Date: 15/07/2017 Name: Nibbana

ඒ පූජාවෙන් පස්සේ ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ සිහි කරලා, අද භාවනාවට ගත්තේ, අපි 13 වෙනිදා භාවනාවක් කළා.

ඒ භාවනාවෙදි අපි සාකච්ඡා කළා, අර ඉන්ද්‍රිය සංවරයෙන් පස්සේ අර ජරා, වේදනා, අසම්පජාන රේඛාව මෙනෙහි කරලා, ඒකෙන් ඒ ප්‍රඥා විමුක්තිය ඇති වෙනවයි කියලා. ඒකෙන් සම්මා ආජීවය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් සම්මා ආජීවය කියන එක.

එතකොට මේකෙන් ඒ සම්මා දිට්ඨිය ඇති වුණා ම අර මිච්ඡා දිට්ඨිය නිසා අපිට අභිජ්ඣා කියන එක වෙනවද, ඒක ඉවතලීමට අපි සතුටු වෙනවා. ඒකෙන් ඒ නිර්වාණය සඳහා ඡන්ද සමාධිය ඇති වෙනවා කියලා.

ඉතින් ඒ භාවනාවෙන් ඉගෙන ගත්තා කිසිම ධ්‍යාන තලයක නොඇලෙනවා නම්, මණ්ඩලාධිපති බුදුපියා පෙන්නපු පථය ඔස්සේ, ඒ ඡන්ද සමාධිය කියන එක ස්ථීර වෙනවා කියලා. ඉතින් ඒකේ මෙත්තා සූත්‍රයේ භාවනා කළා අර නෙවසඤ්ඤානාසඤ්ඤායතනය හිස් වූවක් ලෙස දැනගෙන නිර්වාණය සාක්ෂාත් කරනවා කියලා.

අද මම මේ භාවනාව පටන් ගත්තේ, සත්තො ගුහායං ගාථාවෙන්. එතකොට ඒ ගාථාවෙන් ඇවිල්ලා අපි දැන් ඉතින් සාකච්ඡා කරලා තියෙනවා මේක දීර්ඝ වශයෙන්. ඒ සත්තො කිව්වහම ඡන්දය, නන්දිය, රාගය ඒවා ඇලිච්ච එක්කෙනා තමයි මේ සත්වයා කියලා කියන්නේ.

ගුහාව කියලා කියන්නේ මේ කයට අධිවචනයක්. “සත්තො ගුහායං බහුනාභිඡන්නො,” අපි නිර්වාණය කියන එක අපිට විවිධාකාරයෙන් ඔය විදිහට වැසිලා තියෙනවා. ඒ රාගය වුණා නම් නිර්වාණය වැසෙනවා. “තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො.” තිට්ඨං කියන්නේ සිටියා. රාග වශයෙන් රත් වුණා හිටියා. ද්වේෂ වශයෙන් දුෂ්ට වුණා, හිටියා මෝහ වශයෙන් මූඪ වුණා, හිටියා ඔය විදිහට පෙන්නනවා. ඉතින් අනුසය වශයෙන් ස්ථීර වුණා, හිටියා කියලා.

ඉතින් ඒකෙ පෙන්නනවා මේ පටිඝානුසය මගින් ඒ අසම්පජානකාරීත්වය සුඛ යැයි කියලා ස්ථීර කරනවා. ඒ කියන්නේ ජරා, වේදනා, අසම්පජාන කියන රේඛාව. සම්පජානකාරීත්වය තියෙන්නෙ ඉතින් තණ්හාව නිසා මේ දුක්ඛය ඇති වෙනවා, තණ්හාව නැති වුණා ම නැති වෙනවා කියන එක.

එතකොට ඒක ස්ථීර කරනවා. ඒ කියන්නේ මම දුකයි කියලා දැනගන්නේ නැති එක, දුක්ඛය ඇති වෙන්නේ මේකයි කියලා දැනගන්නේ නැති එක හොඳයි කියලා ස්ථීර කරනවා. Firm කරනවා එයා. එතකොට අවිද්‍යා අනුසයෙන් සියලු විපල්ලාසයන් ස්ථීර කරනවා.

ඉතින් ඔය ගාථාවේ ඊළඟට තියෙනවා “දූරේ විවෙකා හි තථාවිධො සො.” එතකොට ඒ දැන් දුර වෙනවයි කියන්නේ ඉතින් ඈත් වෙනවා. විවේකයෙන් ඈත් වෙනවා. Seclusion කියන එකෙන් ඈත් වෙනවා. විවිධාකාරයෙන් අපි ඈත් වෙනවා.

ඒ කියන්නේ දැන් බලන්න මේ විවේකය කිව්වහම ප්‍රථමධ්‍යානයට ගිය පුද්ගලයාට පංචනීවරණවලින් විවේකය තියෙනවා. එතකොට ද්විතීය ධ්‍යානවලට ගිය එක්කෙනාට විතක්ක විචාරවලින් විවේකය කියන එක තියෙනවා. ඔය විදිහට පෙන්නනවා ඉතින් නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාට හත් වෙනි ධ්‍යාන සඤ්ඤාවෙන් විවේකය තියෙනවා කියලා.

මේ දක්වා ගිහිල්ලා, මේකෙන් අනතුරුව අපි මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය හිස් වූවක් කියලා දැක්කොත්, ඒක දකින්න ඉතින් දුක්ඛ table එක හරහා ගිහිල්ලා, ඒ නන්දි වීම නොවටින්නේ සුඛ වන්නේ ද, දුක වන්නේ ද? ඒ භාවනා කොටස එතන කෙරෙන්න ඕනෙ.

එහෙම නම් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය හිස් වෙච්ච දෙයක් කියලා, ඒක එපා කියලා කියනවා නම්, කිසිදු ඉපදීමක් කියන එක සිද්ධ වන්නේ නෑ. කිසිදු ඉපදීමක් ඒ නොවෙනවායි කියන එක ඒකෙ වැටහෙනවා.

එතකොට ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

DukkaChakraya/DukkaChakraya-07.jpg