ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. එතකොට ඒ භාවනාවේ ඕගොල්ලන්ට මතකයි, අර දොළදුක ආදී වශයෙන් අපි ඒවා බැලුවා. අර රවුම් 5, 6, 7 ඒ ටික බලලා ඊට අනතුරුව, අර රූපය නිසා ඇති වන බලපෑම ඉවත් කිරීමට, මොකද අපි කාම උපාදානය ආපහු රූපයට යනවා. එය ඉවත් කිරීමට අලෝභ භාවනාව කරගෙන ගියා.
ඒකෙදි විශේෂයෙන් ම මනස යොමු වුණේ කාමෙසනා ප්‍රහාණයට. යම් ධ්‍යාන තලයක ඉපිද වාසය කිරීමට ඇති ආසාව පහ කිරීම. එමගින් යම් ධ්‍යාන තලයක ඉපදීමට තුඩු දුන්නා වූ යම් සියුම් වූ හෝ රූපයක් වේ ද, එය ඉවත් කළ යුතුයි.
මින් අනතුරුව අවධානය යොමු උණේ, ප්‍රඥා ස්කන්ධයට. බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ වුණා ම ප්‍රඥා ස්කන්ධය පරිපූර්ණ වෙනවා කියලා අපි දන්නවා. එතකොට ඒකේ කාරණා 4ක් තියෙනවා.
පළවෙනි කාරණය, නසන ලද ආශ්‍රවයන් නිසා වන ප්‍රඥාව, අන්න එතන්ට එන්න ඕනෑ දැන් අපි ටිකකට ඉස්සෙල්ලා කිව්වේ, ඒ යම් ධ්‍යාන තලයක ඉපිද වාසය කිරීමට ඇති ආසාව පහ කිරීම, එමගින් යම් ධ්‍යාන තලයක ඉපදීමට තුඩු දුන්නා වූ යම් සියුම් වූ හෝ රූපයක් වේ ද එය ඉවත් කරන්න ඕනෑ කියලා. ධ්‍යාන ඉවත් කිරීම විතරක් නොවෙයි. ධ්‍යාන තලයට යන්න තුඩු දුන්නා වූ රූපය. දැන් ඕගොල්ලො මෙතන ඉඳලා භාවනා කරන්නේ මේ රූපයක් තියෙන නිසා. එතකොට ඒකට තියෙන එක අයින් කරන්න ඕනෑ.
ඊළඟට ආශ්‍රව නැසීමේ ඥානය, ආශ්‍රවක්ෂය ඥානය. අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව නොවීම. ඊළඟට උත්පත්තිය කෙළවර වූ බව දත් ඥානය, භවගාමී අකුසලය පහ කරනවා. බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය. අස්මිති මානය පහ කිරීම මගින් මේක ඇති වෙනවා.
එතකොට මේක සඳහා අපි ඉගෙන ගත්තා, මේ දුක්ඛ table එක බලන්න ඕනෑ කියලා. අනිත්‍ය නම්, දුක නම්, විපරිණාමයට පත්වෙනවා නම් මගේ යැයි ගන්නා වටිනවා ද? මගේ යැයි ගන්න නොවටින්නේ නම් නන්දි වීම වටින්නේ ද? නන්දි වීම නොවටින්නේ නම් දුක වන්නේ ද සුඛ වන්නේ ද?
අන්න ඒ වෙලාවෙදි කල්පනා කරන්න ඕනෑ නන්දිය පරාමාස වන අවස්ථාවෙදි වටහා ගත්, පුනපුනා ඉපදීමත් මිය යෑමත් සුඛ නොවේ. එසේ නම් නන්දි වීම නොවටියි. මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයන් පරාමාසගත වන්නේ, සීලබ්බත පරාමාසයත්, අර දුක්ඛ table එකේ පළවෙනි column එකත් සම්පූර්ණයෙන් පහ කර ඒ ආශ්‍රවයන් නැසිය හැකියි.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්