්ධ වෙනවා.

ඉතින් ඔතනදි මතක තියාගන්න ඕනෑ අර, ඕගොල්ලන්ට මතකයි කාම උපාදානය අපි ලකුණු කරනවා අර රූප, ස්පර්ශ, වේදනා, ගිද්ධිලෝභ, රූප. ඒකේ වේදනාවයි ගිද්ධිලෝභයයි, ගිද්ධිලෝභය රූපයයි අතර, ඒ දෙක තමයි කාම උපාදානයට වැටෙන්නේ. ලකුණු කරන තැන ගිද්ධිලෝභයයි වේදනාවයි, ගිද්ධිලෝභය රූපයයි අතර. මැද්දේ තියෙන්නේ ස්පර්ශය, එතකොට අපි ස්පර්ශයත් එක්ක නේ align වෙන්නේ ඔය අවස්ථාව වෙනකොට, මේ පැත්තට ඇවිල්ලා.

එතකොට අර සක්කාය දිට්ඨි table එකේ, ඒක පේනවා. දෙපැත්තට තියෙන්නේ ගිද්ධිලෝභය වටේ තියෙන කෑලි දෙක. මේක නිසා තමයි, මේ හැම සත්වයාට ම මේක සාධාරණයි. මේක නිසා තමයි තථාගතයන් වහන්සේ, “උපධිනිදානා පභවන්ති දුක්ඛා” කියලා කියන්නේ. මේ ද්වයතානුපස්සනා සූත්‍රයේ තියෙනවා.

“උපධිනිදානා පභවන්ති දුක්ඛා, යෙ කෙචි ලොකස්මිං අනෙකරූපා. යො චෙ අවිද්‍යා උපධින් කරොති, පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො, තස්මා පජානං උපධින් න කයිරා, දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සීති” කියලා. ද්වයතානුපස්සනා සූත්‍රය, 731 ගාථාව.

ඒක ඔය ඉංග්‍රීසියෙන් කියනවා නම්, “the manyfold stresses, දුක්ඛයට දාල තියෙන්නේ stresses කියලා, that come into play in the world, come from acquisition as their cause. ඒ කියන්නේ උපධිය. Anyone not knowing this creates acquisitions. The fool, he comes to stress again and again. Therefore, discerning this you shouldn’t create acquisitions as you contemplate birth as what brings stress into play.

ඒ කියන්නේ අපි දන්නවා උපධි කියලා, දස උපධි කියලා කියනවා. මේකෙ පෙන්නන්නේ මේ ලෝකයේ ඇති දුක්ඛය ඇති වෙන්නේ උපධි නිසායි. මේ නොදන්නා අය උපධි ඇති කරගන්නවා. ප්‍රඥාව අඩු, ඒ කියන්නේ දුප්පඤ්ඤ පුද්ගලයා, නැවත නැවතත් දුකට පත් වෙනවා. ජාති දුක්ඛය උපධි මගින් ඇති වෙන බව දැන, උපධි ජනනය නොකළ යුතුයි. දැන් අපි ආවේ අර රූපයට නේ, ඇවිල්ලා ආපහු ඒකේ ජාතිය හදා ගන්නවා. ඒක දැකලා තමයි බුදුහාමුදුරුවෝ ඒ ගාථාව කියලා තියෙන්නේ.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

DukkaChakraya/DukkaChakraya-07.jpg