Date: 02/06/2017 Name: Bavaraga Anusaya

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම භාවනාවට ගත්තේ ගාථාවක්, ඒ මහා නිද්දේසයේ තියෙන ගාථාවක්. “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.” කියන ගාථාව. අපි මේ ගාථාව කලින් සාකච්ඡා කරලා තියෙනවා.

ඒ ගාථාවේ පෙන්නන්නේ අර හාලිද්දිකානි සූත්‍රය වාගේ, අර රූපයේ යම්කිසි ඡන්දයක්, රාගයක්, නන්දියක්, තෘෂ්ණාවක්, තෘෂ්ණා දිට්ඨි උපායාසයන්. ඊළඟට අදිට්ඨාන, අභිනිවේස, අනුසය, මේවායේ ඒ කවුරු හරි කෙනෙක් ඇලෙනවා නම්, අන්න ඒ පුද්ගලයා සත්තො කියලා කියනවා. සත්වයා කියලා කියන්නේ අන්න ඒ නිසා, ඇලිච්ච නිසා. ඒ විදිහට වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයන් කියන ඒවායි ඇලෙනවා. ගුහාව කියලා කිව්වහම මේ කයට අධිවචනයක්. මේ කය ගැන තමයි ඒ කියන්නේ.

ඊළඟට, දැන් ඉතින් අපිට පේනවා. අපි මේ රූපය නිසා ඒ සුඛයන්, ඒ සුඛය නිසා ඇති වෙන සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ කියන ඒවා මම එතෙන්දි සිහි කළා. ඉතින් ඒකේ උදාහරණයකට මම ගත්තා මම මේ කාමරයෙහි භාවනා කරනකොට, අර AC එක ඇඟට වදින නිසා, වෙන තැනකට ගියා. දැන් එතන රස්නෙයි. එතකොට දැන් කල්පනා වෙනවා අර අතෙන්ට ගියා නම් හොඳයි කියලා. ඒ කියන්නේ අර සුඛයට අපි ඇලෙනවා කියන එකයි. අන්න ඒකයි ඒ සත්වයා කියන කතාව.

එතකොට ඊළඟට ඒකෙන් අනතුරුව මම බැලුවා. තිට්ඨං නරො. දැන් මෙතන අපි ඉස්සෙල්ලා කීවා බහුනාභිඡන්නො කියලා. ඡන්නො කියන්නේ වැහිලා. එයාට අරවායින් ඇලුණහම වැහෙනවා. තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. තිට්ඨං කියලා කිව්වහම සිටියේ කියන එකයි. රාග වශයෙන් රත් වෙලා ඉන්නවා. ද්වේෂ වශයෙන් දුෂ්ට වෙලා ඉන්නවා. මෝහ වශයෙන් මූඪ වෙලා ඉන්නවා. නානාලම්බන වශයෙන් මාන වෙලා ඉන්නවා. ඒ කියන්නේ අර AC එකක් ඇතියි කියලා, අපි මාන වෙනවා නේ ද?

ඊළඟට අනුසය වශයෙන් අපි ස්ථීර වෙනවා. දැන් අනුසය වශයෙන් ස්ථීර බවට පැමිණියා කියලා කියන්නේ, අර සුඛය අත්තා කරගෙන ස්ථීර වෙනවා, මගේ කරගෙන. එතකොට ඔය අනුසය වශයෙන් ස්ථීර වෙනවා කියන එකේ ස්ථීර වෙන්නේ විපල්ලාසයෝ. එතකොට දැන් ඔය දිට්ඨි අනුසය මගින් ඒ රූපයට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා පවසනවා. කාමරාග අනුසය මගින් සඤ්ඤාවට ඇඟිල්ල දික් කරලා සුඛ යැයි කියලා පවසනවා. ඒ වගේ ම පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වයට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා කියනවා. අසම්පජානකාරීත්වය කියන්නේ සියුම් නුවණ නැතිකම. තණ්හාව නිසා මේ දුක ඇති වෙනවා කියලා නොදන්නා බව. අන්න ඒකට ඇඟිල්ල දික් කරලා ඒක සුඛයි කියලා කියනවා. අවිද්‍යා අනුසය මගින් සියලු විපල්ලාසයන් ස්ථීර වශයෙන් අපි වරදවා වටහා ගන්නවා.

ඉතින් මම මේ භාවනාව කලින් කරලා තියෙනවා. අද භාවනාවෙදි බැලුවේ, මේ භවරාග අනුසය කෙසේ ස්ථීර වශයෙන් වරදවා ගන්නවා ද කියන එකයි. ඉතින් ඔය special වැඩසටහන එහෙම කරපු අය දන්නවා iddhi diagram එකේ අර අත්තවාද උපාදානයේ පරාමාසය හරහා අපි එනවා, ඒ 1-1 රාගය කියලා තියෙන තැනට. එතකොට ඔය රේඛාවත් එක්ක සම්බන්ධ වෙනවා, කැපෙනවා ගිද්ධිලෝභයේ ඉඳන් ඔය දෝෂ සල්ලයේ ඉඳන් දෝෂ අගතිය දක්වා වූ ඕනෑ ම දෙයක් ගන්න පුළුවන් කියලා, රහතන් වහන්සේ පෙන්නනවා.

ඊළඟට වේදනාවේ ඉඳන් ජාති රේඛාව. ඔන්න ඔය කැපෙන තැන. එතකොට අර 1-1 රාගය ලකුණු කරන තැන ඉඳන් අර ඔය කැපෙන තැනට, එනකල් භවරාග අනුසය රේඛාව වෙනවා.

එතකොට මේකෙදි දැන් අපිට පේනවා එහෙම නම් අත්ත වශයෙන් පෙර පරාමාස වූ ධර්මයෝ අත්තවාද උපාදානයේ බැහැගෙන තියෙනවා. රූපය නිසා ඇති වුණ ඡන්දයෝ ගිද්ධිලෝභය තුළ කිඳා බැසගෙන තියෙනවා. එසේ වූ නමුදු අත්තවාද උපාදානය මගින් වතුර ගලන්නාක් මෙන් ජාතියට එන ධර්මයෝ බරපතලයි කියලා රහතන් වහන්සේ පෙන්නනවා.

එතකොට ඒක ඉවසන්න බැහැයි කියන එකයි. මේ විදිහට වරක අත්තවාද උපාදාන ධර්මයෝ සනාථ කරනවා. එනම් පෙර පරාමාස වූ ධර්මයෝ ම සනාථ කරනවා. තව වරෙක දැන් රූපය නිසා පවතින්නා වූ අලුත් ධර්මයන් අවිද්‍යා අනුසය මගින් චේතනාව දක්වා ගමන් කරවන්නේ එම ධර්මයන් නිසා වන අලුත් වේදනා සම්බන්ධව පවතින නිත්‍ය යන සංකල්පය මත පදනම්ව, අත්තභාව පටිලාභය ම සනාථ කරනවා. ඒ කියන්නේ දැන් අලුත් රූපය නිසා කල්පනා කරනවා මෙහෙම ඉන්න එක අපි හොඳයි කියලා. මේ වගේ භවයක් ගන්න එක හොඳයි කියලා අපේ සනාථ කිරීමක් කියන එක තියෙනවා. එතකොට අර අතීත වූ එකේ, එතන අත්තවාද උපාදානය නිසා කියන එක බොහොම බරපතලයි. මොකද අරූප ධ්‍යානයන්වල හිටිය කියන එක එහෙම බලපාන නිසා. මේ විදිහට භවරාග අනුසය විසින් ඒ ධර්මයන් සනාථ කිරීම කියන එක අපි වටහා ගන්න ඕනෑ.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව. ඉතින් ඕගොල්ලෝ මේ ඉන්න ස්ථානය, බොහොම හොඳ තැනක්. තථාගතයන් වහන්සේ මේ hall එක ඉස්සරහ පිට තියෙන තැනට, ගෞතම බුදුහාමුදුරුවෝ වැඩලා තියෙනවා. ඒ වැඩියේ යම්කිසි විශේෂ වූ දේකට. මේ මේ හරියේ ඕගොල්ලන්ගේ චෛත්‍යයෙන් එහා පැත්ත අර guard මේවා එක තියෙන තැන ඒක උඩ තියෙනවා, චෛත්‍යයක්. ඕගොල්ලන්ට ඇහැට පේන්නේ නැති වුණාට ඒ දිව්‍ය ලෝකයේ, ධ්‍රැතරාෂ්ට, විරූඩ, විරූපාක්ෂ, විරූපාක්ෂ දෙවියෝ ඉන්නවා නේ තුන් වෙනියට. ඒ දෙවියන්ගේ කුටියට තමයි ඒක යන්නෙ. ඉතින් බුදුහාමුදුරුවෝ වැඩලා තියෙන්නේ, ඒ චෛත්‍යය හැදෙන්න නම් තථාගතයන් වහන්සේගේ පාද ස්පර්ශ ලැබෙන්න ඕනෑ. ඒ නිසායි බුදුහාමුදුරුවෝ වැඩලා තියෙන්නේ. බණ කියන්න නෙවෙයි වැඩලා තියෙන්නේ. ඕගොල්ලො ඉන්නේ බොහොම හොඳ තැනක. ඉතින් ඒක තමයි මෙතන හොඳ සමාධීන් එහෙම ඇති වෙන්නේ නේ ද?

හොඳයි. ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Iddhi/S_Iddhi-06.jpg