ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම කළේ අර ගාථාවක් අපි මේ දවස්වල බලාගෙන යනවා. “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.” කියන ගාථාව.
ඉතින් ඔය සත්තො කියලා කියන්නේ සත්වයා. ඒ කියන්නේ රූපයේ යම්කිසි ඡන්දයක්, රාගයක්, නන්දියක්, තෘෂ්ණාවක්, තෘෂ්ණා දිට්ඨි උපායාසයන්. ඊළඟට අදිට්ඨාන, අභිනිවේස, අනුසය. එතකොට ඒකේ ඇලුණා නම් ඒ පුද්ගලයාට සත්වයා කියලා කියනවා. අර හාලිද්දිකානි සූත්‍රයේ අපි ඉගෙන ගත්තේ.
එතකොට ගුහා කියලා කිව්වහම මේ කයට අධිවචනයක්. ඊළඟට බහුනාභිඡන්නො කිව්වාහම ඡන්නො කිව්වහම එතන මේ වැහිලා. මේවායින් වැහිලා. ඊළඟට තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. තිට්ඨං කියන්නේ ඉන්නවා. තිට්ඨං නරො කියන්නේ ඒ රාග වශයෙන් රත් වෙලා සිටිනවා. ද්වේෂ වශයෙන් දුෂ්ට වෙලා ඉන්නවා. මෝහ වශයෙන් මූඪ වෙලා ඉන්නවා. නානාලම්බන වශයෙන් මාන වෙලා ඉන්නවා. අනුසය වශයෙන් ස්ථීර බවට පැමිණිලා ඉන්නවා.
එතකොට ඉතින් අනුසය වශයෙන් මේ ස්ථීර වෙන්නේ විපල්ලාසයෝ. එතකොට දිට්ඨි අනුසය මගින් ඒ රූපයට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා පවසනවා. කාමරාග අනුසය මගින් සඤ්ඤාවට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා පවසනවා. පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වයට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා පවසනවා. අවිද්‍යා අනුසය මගින් සියලු විපල්ලාසයන් ස්ථීර වශයෙන් ම වරදවා ගන්නවා. එතකොට ඕකේ අසම්පජානකාරීත්වයට කියන එක ටිකක් ගැඹුරට මෙනෙහි කරන්න ඕනෑ.
දැන් බලන්න, මගේ සීයාගේ කතාව වාගේ අපි දන්නවා ජරා, වේදනා, අසම්පජානකාරීත්වය කියන රේඛාව. එතකොට දැන් සීයාට හැමදා ම කෑම කන්න ගිහින් තරහා ගිහිල්ලා තියෙනවා. එයාගේ taste buds ගිහිල්ලා නේ තියෙන්නේ. එතකොට ඉතින් එයා දන්නේ නෑ, මේකෙන් ඇති වෙන්නේ දුකයි කියලා. සම්පජානකාරීත්වය තුළ තියෙන්නේ තණ්හාව නැති වුණා ම, දුක නැති වෙනවා කියන එක. අවබෝධය තියෙනවා. සමුදය අස්තංගමය තියෙන මුළු එක ම නැති වෙනවා කියලා.
එතකොට දැන් ඒ අසම්පජානකාරීත්වයේ පෙන්නුවා ඉතින් යම්කිසි වේදනාවක්, පෙර මෙන් දැන් නොලැබෙන්නේ ද, මේ වන්නා වූ දේ දුක වශයෙන් නොසලකයි ද, ඔහුට දුක්ඛය නොවැටහෙන අතර, දුක්ඛ සමුදය ද නොවැටහෙයි. මේ විදිහට අසම්පජානකාරීත්වය කියන එක, ඒක සුඛ ලෙස වැටහිලා ඒ පුද්ගලයා මෝහ පාරේ ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට එහෙනම්, අපිට පේනවා පටිඝානුසයට අපි කැමති වෙලා තියෙන්නේ දුක්ඛයට ම යි කියලා. ඉතින් අපි ඕක 13 වෙනිදා භාවනාවෙදි අපි ඕක සාකච්ඡා කළා.
එතකොට එහෙනම්, ඔය දිට්ඨි අනුසය මගින් රූපයට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා කියනවා. ඒක මුසාවක් නේ. රූපයක සුඛයක් නෑ. වැඩි ම තරමින් තියෙන්න පුළුවන් සුභය විතරයි. ඒකවත් නෑ. ඊළඟට කාමරාග අනුසය විසින් සඤ්ඤාවට ඇඟිල්ල දික් කරලා එතන සුඛයි කියලා කියනවා. ඒකත් මුසාවක් නේ සඤ්ඤාව සුඛයි කියන එක.
එහෙම නම් කෙනෙකුට පෙනෙන්න ඕනෑ, මේ මුසා දෙකක්. එතකොට ඕකෙන් තමයි අපි දන්නවා, ඔය සඤ්ඤාවෙන් එහෙම වේදනාවට අගයක් දීලා අපි තණ්හාව වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට ඔන්න ඔය point එකට එන්නේ නෑ. ඔය නාමරූප කියන point එකට එන්නේ නැතෙයි කියන එක තියෙනවා. මුසා දෙකක් කියලා. එහෙම නම් මේ තුන් ධර්මය දන්නවා නම්, රූපයයි සඤ්ඤාවයි එතන දෙක ම බොරු කතාවක් ඒ සුඛයි කිව්ව එක. මුසාවක් කියලා.
ඊළඟට ජරාව. ජාතියේ ඉඳන් ජරාව. එතකොට ඒ ජරාව කියන එක දන්නවා නම්, එහෙම නම් ඉතින් අපිට පේනවා, මේ පටිඝානුසය මගින් මේ අසම්පජානකාරීත්වයට සුඛයි කියන එක. ඒක සිද්ධ වෙන්නේ නෑ. ඒ කියන්නේ මේ දුකයි කියන එක දන්නවා. එහෙම නම් මොකද වෙන්නේ?
එහෙම නම් අපිට පේනවා අර bell shaped curve එකේ point B එක අපි හදන්නේ නෑ. අර best එකක් කියලා තමන්ගේ හොඳට ගේන එකක්. ඒක සිද්ධ වෙන්නේ නෑ. අර දෙකෙන්, කාරණා රූපයයි, සඤ්ඤාවයි, අතන පල්ලෙහා තියෙන ජරාවයි කියන එක. උඩ තියෙන්නේ මුසාව කියන එක.
එතකොට එතන දී bell shaped curve එක හදන්නේ නෑ කියන්නේ, ප්‍රඥා විමුක්තිය. ප්‍රඥා විමුක්තිය ලබලා ඒක එතනින් ම අවසන් කරගන්න පුළුවන් කියන එක තියෙනවා. ඉතින් ඕක 13 වෙනිදා භාවනාවත් එක්ක සම්බන්ධ කරලා බලන්න ඕනෑ. අපි ඒකේ පෙන්නුවා, ඒකෙ ජරාව වෙනවා නම් ඉතින් ව්‍යාධි, මරණ එහෙම ඇති වෙනවා. ඒ නිසා වේදනාව පවතින්නේ නෑ. එතකොට එහෙම නම් “පටිඝ සඤ්ඤාවේ අත්ථඞ්ගමය” කියන එක කරන්න පුළුවන්. පටිඝ සඤ්ඤාව කියන එක ඉක්මවන්න පුළුවන්.
ඉතින් ඔය ගාථාවේ ඉතින් ඉතුරු කොටස් ටිකත් කෙනෙකුට බලන්න පුළුවන්. අර දූරේ විවෙකා හි තථාවිධො සො කියන්නේ අපි විවේකයෙන් නිතර ම අයින් වෙනවා. ඒ කාය විවේකය, චිත්ත විවේකය, ඊළඟට උපධි විවේකය කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා.
එතකොට එහෙම නම් ඉතින් නානත්ත සඤ්ඤා අමනසිකාරා කියන එක අපිට කරන්න පුළුවන්. ඔය කාරණා ටික කෙනෙකුට පේනවා නම් රූපයයි, සඤ්ඤාවයි එතන ඒ මුසාවයි කියන එක, පල්ලෙහායින් ජරාවයි කියන කාරණාව තියෙනවා.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.