Date: 13/05/2017 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ දී ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා ය කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා, ඉතින් ඕගොල්ලන්ට මතකයි අර, ඒකෙදි පෙන්නුවා

“සබ්‌බෙ සඞ්‌ඛාරා අනිච්චාති, යදා ප්‍රඥාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛො, එස මග්ගො විසුද්ධියා” කියලා අපි ගාථා 3ක් කීවා.

ඊට පසුව අන්තිමට පෙන්නුවා අනත්තා කියන එකට එනකොට බාහිර වූ අන්‍ය වූ සංස්කාර මගින් සාදන්නා වූ සියලු ජාතීන් දුක වශයෙන් දැන උපධීන් අතහරිනවා කියලා, එතන දී ගාථාවක් ඉගෙන ගත්තා “උපධි නිධානා පභවන්ති දුක්ඛා” කියලා ගාථාව.

ගුහට්ඨක සූත්‍ර නිද්දේසයේ ගාථාවක් තියෙනවා පිටුව 33 හරියේ බැලුවම පේනවා.

“සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා”

කියලා. එතකොට ඒකෙ තේරුම තමයි “යම්කිසි මනුෂ්‍යයෙක් ගුහා සංඛ්‍යාත ශරීරයේ ඇලුණේ, බොහෝ රාගාදී කෙලෙසුන් විසින් පැසුණේ, රාගාදී වශයෙන් සිටුණේ, මෝහන සංඛ්‍යාත පස්කම් ගුණයෙහි දැඩිව බැසගන්නේ වේ ද, එබඳු සත්ව තෙමේ ත්‍රිවිධ විවේකයෙන් ම දුරු වෙයි දුර ම වේ. යම් හෙයකින් සත්ව ලොවේ කාමයෝ සුවයෙන් නොහළහැක්කා වූ ද එහෙයිනි.”

ඉතින් මේ ගාථාව පැහැදිලි කරනවා ගුහා කීවා ම කයට තියන අධිවචනයක් ගුහා කියන්නේ. වම්මිකය කියන්නේ ගුහාවක්, මතක ද වම්මික සූත්‍රයේ බැලුවම ගුහාවක් කියන එක.

එතකොට ප්‍රතිසන්ධියට නිවාස ගෘහ වන හෙයින් කුටි කියලා පවසනවා. අධිවචන තමයි මේ පෙන්නන්නෙ, එතකොට

ඊළඟට මේකේ පෙන්නනවා, රාධ හාමුදුරුවන්ට කියපු එකක්. ඒ “රූපයේ යම්කිසි ඡන්දයක්, නන්දියක්, රාගයක්, තෘෂ්ණාවක්, තෘෂ්ණා දිට්ඨි උපායාසයන් දැඩි කොට ගන්නා ලද අකුසල චිත්තයට ස්ථාන වූ අභිනිවේස වූ අනුසය කෙනෙක් ඇති ද, එහි ඇලුණේ වෙසෙසින් ම ඇලුණේ එහෙයින් සත්ව” කියලා. එහෙම නම් හාලිද්දිකානි සූත්‍රයේ අපි මුලින් ම ඉගෙන ගන්නේ ඕක ය කියලා නේ ද, ඒ විස්තරය එතන තියෙන්නේ. ඒ ඇලුණ නිසා තමයි සත්ව කියන්නේ.

එතකොට “සත්තො ගුහායං බහුනාභිඡන්නො” කියලා කීවේ, බොහෝ කෙලෙසුන් විසින් වැසුණ, ඡන්න කියන්නේ වැසුණ කියන එක. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රෝධයෙන් උපනාහයෙන් ඔය විදිහට වැසුණා කියන එක.

ඊළඟට “තිට්ඨං නරො” කියන්නේ නර, සත්ව තෙමේ. “මොහනස්මිං පගාළ්හො” කියන්නේ සිටුණේ. රාග වශයෙන් රත් වූයේ සිටී. ද්වේෂ වශයෙන් දුෂ්ට වී සිටී, මෝහ වශයෙන් මූඪ වූයේ සිටී. මාන වශයෙන් නානාලම්බනයේ බැඳී සිටී. දිට්ඨි වශයෙන් පරාමාස වී සිටී කියලා. මෝහන කියන්නේ පංචකාම ගුණයන්.

ඊළඟට පෙන්නනවා. “දූරේ විවෙකා හි තථාවිධො සො” විවේකය කියලා කීවා ම විවේකයන් තුනක් තියෙනවා. ඒකෙ පෙන්නනවා, කාය විවේකය, චිත්ත විවේකය, උපධි විවේකය කියලා.

කාය විවේකය කවරේ ද යත්. මේ සස්නේ මහණ තෙමේ ආරණ්‍ය මූල, රුක්ඛ මූල වගේ ඒ වගේ තැන ඇසුරු කරනවා. ජන ශූන්‍ය සේනාසන තමයි ඇසුරු කරන්නේ. කයෙන් ද එකලාව ඉන්නවා කියලා. ඒ කියන්නේ ගමට පිඬු සිඟා යනවා තනිව ම තමයි එන්නේ. තනිව ම තමයි ජීවත් වෙන්නේ, එකලාව සක්මන්ව සිටිනවා කියලා, සක්මන් කරනකොට අපි දුක නිසා නේ සක්මන් කරන්නේ. නේ ද? එතකොට දුක්ඛය කියන එක. අපි දන්නවා දෙදෙනෙක් ඉන්නවා නම් කතා කරනවා නේ. එතකොට අර විවේකය නැහැ නේ. සක්මන් කරනකොට අපි දුකයි කියන එකයි බලන්නේ. එහෙම නම් අර “සබ්‌බෙ සඞ්‌ඛාරා දුක්ඛන්තී” කියන කතාවට එතන එනවා.

ඊළඟට පෙන්නනවා. චිත්ත විවේකය කවරේ ද යත්. පළමු ධ්‍යානයට ගිය පුද්ගලයාගේ සිත නීවරණයන්ගෙන් වෙන් වෙනවා. ඊළඟට දෙවැනි ධ්‍යානයට සමවැදිච්ච එක්කෙනාගෙ සිත විතක්ක විචාරයන්ගෙන් වෙන් වෙනවා. තුන් වෙනි ධ්‍යානයට සමවැදී සිටි පුද්ගලයාගේ සිත ප්‍රීතියෙන් වෙන් වෙනවා. හතර වෙනි ධ්‍යානයට සමවැදුණ කෙනා සුඛ දුක දෙකෙන් ම වෙන් වෙනවා. ඊළඟට ආකාසානඤ්චායතනයට සමවැදුණ පුද්ගලයාගේ සිත රූප සඤ්ඤා, පටිඝ සඤ්ඤා, නානත්ත සඤ්ඤා කියන ඒවායින් වෙන් වෙනවා. විඤ්ඤාණඤ්චායතනයට ගිය පුද්ගලයා ආකාසානඤ්චායතනයෙන් වෙන් වෙනවා. මේ විදිහට දිගට ම බලාගෙන යනවා.

ඊළඟට පෙන්නනවා උපධි විවේකය කවරේ ද කියලා. එතන දී පෙන්නනවා ක්ලේශයන්, ස්කන්ධයන්, අභිසඞ්ඛාරයන් උපධින් කියලා. අභිසඞ්ඛාරා කීවා ම සංස්කාර පැවැත්වීමට ඇති කැමැත්ත. එතකොට එතන පෙන්නනවා සංස්කාරයන්ගේ සංසිඳීමක් තියනවද, තෘෂ්ණාවේ ක්ෂය කිරීමක් තියනවද, විරාගයක්, නිරෝධයක්, නිර්වාණයක් තියනවද එය අමෘත වූ නිර්වාණය ම උපධි විවේකයයි කියලා කියනවා.

ඒ කියන්නේ උපධි රහිත විසංඛාරගත වූ. ඒ කියන්නේ නිවනට පැමිණි පුද්ගලයාට උපධි විවේකය තියෙනවා කියලා. එතකොට දැන් මේක දැන් සම්බන්ධ කරන්නට අපි බලපු ගාථාවට. ඒ ගාථාව මොකක් ද “සබ්‌බෙ ධම්මා අනත්තාතී” කීවා නේ. එතන දී අපි dagger එක පෙන්නුව නේ ඊයේ. එතකොට ඒ කිනිස්ස කියන එක. ඒක එහෙම නම් මේ සංස්කාර කියන තැනට දාගන්න කාය විවේකය කියන එක. එතන අනත්තා නේ. ඊට පසු සඤ්ඤා කියන තැනට එතනත් අනත්තා. ඒකට දාගන්න චිත්ත විවේකය කියන එක. ඊළඟට විඤ්ඤාණය කියන තැනට උපධි විවේකය වැටෙන්නේ.

ඊළඟට ජාතිය කියන තැන ගුහාව. ඒක තමයි ගුහාව. එතනින් නේ පටන් ගත්තේ. ගුහා නොවන්නේ නම් උපධි විවේකය වන්නේ ය.

මේක තමයි භාවනාවේ තියෙන්නේ. මේකේ අවසානයට තියන එකේ පෙන්වන්නේ. යම් හෙයකින් කාමයෝ ලොවේ දුක සේ ප්‍රහීණ කළ යුත්තා ද, දුක සේ හල යුත්තා ද, දුක සේ පරිත්‍යාග කළ යුත්තා ද, දුක සේ මිදිය යුත්තා ද අන්න එතන පෙන්නනවා “කාමා හි ලොකෙ න හි සුප්පහායා.” කියලා කියන්නේ සුඛෙන් නෙමෙයි දුකෙන් අයින් කරන්නේ කියන එක තියෙන්නේ.

ඒක තමයි මං කරපු භාවනාව බොහොම හොඳ භාවනාවක්.