පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ සිහි කරලා, ගාථාවක් තියෙනවා මේ. “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා” කියන ගාථාව.
ඉතින් මේකේ මේ සත්තො කියලා කිව්වහම ඒකේ පෙන්නනවා, ඔය රූපයේ යම්කිසි ඡන්දයක්, රාගයක්, නන්දියක්, තෘෂ්ණාවක්, තෘෂ්ණා දිට්ඨි උපායාසයන්, ඒ වගේ ම මේ අකුසල් සිතට ස්ථාන වන අදිට්ඨාන, අභිනිවේස, අනුසය කියන ඒ ධර්මයන් වෙත් ද, ඒවට යම්කිසි කෙනෙක් ඇලෙනවා ද, ඒ ඇලුණහම ඒ පුද්ගලයා සත්වයා කියලා කියනවා. මේ විදිහට වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ.
එතකොට ගුහා යැයි කියලා කිව්වම මේ කයට අධිවචනයක්. ඊළඟට බහුනාභිඡන්නො, ඡන්නො කිව්වාහම වැසුණා. දැන් ඉතින් ඔය කිවූ කාරණාවලින් පේනවා හැම එකකින් ම අපිව වැහෙනවා කියලා. තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. තිට්ඨං නරො කියලා කිව්වහම, තිට්ඨං කියන්නේ ඉන්නවා කියන එකයි. නරො කියන්නේ නරයා. එතකොට රාග වශයෙන් රත් වෙලා ඉන්නවා අපි. ද්වේෂ වශයෙන් දුෂ්ට වෙලා ඉන්නවා. මෝහ වශයෙන් මූඪ වෙලා ඉන්නවා. නානාලම්බන වශයෙන් මාන වෙලා ඉන්නවා. ඉතින් ඔය කෑල්ල හොඳට බලන්න ඕනෑ. නානාලම්බන වශයෙන් මාන වෙන හැටි අපි.
ඊළඟට අනුසය වශයෙන් ස්ථීර වෙලා ඉන්නවා. Firm වෙලා. ඒ අනුසය වශයෙන් ස්ථීර වෙන්නේ මොනවා ද? විපල්ලාසයෝ. ඉතින් දිට්ඨි අනුසය මගින් රූපයට ඇඟිල්ල දික් කරලා සුඛ යැයි කියලා පවසනවා. කාමරාග අනුසය මගින් සඤ්ඤාවට ඇඟිල්ල දික් කරලා සුඛ යැයි කියලා පවසනවා. ඒ වගේ ම පටිඝානුසය මගින් ඒ අසම්පජානකාරීත්වයට ඇඟිල්ල දික් කරලා සුඛ යැයි කියලා පවසනවා. අවිද්‍යා අනුසය මගින් සියලු විපල්ලාසයන් ස්ථීර වශයෙන් ම වරදවා ගන්නවා. ඔය අසම්පජානකාරීත්වයට සුඛයි කියලා කියන එක මනා කොට මෙනෙහි කරන්න ඕනෑ.
යම්කිසි වේදනාවක් පෙර මෙන් දැන් නොලැබෙන්නේ ද, ඒ කියන්නේ මගේ සීයා කෑම කන්න ගිහින් තරහා යන්නේ, එතකොට ලැබුණත් වෙන්නා වූ දේ දුක වශයෙන් නොසලකා ද, ඒ පුද්ගලයාට දුක්ඛය නොවැටහෙන අතර දුක්ඛ සමුදය ද නොවැටහෙයි. මේ විදිහට අසම්පජානකාරීත්වයට ඒ සුඛ ලෙස වැටහිලා, ඒ මෝහ පාරේ ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා.
ඉතින් මේ පටිඝානුසය නිසා අපි දුක්ඛයට ම කැමති වෙලා තියෙනවා කියන එක කෙනෙක් කල්පනා කරන්න ඕනෑ. ඉතින් ඕක අපි කලින් භාවනාවේදි පෙන්වා දුන්නා. ඉතින් ආකාසානඤ්චායතනයට එහෙම ඔය විදිහට යන්න පුළුවන් කියලා ඒ පටිඝානුසය කියන එක නවත්වලා, අර “රූප සඤ්ඤා සමතික්කමා, පටිඝ සඤ්ඤා අත්ථඞ්ගමා, නානත්ත සඤ්ඤා අමනසිකාරා” කියලා සාකච්ඡා කළා.
එතකොට මේ අද භාවනාවේදි මම විශේෂයෙන් ම බැලුවේ, දැන් කවුරු හරි පුද්ගලයෙක් ජරා වෙනවා කියලා දන්නවා නම්, දැන් මගේ සීයා වුණත් ජරා වෙලා කියලා දන්නවා නම්, එහෙම නම් ඒ පුද්ගලයා මේ ලෝකය ශාස්වතයි, නිත්‍යයි, infinite, අනන්තයි ආදි කියලා ඒ දිට්ඨි කියන ඒවා පවතින්නේ නෑ. Taste buds පවතින්නේ නෑ වගේයි.
එහෙම නම් දිට්ඨි වශයෙන් පරාමාස වූයේ සිටී යැයි කියලා කතාවක් වෙන්නේ නෑ. දිට්ඨින් වශයෙන් පරාමාස වීමක් වෙන්නේ නෑ. එහෙම නම් අපි මේ රූපයට සුඛ යැයි පවරන්නේ නෑ. එහෙම වුණොතින් යම් සඤ්ඤාවක් පෙර කාමරාග අනුසය හරහා සුඛ යැයි පවසා ද, ඒක සිද්ධ වෙන්නේ නෑ. එහෙම නම් අසම්පජාන නොවන්නේ, ඒ ප්‍රඥා විමුක්තිය ඇති වන්නේ, නිර්වාණය කියන එක සාක්ෂාත් කරන්න පුළුවන්. ඉතින් මේකේ මේ කූඤ්ඤය දක්වා ම තමන්ට දැනෙනවා.
එතකොට මේ භාවනාවේ ඉතින් කෙනෙකුට තව ඉස්සරහට බලාගෙන යන්න පුළුවන් ඉතින් ඇයි මෙහෙම වෙන්නේ කියන එක. Bell shaped curve එකත් එක්ක කල්පනා කරලා, මෙනෙහි කරන්න පුළුවන්කම කියන එක තියෙනවා.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.