Date: 05/07/2017 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. අද මම කළේ, අපි දන්නවා 03/07/2017 නිබ්බාන භාවනාව. ඒකත් සමඟ මේ දුක්ඛ table එකේ ඒ අවසානය දක්වා භාවනා කළා. අවසානය දක්වා භාවනා කරලා 3 වෙනිදා භාවනාව නැවතත් කල්පනා කළා.

ඒ දුක්ඛ table එකේ පළවෙනි column එකට අවධානය යොමු කළා. නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියත් රූපය ස්පර්ශ කරනවා. නමුත් ඔහු රූප, වේදනා, සඤ්ඤාවලින් තොරව පැවතීම හොඳ යැයි පවසනවා.

මුලින් ජීවිතය පැවැත්වීමට තුඩු දුන්නා වූ රූපය නිසා ම යි නෙවසඤ්ඤානාසඤ්ඤායතනයක හෝ ජීවත් වීමට ඔහුට පදනම සැකසුනේ. එසේ නම් දුක්ඛ table එකේ පළවෙනි column එක ජරා, වේදනා, අසම්පජාන රේඛාව සමඟ අර 03/07/2017 නිබ්බාන භාවනාව මෙන් බලන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය බොල් වූවක් ලෙස වැටහෙන්නේ ය. හිස් වූවක් ලෙස වැටහෙන්නේ ය. හර නැත්තක් ලෙස වැටහෙන්නේ ය. ඒ නිසා කලකිරීම ඇති වෙනවා.

මෙතෙන්දි අලෝභ ධර්මය මෙනෙහි කරන්නේ, නිර්වාණයෙන් තොර වූ කිසිවක් නොගනී.

ඉතින් අපි දන්නවා අලෝභ ධර්මය, අර සුතමය ප්‍රඥාව, ඒකෙන් අපිට සවිතක්ක සවිචාර සමාධිය, එතනින් එනවා අර අධිචිත්ත ශික්ෂාව. අන්න පේනවද අධිචිත්ත ශික්ෂාවේ පෙන්නනවා, අර නෙවසඤ්ඤානාසඤ්ඤායතන හදන සංස්කාරයන් පළමුව ඉවතලනවා, දෙවනුව අරූප ධ්‍යාන සඤ්ඤාවන් ඉවතලනවා, තුන් වෙනුව රූපයට නිත්‍යයි කියන ඒවා එකතු කිරීම ඉවතලනවා කියලා. ඉතින් එතෙන්ට ආපු ගමන් තමන්ට පේනවා මේ කෙළින් ම නිර්වාණයෙන් තොර වූ කිසිවක් ගන්නේ නැහැයි කියලා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

DukkaChakraya/DukkaChakraya-07.jpg