උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. සිහි කරලා මම ඊයේ බලපු ගාථාව ආපහු සිහි කළා.
“සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.” කියන ගාථාව.
එතකොට ඒකෙ අපි ඉගෙන ගත්තා ගුහා කීවා ම මේ කයට අධිවචනයක් කියලා. වම්මිකය ආදී වශයෙන්. ප්‍රතිසන්ධියට නිවාස වන නිසා ගෘහයක් කියලා ආදී වශයෙන්.
එතකොට සත්වයා කියලා කියන්නේ ඡන්දය, රාගය, නන්දිය, අධිෂ්ඨාන, අභිනිවේස, අනුසය ඒවායේ ඇලුණ කෙනාට තමයි සත්වයා කියලා කියන්නේ. එතකොට අපිට පේනවා මෙම ශරීරය ගුහාව අල්ලාගෙන අපි ඉන්නවා කියන එක.
එතකොට ඊට පස්සේ අපිට පෙන්නනවා “තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො” කීවා ම තිට්ඨං කිව්වම අල්ලාගෙන ඉන්නවා. ස්ථිතියක් අල්ලාගෙන ඉඳීමක් කියන එක තියෙනවා. ඒ කියන්නේ මේ සත්ව තෙමේ සිටුණේ.
අපි රාග වශයෙන් ඉන්නවා කීවා. එතකොට රාග වශයෙන් රත් වෙලා ඉන්නවා. ද්වේෂ වශයෙන් දුෂ්ට වෙලා ඉන්නවා. මෝහ වශයෙන් මූට වෙලා ඉන්නවා.
ඊළඟට ආපහු පෙන්නනවා මාන වශයෙන් නානා ලම්බනයෙන් බැඳී ඉන්නවා කියලා. දැන් බලන්න අපි ඔය හොඳ ලස්සන ඇල්ලක් එහෙම දැකලා අනෙක් අයට කියනවා මම trip එකක් ගිහිල්ලා මෙහෙම දිය ඇල්ලක් දැක්කා කියලා. අර මනුෂ්‍යයා දැකලා නැත. එයාට විස්තර කරලා කියනවා. ලස්සන පුද්ගලයෙක්ව දැකලා මම එයාව දැකලා තියෙනවා ආදී වශයෙන්. ඒක හරි ලස්සනයි. මාන වශයෙන් නානා ලම්බනයන්ගෙන් අපි බැඳිලා ඉන්නවා කියන එක.
මේ ගාථාව විස්තර වශයෙන් තමන් බලා ගන්නට ඕන.
ඊළඟට ආපහු පෙන්නනවා “දූරේ විවෙකා හි තථාවිධො සො” කියලා. ඉතින් අපි ඊයේ ඉගෙන ගත්තා විවේකයන් තුනක්, කාය විවේකය, චිත්ත විවේකය, උපධි විවේකය කියලා. එතකොට මෙම විවේකයන් අපි ගන්නේ නෑ. “දූරේ විවෙකා” මෙම විවේකයන්ගෙන් අපි වෙන් වෙනවා. “තථාවිධො සො” නානා ප්‍රකාර දේවල්වලින් අපි ඒක ඉවත් කරගන්නවා. ඒ කියන්නේ අපි party දමලා ඉවත් වෙනවා. ගොඩනැගිලි හදලා ඉවත් වෙනවා.
මේ විදිහට අපි නිතර ම කාය විවේකයෙන්, චිත්ත විවේකයෙන්, උපධි විවේකයෙන් වෙන් වීම කියන එක. උපධි විවේකය කීවා ම නිර්වාණය නේ එතැන පෙන්නුවේ. ඒවායින් වෙන් වීම කියන එක.
එතකොට ඊළඟට ආපහු පෙන්නනවා “කාමා හි ලොකෙ න හි සුප්පහායා” කීවා ම මේ කාම ලෝකේ සත්ව ලෝකේ මනුෂ්‍යය ලෝකේ ආදී වශයෙන්. මේ ලෝකේ අපි සුඛයෙන් වෙන් වෙන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒක සුඛයි කියලා ගන්නවා නම් අපි වෙන් වන්නේ නැහැ නෙ. දුකෙන් ම තමයි අපිට මේකෙන් අයින් වෙන්නට පුළුවන් වන්නේ.
චතුරාර්ය සත්‍ය කියන එක කොච්චර වටිනවා ද කියලා පේනවා නේ ද. අපි කරන්නා වූ ක්‍රියාවලිය පුනපුනා පේනවා. අපි හුඟක් ම උත්සාහ කරන්නේ කාය විවේකයෙන්, චිත්ත විවේකයෙන්, උපධි විවේකයන් කියන ඒවායින් ඉවත් වෙන්න ම තමයි උත්සාහය තියෙන්නේ,
ඒක තමයි මං කරපු භාවනාව