ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම භාවනාව හැටියට ගත්තේ අර “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො, දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා” කියන ගාථාව. ඕක අපි පහුගිය දවස්වල සාකච්ඡා කළා.
එතකොට අපි ඉගෙන ගත්තා මේ “ගුහා” කියලා කිව්වහම ඒ කයට අධිවචනයක් කියලා. ඊළඟට ඒ “බහුනාභිඡන්නො” කියන්නේ ඉතින් ඒ විවිධාකාරයෙන් වැහිලා තියෙනවා. “තිට්ඨං නරො” කියලා කිව්වහම රාග වශයෙන් රත් වෙලා ඉන්නවා. “තිට්ඨං” කියන්නේ ඉන්නවා කියන, සිටීම. ද්වේෂ වශයෙන් දුෂ්ට වෙලා ඉන්නවා. මෝහ වශයෙන් මූඪ වෙලා ඉන්නවා. නානාලම්බන වශයෙන් මාන වෙලා ඉන්නවා. අනුසය වශයෙන් ස්ථීර firm, බවට පැමිණිලා ඉන්නවා කියලා. එතකොට
ඒ අනුසය වශයෙන් ඉන්නවා කියන එක මං අද හුඟාක් ම බැලුවා. ඒකේ හරි ලස්සනට පේනවා ඒ කියන්නේ අපි දන්නවා දැන් ඔය දිට්ඨි අනුසයෙන් ගත්තහම රූපයට සුඛයි කියන එක කියනවා. ස්ථීරයි. ඊළඟට බලන්න කාමරාග අනුසය පාරෙන් ඇවිල්ලා සඤ්ඤාවට සුඛයි කියන එක ස්ථීරයි. ඊළඟට බලන්න අවිද්‍යා අනුසය වශයෙන් ගත්තහම ජරා, වේදනා, අසම්පජාන රේඛාව. එතකොට ජරාව වෙලා තියෙන්නේ. සුභයක් නෑ නේ ජරාව නේ. එතකොට එහෙම නම් විපල්ලාස දොළහ ම ගන්න. ඒ විපල්ලාසය ම තමයි ස්ථීර වෙලා තියෙන්නේ, අනුසයේදි ගත්තහම. ඒ කියන්නේ අසුභ වූ දේ සුභ වශයෙන් තමන්ට ස්ථීර වෙලා. දුක් වෙච්ච දේ සුඛ වශයෙන් ස්ථීර වෙලා. අර රේඛාව දිගේ නිතර ම යන්නෙ. එහෙම වෙලා අසම්පජානකාරීත්වයට ඇවිල්ලා. අනිත්‍ය වූ දේ නිත්‍යයි කියන එක. ඔතන බැලුවහම හරි සැරයි.
ඊට පස්සේ අර ඊළඟ පදයෙන්, දැන් “මොහනස්මිං පගාළ්හො” කියලා කියන්නේ ඉතින් කාම ගුණ නේ. පංචකාම ගුණ නේ “දූරේ විවෙකා හි තථාවිධො සො.” අපි විවේකය කියන එක අපි නැති කරගන්නවා. “දූරේ විවෙකො” විවේකෙන් අපි ඈත් වෙනවා. විවිධාකාරයෙන් “තථාවිධො සො.” එතකොට එතන විවේකය කාය විවේකය, චිත්ත විවේකය, උපධි විවේකය කියලා පෙන්නනවා. ඉතින් ඒකේ චිත්ත විවේකය කියන එක ටිකක් වැඩිපුර බැලුවා. චිත්ත විවේකය කවර දෙයක් ද? පළවෙනි ධ්‍යානයට සමවැදිච්ච පුද්ගලයාගේ සිත නීවරණයන්ගෙන් වෙන් වෙනවා. දෙවනි ධ්‍යානයට සමවැදිච්ච පුද්ගලයාගේ අර විතක්ක විචාරයන්ගෙන් වෙන් වෙනවා. තුන් වෙනි ධ්‍යානයට සමවැදිච්ච පුද්ගලයාගේ සිත ප්‍රීතියෙන් වෙන් වෙනවා. ඒ වගේ ම සතර වෙනි ධ්‍යානයට සමවැදිච්ච පුද්ගලයාගේ සිත සුඛ දුක් දෙකෙන් වෙන් වෙනවා. ආකාසානඤ්චායතනයට කවුරු හරි සමවැදුණා නම් රූප සඤ්ඤා, පටිඝ සඤ්ඤා, නානත්ත සඤ්ඤාවෙන් වෙන් වෙනවා. විඤ්ඤාණඤ්චායතනයට සමවැදිච්ච පුද්ගලයා ආකාසානඤ්චායතන සඤ්ඤාවෙන් වෙන් වෙනවා. ආකිඤ්චඤ්ඤායතනයට සමවැදිච්ච පුද්ගලයාගේ සිත විඤ්ඤාණඤ්චායතන සඤ්ඤාවෙන් වෙන් වෙනවා. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදිච්ච පුද්ගලයාගේ සිත ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාවෙන් වෙන් වෙනවා.
සෝවාන් වෙච්ච පුද්ගලයාගේ සිත සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ඒවායෙන් වෙන් වෙනවා. ඊළඟට සකදාගාමියාගේ සිත ඕලාරික කාමරාග සංයෝජනයෙන්, පටිඝ සංයෝජනයෙන්, ඕලාරික කාමරාග අනුසයෙන්, පටිඝානුසයෙන් හා ඔවුන් හා සමඟ එක්ව සිටි කෙලෙසුන්ගෙන් වෙන් වෙනවා. ඊළඟට පෙන්නනවා මේ අනාගාමියාගේ සිත අනු සහගත වූ කාමරාග සංයෝජනයෙන්, පටිඝ සංයෝජනයෙන්, අනු සහගත කාමරාග අනුසයෙන්, පටිඝානුසයෙන් ඒ වෙන් වෙනවා කියලා. ඊළඟට රහත් වූ ගේ සිත රූප රාගයෙන්, අරූප රාගයෙන්, මානයෙන්, උද්ධච්චයෙන්, අවිද්‍යාවෙන්, මාන අනුසයෙන්, භවරාග අනුසයෙන්, අවිද්‍යා අනුසයෙන් එහෙම වෙන් වෙනවා කියලා සියල්ලෙන් සම්පූර්ණයෙන් ම.
ඉතින් ඕක ඔය මහා නිද්දේසයේ පිටුව 11 තව ගාථාවක විස්තර කරනකොට පෙන්නනවා ඒ කෙසේ “සමුච්ඡේද වශයෙන් කාමයන් පරිවර්ජනය කෙරේ ද” කියලා. පරිවර්ජනය කියලා කියන්නේ දුරු කරනවා. සමුච්ඡේද වශයෙන් දුරු කරනවා. ඒකේ පෙන්නනවා සෝතාපත්ති මාර්ගය වඩනුයේ අපායගාමිනී වූ කාමයන් සමුච්ඡේදයෙන් පරිවර්ජනය කෙරෙනවා. සකදාගාමී මාර්ගය වඩනුයේ ඕලාරික වූ කාමයන් සමුච්ඡේදයෙන් දුරු කෙරෙනවා. අනාගාමී මාර්ගය වඩනුයේ අනු සහගත වූ කාමයන් සමුච්ඡේදයෙන් දුරු කෙරෙනවා. අරිහත්ව මාර්ගය වඩනුයේ සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන්, සියල්ල අසේස කොට, නිරවසේස කොට, සමුච්ඡේද වශයෙන් කාමයන් පරිවර්ජන කෙරෙනවා. මේ විදිහට ඒ සමුච්ඡේදයෙන් කාමයන් දුරු කෙරෙනවා.
දැන් බලන්න මේ මහා නිද්දේසයේ පෙන්නනවා ඒ කාමය කියන එක මේ රහත් වෙනකන් ම තියෙනවා. ඒක එතෙන්දි තමයි ඒක අයින් වෙන්නේ කියන එක. ඉතින් ඕක රහතන් වහන්සේ පෙන්නනවා ඔය ඕලාරික කාමයන් කියන එක. දැන් අපි දන්නවා සෝවාන් මගින් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඕලාරික කාමයන් කියලා කියන්නේ මේ වේදනාව නිසා රූප නොසොයනවා. අන්න එතෙන්දි එහෙම නම් අපිට පේනවා අර වේදනා, ගිද්ධිලෝභ, රූප. අන්න ඒ triangle එක කල්පනා කරන්න ඕනෙ. ඒ වේදනාව නිසා ගිද්ධිලෝභයේ ඉඳන් රූපය දක්වා යන්නේ නෑ. ඒක තමයි ඒ ඕලාරික කාම. ඊළඟට අනුසංකෘත කාමයන් කිව්වහම රහතන් වහන්සේ පෙන්නනවා මේ දිට්ඨි අනුසය නිසා වන කාමයන් තමයි පෙන්නන්නේ. එහෙනම් දිට්ඨි අනුසය පාර කල්පනා කරන්න ඕනෙ.
මේක පෙන්නනවා මේ තමා යැයි ගත් පමණින් මේක සිදු වෙන්නේ නෑ. ඒ කියන්නේ නිච්ච සංකල්පය මගින් සීලබ්බත පරාමාස වීමට පසුව තමයි මේක සිද්ධ වෙන්නේ. අපි දන්නවා සීලබ්බත උපාදානයට නිත්‍ය සංකල්පය එක්කහු කළහම සීලබ්බත පරාමාස වෙනවා. අන්න ඒකෙන් පස්සේ තමයි මේ විදිහට සිද්ධ වෙන්නේ. එතකොට ඊළඟට පෙන්නනවා කාමයන් සමුච්ඡේද වීම අරිහත් වීමෙන් සිදු වෙනවා. මේකට අර ධ්‍යාන තලයක ඉපිද වාසය කිරීමට ඇති කැමැත්ත, කාමේසන ප්‍රහාණය එහෙම පෙන්නුවේ, අන්න ඉවතලීම පවා ඒකට අඩංගු වෙනවා. ඉතින් ඔතන ඕක හොඳට ඔය හරිය බලනකොට ඔය කාරණා ටික ඔය දිට්ඨි අනුසයේ කතාවයි මේ අරිහත්ව එකෙන් අතන අර අයින් වෙනවායි කියන එක ඉතින් ආලෝකය හිටන් විහිදෙනවා පුදුමාකාර විදිහට ඒ ප්‍රභාස්වර වූ භාවනාවක් ඒක.
ඒක තමයි මං කරපු භාවනාව.