පූජාවෙන් පස්සේ ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. අද මම භාවනාවට ගත්තේ, අපි මතකයි නේ 7 වෙනිදා නිබ්බාන භාවනාව. 07/07/2017 ඒකෙදි අපි බැලුවා ඒ මෙත්තා සූත්‍රයේ භාවනාව.
නැවතත් මතක් කරනවා නම්, අපි බැලුවා අර සුවච වීම කියන එක සිද්ධ වන්නේ අර සිල් පද කොටස් 7, ඒකෙදි අපි පලාස කරන්නේ නෑ කියලා. පලතුරු කාලා ඉන්න මනුස්සයා, එයා ඒ කුකුල් පට්ටියක් දාගෙන ඉන්නවා කියන එක, ඒක කරන්නේ නෑ. ඒ කියන්නේ සංස්කාරයන් පලාස කරන්නේ නැතුව කියලා.
ඊට පස්සේ සුවච වුණායින් පස්සේ මුදු වෙනවා කියන එක. “ඒ සංස්කාර order කරන්නේ නැතිකම නිසා” කියලා රහතන් වහන්සේ පෙන්නුවා. පළවෙනි හාමුදුරුවන්ට වඩා ඒ මගේ සංස්කාරය, දැන් මේ කය හැදුවා කියන එකත් සංස්කාරයක් නේ. ඒක ඉස්සරහින් තියෙන්න යන්නේ නෑ. ඒ වගේ ම ඒ වාචසික ප්‍රගල්භයත්, ඒක අයින් කරනවා කියන එක. ඒ මගේ කතාව උසස් කියලා ගන්නේ නැතිව. එතකොට සංස්කාරයන් හුවා දක්වන්නේ නැත්නම්, ඉතින් අනතිමානී වෙනවා, මුදු, අනතිමානී.
එතකොට අනතිමානී වෙනවා නම් ඉතින් සංස්කාරයන් නිත්‍යයි කියලා ගන්නේ නෑ. එහෙනම් දිට්ඨි ආශ්‍රව අඩු වෙනවා, ඒකෙන් කාම ආශ්‍රව අඩු වෙනවා. ඉතින් එහෙම නම් අර දෙන්නෙක් ගහන්නේ නැහැයි කියලා ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන් කියලා අපි බැලුවා.
එතකොට ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා නම්, ඉන්ද්‍රිය අසංවරය මගින් දොමනස්සය විතරක් ඇති වෙනවා කියලා දැනගෙන, ඒ පටිඝානුසය භාවනාවේ විදිහට අපි වටහා ගත්තා අර ජරා, වේදනා, අසම්පජාන කියන රේඛාව. ඒකෙන් නිපකභාවයට පත් වෙනවා කියලා.
ඉතින් එතන ඒ පටිඝානුසය භාවනාවේ ඒ කොටස හොඳට මතක තියෙන්න ඕනෙ. ඒකෙන් පෙන්වන්නේ මොකක් ද, මේ පටිඝානුසය මගින් මේ අසම්පජානකාරීත්වය සුඛයි කියලා කියනවා. ඒක අපි කලින් සත්තො ගුහායං භාවනාවෙදි හොඳට බැලුවා, අර සීයාගේ කතාව විදිහට.
එතකොට ඒකෙන් අපි පෙන්නුවා, මේ නිපකභාවයක් තියෙනවා නම්, ඒකේ තුළ සම්මා දිට්ඨිය ඇතුල් වෙනවා. එහෙම නම් ධ්‍යානයක් හරි මගේ කියලා ගන්නේ නෑ. කිසිම කුලයක ඇලෙන්නේ නෑ කියලා.
කුලේක ඇලෙන්නේ නැත්නම් ඒක මගේ නොවේ. එහෙම නම් සම්මා සංකප්පය ඇති වෙනවා. මිච්ඡා දිට්ඨිය නිසා අභිජ්ඣා වීම කියන එක වැළකෙනවා. ඉතින් මෙතෙන්දි අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දීපු අභිජ්ඣා ඉවත් කරන ඥාන පථ, ඒ කොටස හොඳට අපි බලන්න ඕනේ.
ඒකේ තියෙන්නේ අර සම්මා දිට්ඨියෙන් ප්‍රඥාව, ඒකෙන් ශ්‍රද්ධාව, ඒකෙන් හිරිය, හිරියෙන් ඕතප්පය, ඕතප්පයෙන් විරිය, විරියෙන් ඡන්දය සමාධිය කරා ගමන් කරනවා කියන එකයි. එතකොට ඒකේ, මිච්ඡා දිට්ඨිය නිසා අභිජ්ඣා, දොමනස්ස, පලාස කරන්නේ නැහැයි කියලා අපි පෙන්නුවා.
එතකොට මේ භාවනාව කරලා, අද මං භාවනාවේ දී කළේ මොකක් ද? ඔය ඉන්ද්‍රිය සංවරයෙන් පස්සේ, ඒ ජරා, වේදනා, අසම්පජාන රේඛාව මෙනෙහි කරලා, ඒකෙන් ප්‍රඥා විමුක්තිය. දැන් මගේ සීයා කොච්චර හිතුවත් මේක මේ අබයි, සූදුරුයි, කහයි දාලා හදන්න පුළුවන් වෙයි කියලා, ඒක කරන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. එයා ඉල්ලන්නේ දුකක් ම තමයි.
එතකොට ඒ වේදනාවෙන් දුකක් ම තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට එතන එහෙනම් ප්‍රඥා විමුක්තිය ඇති වෙනවා. ඒ ප්‍රඥා විමුක්තිය ඔය විදිහට ඇති වෙලා, ඒකෙන් ඒ සම්මා ආජීවය කියන එකට එනවා. මොකද? සම්මා දිට්ඨියෙන් සම්මා ආජීවය දක්වා එනවා.
එතකොට ඒ සම්මා දිට්ඨිය මගින් මිච්ඡා දිට්ඨිය නිසා වන අභිජ්ඣා වීම ඉවතලීමට තමන් සතුටු වෙනවා. ඒ සඳහා, නිර්වාණය සඳහා ඡන්දය සමාධිය කියන එක එහෙනම් එතෙන්දි ඇති වෙනවා. කිසිම කුලයක නොඇලෙන්නේ, ඒ මණ්ඩලාධිපති බුදුපියා පෙන් වූ පථය ඔස්සේ ඡන්දය සමාධිය ස්ථීර වෙනවා. ඉස්සෙල්ලා ඡන්දය සමාධියට ආවා. ඡන්දය සමාධිය ස්ථීරභාවයට කියන එක පත් වෙනවා.
මෙත්තා සූත්‍රයේ භාවනාව ඉදිරියට කරගෙන ගියහම, ඒ කිසිම රූප කුලයක නොඇලීම සඳහා පදනම සැකසෙනවා. දුක්ඛ table එක හරහා යෑම මගින් තමන්ට ඊට පස්සේ කරන්න පුළුවන් දේ තමයි, අර නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කියන එක, ඒක හිස් වූවක් විදිහට, බොල් වූවක් විදිහට තමන් දකිනවා.
ඉතින් එහෙම නම් තමන්ට පේනවා අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රය වගේ මේ ඔක්කොම සක්කාය නේ. රූපය අල්ලාගෙන ඉන්නවා කියන එක, ඊළඟට නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඒකත් හිස් වෙච්ච එකක්. එහෙම නම් එකක්වත් ගන්නේ නෑ. අන්න එහෙම නම් නිර්වාණය සාක්ෂාත් කරගන්නවා.
ඒක තමයි මං කරපු භාවනාව.