ඒ පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. අද භාවනාවට ගත්තේ අර ගාථාවක්. “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා” කියන ගාථාව.
එතකොට ඒ සත්තො කියලා කියන්නේ ඒ රූපයේ යම්කිසි ඡන්දයක්, රාගයක්, නන්දියක්, ඒ තෘෂ්ණාවක්, තෘෂ්ණා දිට්ඨි උපායාසයන්, සහ ඒ අකුසල් චිත්තයට අදිට්ඨාන, අභිනිවේස, අනුසය වූ ඒ දේවල් තියෙනවා ද. ඒකෙ ඇලීමක් තියෙනවා ද අන්න ඒ පුද්ගලයාට කියනවා සත්වයා කියලා. අර හාලිද්දිකානි සූත්‍රයේ තිබුණේ මුලින්.
එතකොට ගුහාව කියලා කිව්වහම මේ කයට අධිවචනයක්. ඊළඟට බහුනාභිඡන්නො. ඉතින් ඕගොල්ලන්ට පේනවා නේ ගුහාවට ගියා නම් ඉතින් වැහෙනවා කියලා නේ ද. බහුනාභිඡන්නො වැහිලා තියෙනවා. තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. තිට්ඨං කියලා කිව්වහම සිටියා. ඒ කියන්නේ රාග වශයෙන් රත් වෙලා ඉන්නවා. ද්වේෂ වශයෙන් දුෂ්ට වෙලා ඉන්නවා. මෝහ වශයෙන් මූඪ වෙලා ඉන්නවා. දිට්ඨි වශයෙන් පරාමාස වෙලා ඉන්නවා. නානාලම්බන වශයෙන් මාන වෙලා ඉන්නවා. ඒ හොඳට බලන්න ඕනෑ එකක් තමයි මේක. එක එක විදිහට අපි මාන වෙලා ඉන්න හැටි.
අනුසය වශයෙන් ස්ථීර වෙලා තියෙනවා. ඒ බවට පැමිණිලා සිටිනවා. එතකොට අනුසය වශයෙන් ස්ථීර වෙන්නේ විපල්ලාසයෝ. දිට්ඨි අනුසය මගින් ඒ රූපයට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා පවසනවා. කාමරාග අනුසය මගින් සඤ්ඤාවට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා පවසනවා. පටිඝානුසයෙන් අසම්පජානකාරීත්වයට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා කියනවා. එතකොට අපි දන්නවා අර ජරා, වේදනා අසම්පජානකාරීත්වයේ රේඛාව. ඒ පටිඝානුසය. අවිද්‍යා අනුසයෙන් සියලු විපල්ලාසයෝ ස්ථීර වශයෙන් ම වරදවා ගන්නවා.
ඒ අසම්පජානකාරීත්වය සුඛ වීම කියන එක කෙනෙක් මනා කොට මෙනෙහි කරන්න ඕනෑ. දැන් බලන්න මගේ සීයාගේ taste buds ගිහිල්ලා ජරාවට පත් වෙලා, එයා අර පෙර වේදනාව ම ඉල්ලනවා. ඒකෙන් ඇති වෙන්නේ දුකයි කියන එක එයා දන්නේ නෑ, ඒ වේදනාව ලබාගෙන. එතකොට යම් වේදනාවක්, පෙර මෙන් දැන් නොලැබෙන්නේ ද, මේ විදිහට වෙන්නා වූ දේ දුක වශයෙන් නොසලකයි ද, ඔහුට දුක්ඛය නොවැටහෙන අතර, දුක්ඛ සමුදය ද නොවැටහෙයි. මෙසේ අසම්පජානකාරීත්වය සුඛ ලෙස වැටහී මෝහ පාරේ ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා. පටිඝානුසය නිසා අපි දුක්ඛයට ම කැමති වෙලා තියෙන බව පේනවා. ඒ කියන්නේ දුක්ඛය නොදන්නාකම, දුක්ඛ සමුදය නොදන්නාකම, චතුරාර්ය සත්‍ය නොදන්නාකම, හොඳයි කියලා තමයි මේ කියන්නේ. සාමාන්‍ය පුද්ගලයෙක් එහෙම නේ කියන්නේ.
ඉතින් රූපය ජරා වෙනවා නම් ඒක පවතින්නේ නෑ. ඉතින් ව්‍යාධි, මරණ එහෙම ඇති වෙනවා. මේ නිසා වන වේදනාව නොපවතිනවා. එසේ නම් පටිඝානුසය අර පටිඝ සඤ්ඤා අත්ථඞ්ගමා කියලා කියන්නේ, ආන්න ඒක අපිට හොඳට සිහි කරන්න පුළුවන්.
ඊළඟ පදයේ තියෙනවා, දූරේ විවෙකා හි තථාවිධො සො කියලා. ඒ දූරේ කියන්නේ දුරු වෙනවා, ඈත් වෙනවා. ඒ විවේකයෙන් ඈත් වෙනවා. එතකොට ඒක කාය විවේකය, චිත්ත විවේකය, උපධි විවේකය කියලා කියනවා. ඉතින් කාය විවේකය කියන්නේ, තනියම තමන් ජීවත් වෙන්නේ. පිණ්ඩපාතෙ යන්නෙත් තනියම. එකලාව භාවනා කරනවා, එකලාව ඉන්නවා කියලා.
ඊළඟට චිත්ත විවේකය පෙන්නනවා, ඔය ප්‍රථමධ්‍යානයට ගිය පුද්ගලයාට පංචනීවරණයන්ගෙන් විවේකය තියෙනවා. ද්විතීය ධ්‍යානයට ගියා නම් විතක්ක විචාරයන්ගෙන් විවේකය තියෙනවා. තුන් වෙනි ධ්‍යානයට ගියොත් ප්‍රීතියෙන් විවේකය. හතර වෙනි ධ්‍යානයට ගියොත් සුඛ දුක්ඛ කියන ඒවායින් විවේකය. ඊළඟට පස් වෙනි ධ්‍යානයට යනවා නම් රූප සඤ්ඤා, පටිඝ සඤ්ඤා, නානත්ත සඤ්ඤා, කියන ඒවායින් විවේකය කියන එක තියෙනවා. දැන් එහෙනම් ඕක බලන්න අර පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වය හොඳයි කියලා කියන්නේ. සුඛයි කියලා කියන්නේ. අන්න ඒක හොඳට මෙනෙහි කරලා බලන්න.
නානත්ත සඤ්ඤා අමනසිකාරා කිව්වහම විඤ්ඤාණය නිසා වන නාමරූප කොටස අපි සිහි කරන්න ඕනෑ. එතකොට දැන් අපිට තරහා ගිහිල්ලා, සීයා කෑම හොයනවා වගේ, අපි තමයි මේක හොයන්නේ. එතකොට ඇති වෙන්නේ දුක්ඛය කියලා දන්නේ නෑ.
මේ කෑල්ල හොඳට බැලුවාට පස්සේ, ඉතින් අපිට පේනවා අපි රූපයට සුඛයි කියලා නොපවරනවා නම් ඒ සඤ්ඤාවට සුඛයි කියලා පවරන්නේත් නැත්නම්, ජරා බව දන්නේ නම්, ඔය කාරණා 3, බොහොම ගැඹුරුයි. ඒ කියන්නේ රූපයට සුඛයි කියන්නේත් නැත්නම්, සඤ්ඤාවට සුඛයි කියන්නේත් නැත්නම්, ජරා බව දන්නවා නම් අසම්පජානකාරීත්වය කියන එක ඇති වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නැත්නම් ප්‍රඥා විමුක්තිය කියන එක ඇති වෙනවා. එහෙම නම් අර bell shaped curve එකේ B point කියන එක හදන්නේ නෑ. Peak එකක් හදන්නේ නෑ.
එතකොට ඕක පෙන්වන්න පුළුවන් diagram එකක් වශයෙන් ගන්නවා නම්, අපි 1 ජරාව කියන එක දාගත්තොත්, 2 පරාමාසයේ ඉඳන් භය අගතියට එන දිට්ඨිය, එතකොට 3 දිට්ඨි අනුසය, එතකොට 4 කාමරාග අනුසය, ඒකෙන් තමයි අර සඤ්ඤාවට සුඛයි කියන එක කියන්නේ, එතකොට 5 අපිට එනවා වේදනාව තියෙන තැනට, ඒ වගේ ම, 5 ආපහු වැටෙනවා අසම්පජානකාරීත්වය කියන එකට. එහෙම නම් වේදනාවෙන් අසම්පජානකාරීත්වය දක්වා තියෙන කොටස අපි කරන්නේ නෑ. මේ විදිහට තේරුම් ගත්තා නම්.
එතකොට එහෙනම් ජරාව කියලා දන්නවා නම්, මේ ලෝකය ශාස්වතයි, නිත්‍යයි, infinite, අනන්තයි ආදි කියලා ඒ දිට්ඨි පවතින්නේ නෑ. එහෙම නම් දිට්ඨි වශයෙන් “පරාමාස වූයේ සිටියේ” කියන එක පවතින්නේ නෑ. එහෙම නම් රූපයට සුඛයි කියලා පවරන්නේ නෑ. ඒක තමයි ඔය පෙන්නුවේ.
එතකොට ඊළඟට ආපහු පේනවා, මෙහෙම වුණා නම්, සඤ්ඤාවක්, පෙර කාමරාග අනුසය හරහා සුඛයි කියලා පවසනවා ද ඒක වෙන්නේ නෑ. එහෙම නම් අසම්පජාන නොවන්නේ ප්‍රඥා විමුක්තිය ඇති වන්නේ නිර්වාණය සාක්ෂාත් කරනවා.
ඉතින් මේ දක්වා මේ භාවනාව අපි කලින් කිව්වා. ඉතින් අද භාවනාවෙදි බැලුවේ කොයි ආකාරයට ද නිර්වාණය සාක්ෂාත් කරන්නේ කියන එක. අපි මේ විදිහට මේ bell shaped curve එකේ B point එක හදන්නේ නෑ කියලා කීවා නම්, එහෙම නම් ඒක සමථ ස්වභාවයකට පත් වෙනවා. ඒ කියන්නේ curve එක flat වෙනවා. එතකොට දැන් අර මේකේ සක්කාය දිට්ඨියක් ඇති ද, ඒකත් පැහැරිලා යනවා. අර දුක්ඛ table අර්ථය මෙතන එන්නේ. කුමක් නිසා ද? අර bell shaped curve එකේ අපි දන්නවා නේ, A, B, C. දැන් B කියන එක flat වුණා නම් අර උඩ trapezium එක වගේ එතකොට A, වම් පැත්තේ, C අර සෝක වෙන පැත්තේ. එතකොට A, සහ C වල ඇති වෙනස. A, කියන එක වැඩියි, C කියන එක අඩුයි. ඒක කුඩායි.
එතකොට මේ නිසා ඊළඟ මොහොතේ ස්පර්ශය මගින් ඇති වෙන, අපි හිතමු ඊළඟට එන්නේ A1, C1 කියලා, ඒකේ අගය අඩුයි. A වල අගයට වඩා අඩුයි. දිට්ඨිය බිඳිලා තියෙන නිසා මාන අගය අඩු වී ඇති බැවින් A1 කිසිම ආකාරයකින් A වලට වඩා වැඩි වෙන්නේ නෑ. ඊළඟට හදන එක කවදාවත්. අපි මේ හදන නිසායි මේ ප්‍රශ්නය තියෙන්නේ. මේ නිසා අර flat curve එක, ඒ flat වෙලා ම ගිහිල්ලා අර භවරාග අනුසය කියන එක, අපි පෙන්නුවා කලින් භාවනාවක, ඒක තිතක් මෙන් වෙලා නැති වෙලා යනවා කියන එක.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.