ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
එතකොට මම පටන් ගත්තා අර අමෝහ කුසල මූලයේ “නිබ්බානං රතනංති කරිත්වා අච්ඡරියභාවෙන අතුලං. තත්ථ කුසලස්ස ච අභිසම්භවා ජානනා පස්සනා, අයං අමොහො” කියලා.
එතකොට ඉතින් අපි බැලුවා, ඉතින් මේ මනුස්සයෙක් මැණික් ගරනවා. සංස්කාරයක් කරනවා. මේක, තව එක්කෙනක් මැණික් ගරලා එයා ගත්තා වූ මැණික් ගලක් එක්ක සසඳලා බලනවා. තුලනය කරනවා. එතකොට මෙයාට පේනවා සංස්කාරයන් නොකිරීම ම තමයි හොඳ කියන එක.
ඉතින් අපි මොකක් හරි එකක් අභිනන්දනා කළා නම්, ඒකෙන් ම ඒ පුද්ගලයාගේ සිත මැඩගෙන තියෙනවා. එතකොට ඒක නිසා ඔය නිබ්බානං රතනංති කියන එක කෙනෙකුට කරන්න වෙන්නේ නෑ.
ඉතින් එහෙම නම් අපි මේ රූපයක් අභිනන්දනා කළා නම් ඒකෙන් ඒ විදිහට සිත මැඩගැනීම කියන එක තියෙනවා. එහෙම නම් ඉතින් ඒ රූපය “නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති” කියලා ගන්න ඕනෑ. ඔය විදිහට ඉතින් වේදනාව, සඤ්ඤාව, සංස්කාරය, විඤ්ඤාණය මේවා අභිනන්දනා කරනවා නම් අර බාධාව, ඒ විදිහට පේනවා.
එහෙම නම් අපිට ඔතෙන්දි එනවා. ඔය, “සබ්‌බෙ ධම්මා අනත්තාතී, යදා පඤ්ඤාය පස්සති. අථ නිබ්බින්දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා,” කියන ගාථාව. Dagger එක. එතකොට ඒ dagger එකේ අපි එහෙම නම් අභිනන්දනා කරන්නේ මෙනවා ද? මේ අනත්ත වූ සංස්කාරයන්, අනත්ත වූ සඤ්ඤාවන්, අනත්ත වූ විඤ්ඤාණයන්. ඒකෙන් හැදෙන්නේ අර දුක්ඛය. අර ජාතියේ ඉඳන් පරාමාසය දක්වා ඒ blade එක.
එතකොට එහෙම නම් අපි මේ අනත්ත වූ දේ අභිනන්දනා කරලා අපි හදා ගන්නේ දුක්ඛයක්. එහෙම නම් ඉතින් අපි ජාතියක් තමයි අභිනන්දනා කරන්නේ. අපි දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ අපි නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති කියලා ගන්නවා නම්, එහෙම නම් අපි අර ජාතිය අභිනන්දනා කරන්නේ නෑ. ඒ පරාමාසය දක්වා ම ඒ දේවල් අභිනන්දනා කරන්නේ නෑ. ඉතින් එතනදි, එහෙම නම් ජරා, මරණ අභිනන්දනා කරන්නේ නෑ.
ජරා, මරණ අභිනන්දනා කරන්නේ නැත්නම්, ඉතින් ඒ පුද්ගලයා දුක්ඛය ම නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති කියන එක එනවා. නිරෝධය කරා ගමන් කිරීම කියන එක. ඒ ඔය ජාතිය අභිනන්දනා කරන්නේ නැත්නම් ඉතින්, ඒ දුක්ඛය අභිනන්දනා නොකරන එක, කාශ්‍යප බුදුහාමුදුරුවෝ මෙතන දේශනා කරලා තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.