ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි බැලුවේ, භවරාග අනුසය, කෙසේ හැකිළෙන්නේ ද කියන එකයි. අපි 02/06/2017 භවරාග අනුසය භාවනාවෙදි ඉගෙන ගත්තා, ඒ භවරාග අනුසය අර අත්තවාද උපාදානයේ ඉඳන් 1-1 රාගය දක්වා එන්නා වූ ඒ රේඛාව, සාඨෙය්‍ය එහෙම තියෙන රේඛාව ඕක. එතකොට ඒකේ 1-1 වල ඉඳන් අර cross එකක් අපි පෙන්නුවා. ඒකේ දෝෂ සල්ලයේ ඉඳන් දෝෂ අගතිය දක්වා වූ ඕනෑ ම තැනක් ගන්න පුළුවන් වෙයි කියලා අපි පෙන්නුවා. එතනදි ඒ අත්තා වශයෙන් පෙර පරාමාස වූ ධර්මයෝ, අත්තවාද උපාදානයේ බැසගෙන තියෙනවා. රූපය නිසා ඇති වුණ ඡන්දයෝ ගිද්ධිලෝභය තුළ බැසගෙන තියෙනවා. එහෙම උණත් අත්තවාද උපාදානය මගින් වතුර ගලන්නාක් මෙන් ඒ ජාතියට එන ධර්මයෝ බරපතලයි කියලා අපි ඉගෙන ගත්තා, ඉවසන්න බැහැයි කියලා.
එතෙන්දි අපි ඉගෙන ගත්තා, වරක අත්තවාද උපාදාන ධර්මයෝ සනාථ කරනවා. ඒ කියන්නේ පෙර පරාමාස වූ ධර්මයෝ ම සනාථ කරනවා කියලා. මේක බරපතල වන්නේ අර අරූප ධ්‍යානවල සිටීම නිසා වන නිත්‍යභාවය විශාල වන නිසයි.
ඊළඟට අපි ඉගෙන ගත්තා, තව වරක දැන් රූපය නිසා පවතින්නා වූ අලුත් ධර්මයන්, අවිද්‍යා අනුසය මගින් චේතනාව දක්වා ගමන් කරවන්නේ, එම ධර්මය නිසා අලුත් වේදනා සම්බන්ධව පවතින නිත්‍ය යන සංකල්පය මත පදනම්ව අත්තභාව පටිලාභය සනාථ කරනවා කියලා. එතකොට එක වෙලාවකට අත්තවාද උපාදාන ධර්මයෝ සනාථ කරනවා. තව වෙලාවකට අත්තවාද පටිලාභ ධර්මයෝ සනාථ කරනවා.
එතකොට ඕකේ, මම තව මෙනෙහි කිරීමක් කළා. ඔය අසම්පජානකාරීත්වය ඒ සුඛ වීම කියන එක. ඒක මනා කොට මෙනෙහි කරන්න ඕනෑ. යම් වේදනාවක් පෙර මෙන් දැන් නොලැබෙන්නේ ද, මෙය ලැබීමෙන් වන්නා වූ දෙය දුක වශයෙන් නොසලකා ද, ඔහුට දුක්ඛය නොවැටහෙන අතර දුක්ඛ සමුදය ද, නොවැටහේ. මෙසේ අසම්පජානකාරීත්වය සුඛ ලෙස වැටහී මෝහ පාරේ ගමන් කිරීම කියන එක සිදු වෙනවා.
එතකොට මෙන්න මේ කාරණා අපි බැලුවොත්, අපි කලින් ඉගෙන ගත්තා ඔය භවරාග අනුසය 1-1 රාගයේ ඉඳන් අර භව ආශ්‍රවය කියන රේඛාව දක්වා ම ඕකේ ගමන් කිරීමක් තියෙනවා කියලා. එතකොට මේ, භවරාග අනුසය දැන් කොයි ආකාරයට ද මේක හැකිළෙන්නේ? කියන එකයි අද කල්පනා කළේ.
ඕක පටන් ගන්න ඕනෑ, “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො,” කියන ගාථාවෙන්. නාමරූප නිසා තමයි ඔය ස්පර්ශය කියන එක ඇති වෙන්නේ. රූපයේ විභූතිය ඇත්නම් ස්පර්ශයක් වෙන්නේ නෑ. එහෙම නම් අපිට පේනවා ඉතින් මේ ස්පර්ශ වුණා ම සඤ්ඤාවන් ඇති වෙනවා. එහෙම නම් අර අවිද්‍යාව මගින්, අපි ඉගෙන ගත්තා, අර මාළුවා වරල ගසන අවස්ථාව ඒ අනුව තණ්හාව වෙන එක. ඒ කියන්නේ “අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා” කියලා ඒ තණ්හාව කියන අර දිය උල්පත අරිනවා කියලා අපි පල්ලෙහායින්.
ඊළඟට, අනිත් අතට ඕක අපිට පේනවා, පටිඝානුසය හරහා වේදනාව නිසා වන තණ්හාව කියන කොටසක් තියෙනවා. දැන් අපි මේ පටිඝානුසය අර ඉස්සෙල්ලා, අසම්පජානකාරීත්වය දක්වා එන කතාව අපි හොඳට මෙනෙහි කරලා තියෙනවා නම් දැන් තමන්ට පේනවා මෙන්න මේ තණ්හාව නතර වෙනවා. මොකද? අපි මේ දුකට තමයි මේ සුඛයි කියලා තියෙන්නේ. දුකට තමයි අපි කැමති වෙලා තියෙන්නේ. සම්පජානකාරීත්වය පෙන්නනවා තණ්හාව නැති වුණා ම මේක නැති වෙනවා කියලා.
එතකොට අසම්පජානකාරීත්වය, ඒකේ අනිත් පැත්ත. ඉතින් අපි ඒකට නේ අපි සුඛයි කියලා අරගෙන තියෙන්නේ, පටිඝානුසය මගින්. එතකොට එහෙම නම් අපිට පේනවා මේ අවබෝධය භාවිතා කරනවා නම්, අර පටිඝානුසය හරහා වේදනාව නිසා වන තණ්හාව නවතිනවා. එහෙම නම් නාමරූප point එක හැකිළෙනවා. එහෙම නම් ස්පර්ශය පැත්තෙන් එන භවරාග අනුසය බැහැලා යනවා. හැකිළෙනවා.
එතකොට ඔය භවරාග අනුසය භාවනාවෙදි අපි සාකච්ඡා කළ අයුරින් ඒ රූප කොටසත්, ඒ වගේ ම අත්තවාද උපාදාන කොටසත් බැහැගෙන යනවා නම් එමගින් වන මමත්ති මත්ථිය, ඒ කියන්නේ අත්තා කියන එක නොවන්නේ දෙපැත්තකින් ම රේඛාව තිතක් මෙන් වෙලා ඒක නැති වෙලා යනවා. භවරාග අනුසය කියන රේඛාව dot එකක් වගේ වෙනවා.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.