ඒ උතුම් බුදුපියවරු ශ්රද්ධාවෙන් යුතුව සිහි කළා.
මහානිදාන සූත්රයේ සඳහන් වන ධර්ම කොටස සිහි කළා. “ආනන්දය, මෙසේ වේදනාව ප්රත්යය කොටගෙන තණ්හාව ඇති වේ. තණ්හාව ප්රත්යය කොටගෙන රූප ආදී අරමුණු සෙවීම, පර්යේෂණ ඇති වන්නේ ය. සෙවීම ඇති කල්හි රූප ආදී අරමුණු ලැබීම වේ. රූප ආදී අරමුණු ලැබීම ඇති කළ, හොඳ නරක විනිශ්චය කරයි. විනිශ්චය ඇති කළ, ඡන්දරාගය, දුර්වල රාගය, බලවත් රාගය උපදී. ඡන්දරාගය ඇති කළ මම ය, මාගේ ය යන අදහස උපදී.”
එතකොට මේකේ මේ කාමච්ඡන්දය අපි දන්නවා, ජාති, ජරාවලට අපි කැමති වෙලා තියෙනවා. දුක්ඛ table එකේ අපි දන්නවා ඒ slide එකේ මුල ම තියෙන එකේ පෙන්නනවා ඔය අත්තා කියන එක හැදෙනවා, මැද අත්තා. එතනින් සංස්කාර දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා. ලාභ වශයෙන් ගැනීමට සංස්කාර දුක්ඛතාවය ප්රධානයි. එම සංස්කාරයෝ පර්යේෂණ විනිශ්චයට යටත් වෙනවා. හොඳ උදාහරණයක් තමයි, මේ heaters දෙකක් තියෙනවා නම් රත් කරන්න තියෙන හොඳ ම ක්රමය මොකක් ද?
එතකොට නමුත් ජරාව ඇති නම්, කුමන ක්රමයකටවත් මේක පැවතිය නොහැක. ඉතින් මේක එකපාරට ම අර ජරා, වේදනා අසම්පජාන රේඛාවත් එක්ක සම්බන්ධ වෙනවා, පටිඝානුසය. මෙය කුමන සංස්කාරයකින් කැරකීම කළත් පැවතිය නොහැකි ය. අපි ඒ සංස්කාරයන් හොයනවා. එච්චර තමයි තියෙන්නේ.
රූපයෙන් තොරව ආකාසානඤ්චායතනයට ගොස් හෝ කැරකීම කළ නොහැක. කුමක් නිසා ද? වේදනාව ජරා වූ බව සඤ්ඤාව තුළට කාවැදී ඇත. 5.3 තුළ සඤ්ඤා ජරා.
එහෙම නම් අපි කලින් බැලුවා අර bell shaped curve එක flat වෙලා යනවා කියලා. අර A, A1, A2 ඒ විදිහට යන sequence එක. ඒකේ අපි ඉගෙන ගත්තා A වල අගය C වල අගයට වඩා වැඩියි. ඊට පස්සේ, ඉතින් අපිට එහෙම නම් A1 වල අගයත් C1 වල අගයට වඩා වැඩි වෙනවා. මැරී, මැරී යන curve එක පමණක් ඇත. පැවතිය නොහැක.
ඉතින් මේක තේරුම් ගන්නවා නම්, ඒ සියලුම ඉන්ද්රියන් සමඟ විමුක්තිය ඇති වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්