ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඉඳන් සහම්පති බුදුපියාණන් දක්වා.
එතකොට මම කළේ, අර ඊයේ අපි ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අර විඤ්ඤාණඤ්චායතනයට යන්න භාවනාවක් තියෙනවා නේ. ඒකේ පෙන්නනවා මේ දිට්ඨධම්ම කාම, සම්පරායික කාම, දිට්ඨධම්ම කාම සඤ්ඤා, සම්පරායික කාම සඤ්ඤා, දිට්ඨධම්ම රූප, සම්පරායික රූප, දිට්ඨධම්ම රූප සඤ්ඤා, සම්පරායික රූප සඤ්ඤා ඒවා අනිත්‍ය යැයි කියලා බලන එක, කාරණා 8ක් බලනවා නේ.
ඉතින් ඕකේ කාම සඤ්ඤා කියන එක කලින් බලලා තියෙනවා, ජරා, වේදනා, අසම්පජානකාරීත්වය රේඛාව නේ. ඒකේ වේදනාවේ සිට අසම්පජානය දක්වා තමයි කාම සඤ්ඤාව කියන එක ලකුණු වෙන්නේ. ඊළඟට අර රූප සඤ්ඤා කියන එක දිට්ඨි අනුසය පාර. ඒක වැටෙන්න ඕනෑ දැන් භය අගති, වේදනා, රූප. ඒ රූප සඤ්ඤා කියන එක ලකුණු කරගන්න ඕනෑ භය අගති ඉඳන් වේදනා දක්වා.
එතකොට මේ ධර්මයෝ අභිනන්දනා නොකරන්නේ වේදනා, ඒ අසම්පජාන රේඛාව වේදනා, චේතනාව දක්වා කරකැවීමක් නොවන්නේ විඤ්ඤාණඤ්චායතනයේ බැස ගැනීම කියන එක සිද්ධ වෙනවා. ඒ වෙලාවේ නම් විඤ්ඤාණඤ්චායතනයේ වීමත්, ඒ වගේ ම හරි සුඛයි කියන එකත්, ඒ අවස්ථාවෙදි මට හොඳට දැනුණා.
එතකොට ඊයේ භාවනාව වගේ ම අර ප්‍රඥා විමුක්තිය අවස්ථාව, මතක ද අපි අර ජරා, වේදනා, අසම්පජානය රේඛාව අර bell shaped curve එකේ B point එක හදන්නේ නෑ කියන එක.
ඔය අවස්ථාවට පත් වෙනකොට රූපත් පේනවා, අනාශ්රවත් වෙනවා. නෙවසඤ්ඤානාසඤ්ඤාත් වෙනවා. ඒවත් වෙනවා. එතකොට මේ අවස්ථාවෙදි, ඒක හදන්නේ නෑ කියලා නවතිනකොට අර advanced program එකේ අපි ඉගෙන ගත්තා නේ අර රූපයේත් වේදනාවේත්, ජරා ධර්මය, ඒ කියන්නේ 3.3, 4.3 කියා. අන්න ඒක වැටහෙන්නේ ඉතින් නිර්වාණය සාක්ෂාත් කරනවා. අර ඊයේ ක්‍රමයට ම මෙතන මේ විඤ්ඤාණඤ්චායතනයෙනුත් මේක සිද්ධ වෙනවා.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්