ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සිහි කරලා, මම බැලුවා මේ අමෝහ කුසල මූලය කියන එක සිහි කළා. අපි දන්නවා අමෝහ පාර, භාවනාමය ප්‍රඥාව, අවිතක්ක අවිචාර සමාධිය. එතකොට ඒ අවිතක්ක අවිචාර සමාධියේ කාම විතක්කයක් නෑ, විචාරයක් නෑ, ව්‍යාපාද විතක්කයක් නෑ විචාරයක් නෑ, විහිංසා විතක්කයක් නෑ විචාරයක් නෑ. ඉතින් අපි ඕකේ සම්බන්ධතාවය බලලා තියෙනවා, ඕක මේ පළවෙනි column එකේ අලෝභ පාරේ එන්නා වූ එකත් එක්ක.
එතකොට අපි ඒ කාරණාව අපි ලියා ගනිමු a කියලා, පළවෙනි කාරණාව. ඒ කියන්නේ සවිතක්ක සවිචාර සමාධිය, මෙත්තාව, ඒකේ රූපය ජරා වන බව දැකලා ඉවත් වීම කියන එක කරනවා. මේ විදිහට මේ කාම විතක්කය කියන එක අපි ඉක්මවනවා. ඒක ඉක්මවීමෙන් අවිතක්ක අවිචාර සමාධියේ කාම විතක්කය නැත යන ධර්ම කොටසට අපි පැමිණෙනවා.
ඊළඟට අපි ඊළඟ කාරණාව b කියලා අපි ලියා ගමු. අවිතක්ක විචාරමාත්‍ර සමාධිය, භවයේ යන විතක්කය නැත, ඒ නිසා ව්‍යාපාද විතක්කය නැත. මෙසේ අවිතක්ක අවිචාර සමාධියේ ව්‍යාපාද විතක්කය නැත යන ධර්ම කොටසට එළඹෙනවා.
ඊළඟට අපි ගමු තුන් වෙනි කාරණාව c කියලා. ඒකෙන් කියන්න පුළුවන් දැන් අපි a, b කියලා කාරණා දෙකක් සාකච්ඡා කළා නේ. ඒ කාරණා දෙකට, අමෝහ පාරේ යන නිසා සංස්කාර ඉවතලීම එකතු කරන්නේ අවිතක්ක අවිචාර සමාධියේ කාම විතක්කයෝ නැත, විචාරයෝ නැත. ව්‍යාපාද විතක්කයෝ නැත, විචාරයෝ නැත යන්නට එළඹෙනවා.
එතෙන්දි අපිට පේනවා පාණාතිපාතය ආදී වශයෙන් සංස්කාරයන් ඉවතලනවා අපි අමෝහ පාරේ යන නිසා.
දැන් ඊළඟට අපි පෙන්නුවා නේ දැන් c කියලා එකක් නේ ද? අන්න ඒ c කියලා ගත්ත එක, ඒක මගින් සංස්කාර ඉවත ලා අමෝහ පාරේ යනවා නම් විහිංසා විතක්කයෝ නැත.
එතකොට මෙතන මේ ආපහු කිව්වේ සංස්කාර ඉවතලූවා කියලා. දැන් ටිකකටත් ඉස්සෙල්ලා කීව නේ සංස්කාර ඉවතලයි ආවේ කියලා. මෙතන කතා කරන්නේ මොන සංස්කාරයෝ ද? මෝහය නිසා වන ලෝභ ධර්මයෝ. ඒ කියන්නේ පිසුණා වාචය නිසා මෝහය, වෙන් කිරීම හොඳ යැයි සිතන විතක්කය, ඒ වගේ දේවල්.
එතකොට මේ කාම විතක්කයෝ ඇති වෙන්නේ කාම සඤ්ඤාව නිසා. ඕක පෙන්නනවා, මේ සංයුත්ත නිකායේ ධාතු සංයුත්තයේ සනිදාන සූත්‍රයේ. ව්‍යාපාද විතක්කයෝ ඇති වෙන්නේ ව්‍යාපාද සඤ්ඤාව නිසා. විහිංසා විතක්කයෝ ඇති වෙන්නේ විහිංසා සඤ්ඤාව නිසා. එතකොට මෙන්න මේ සඤ්ඤා 3, අපිට පුළුවන් diagram එකක ලකුණු කරන්න.
මතක ද අපි කාම සඤ්ඤාව ලකුණු කළා. ඒ ජරා, වේදනා, අසම්පජාන රේඛාවේ වේදනාවේ ඉඳන් අසම්පජාන දක්වා කාම සඤ්ඤාව. එතකොට දැන් අපිට පේනවා එහෙනම් ඒ කාම සඤ්ඤාව කියන එක, ඒක නැති වෙනවා අර මෙත්තාව. අපි a කියලා කිව්වේ, පළවෙනි කාරණාව, ඒකයි මම a, b, c කියලා දැම්මේ. A, මෙත්තා. ඒ කියන්නේ කෙටියෙන් සටහන් කරගන්නවා නම්, රූපයේ ජරා බව දැනගෙන ඉක්මවීමෙන් කාම සඤ්ඤාව කියන එක අපි ඉවතලනවා.
ඊළඟට අපි දන්නවා මේ පරාමාසයේ ඉඳන් විඤ්ඤාණයට, චේතනාවේ ඉඳන් ඉදංසච්චයට cross එකක් තියෙනවා. ඒක කැපෙන තැන ජීවිත ඉන්ද්රිය. එතකොට පරාමාසයේ ඉඳන් ජීවිත ඉන්ද්රිය දක්වා අපි ලකුණු කරගන්නවා ව්‍යාපාද සඤ්ඤාව කියන එක. එතකොට දැන් අපි b කියලා බැලුවේ. ඒකෙන් පෙන්නුවා නේ භවයේ යන විතක්කය නැති කිරීමෙන් ව්‍යාපාද සඤ්ඤාව කියන එක නැති වෙනවා.
එතකොට ඊළඟට දැන් ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චයට රේඛාව තියෙනවා නේ, අන්න ඒකේ ලකුණු කරගන්නවා විහිංසා සඤ්ඤාව කියලා. එතකොට ඒ විහිංසා සඤ්ඤාවේ, අපි දැන් c කියලා බැලුවා නේ. අර “a, b සහ අමෝහ පාරේ යන නිසා සංස්කාර ඉවත ලා විහිංසා සඤ්ඤාවෝ මඟ හරිනවා” කියලා, රහතන් වහන්සේ පෙන්නනවා, neglect කරනවා.
එතකොට ඒ විහිංසා සඤ්ඤාව මඟ හරින්නේ, විහිංසා විතක්කය කියන එක ඉක්මවනවා. දැන් ඉතින් පේනවා මේ pattern එක නේ ද. දැන් ඊට පස්සේ ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට යන රේඛාව, අර කුඩා diamond එක මේ බලන්නේ. අන්න එතෙන්ට ආපහු එනවා විහිංසා සඤ්ඤාව කියලා.
අන්න ඒ අවස්ථාවේ දී ඒ විහිංසා සඤ්ඤාවෙන් අපි නැති කරගන්නේ විහිංසා විචාරයෝ. ඉදංසච්චයට එන එකෙන්, විහිංසා සඤ්ඤාවෙන්, විහිංසා විතක්කය. පල්ලෙහා එකෙන් විහිංසා විචාරය. ඉතින් අන්න ඒකට අපි එහෙනම් ලකුණු කරගන්න පුළුවන්, ඒ කියන්නෙ, අපි කලින් කතා කළා නේ විහිංසා සඤ්ඤාවන්, අර ඉදංසච්චයට එන එක. එතකොට ඒවා මඟ හරිනවා නම් විහිංසා විතක්කය ඉක්මවීමට දක්ෂ වෙනවා. එහෙම දක්ෂ වෙනවා නම්, ඉදංසච්චය තුළට මෙය ම සත්‍යයයි ගන්නා මුසාව බැස නොගන්නේ, මිච්ඡා දිට්ඨි නිසා වන අභිජ්ඣා, ඒ කියන්නේ චිත්ත සංස්කාර, ඒක ඉවතලනවා. එහෙම නම් පග්ගහ නිමිත්ත තුළ සම්මා දිට්ඨිය නිසා අනභිජ්ඣාව වෙනවා.
ඉතින් මෙතෙන්දි අවිතක්ක විචාරමාත්‍ර සමාධිය නිර්වාණය ම සොයනවා. ඒ කියන කාරණාවත් ඒ වගේ ම අධිප්‍රඥා ශික්ෂාව, අරූප ධ්‍යාන කුසලය, අන්න ඒ දෙක උදව් උපකාර වෙනවා.
දැන් එහෙම නම් මේ පොඩි diamond එකේ ඊළඟට කෑල්ලට එනවා. ඒ කියන්නේ පරිදේවයේ ඉඳන් පරාමාසයට එන්නා වූ කෑල්ල. එතකොට එතැන කෙනෙක් ලකුණු කරගන්න ඕනෙ, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රව වීම හෝ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් දිට්ඨි ආශ්‍රව නොවේ නම්, පග්ගහ නිමිත්ත සම්පූර්ණ වන්නේ චතුරාර්ය සත්‍යයේ මනා කොට බැස ගැනීම නිසා පරාමාසය කියන එක පිරිසිදු වෙනවා.
ඉතින් ඕක හරි ලස්සනට සම්බන්ධ වෙනවා අර අමෝහ slide 11 තියෙන්නේ, ඒකෙ අපි පෙන්නුවා නේ අර commode එකේ කතාව එහෙම කීවේ. පරාමාසය පිරිසිදු වීම මනා කොට වැටහෙනවා. ඒ කියන්නේ මේ පරාමාසය පිරිසිදු වීම සිද්ධ වන්නේ කොයින් ඇවිල්ලා ද? මේ පරිදේව පැත්තෙන්, යට පැත්තෙන් ඇවිල්ලා. ඒ කියන්නේ අර චතුරාර්ය සත්‍ය, පග්ගහ නිමිත්ත හරහා මේකට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා පරාමාසයට ආපු දේවල් ඔක්කොම ඒක සුද්ද කරනවා වගේ ඒක සිද්ධ වෙනවා.
එතකොට අර අමෝහ එකේ තියෙන එක හරි ලස්සනට මේ සඤ්ඤා තුනත් එක්ක බලන්න පුළුවන්. ඉතින් භාවනාව ටිකක් අමාරුයි මතක තියාගන්න ඕන නිසා. නමුත් අර ලියාගෙන බැලුවා ම ඒක කරන්න පුළුවන්.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්