Date: 17/07/2017 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අද භාවනාවට කළේ, ඊයේ භාවනාව ම දිගට කරගෙන ගියා. ඒකේ අඤ්ඤාතාවින්ද්‍රිය කියන එක, ඒක අපි දන්නවා පග්ගහ නිමිත්ත පුනපුනා වඩන්නේ, මනස යොමු වන්නේ, එයින් අඤ්ඤාතාවින්ද්‍රිය ඇති වෙනවා. අඤ්ඤාතාවින්ද්‍රිය කියලා කියන්නේ මොකක් ද? යම් ආශ්‍රවයක් ක්ෂය වීමක් ඇති ද එයයි. එමගින් අනාශ්‍රව වෙනවා. එතකොට මේක සිදු වන්නේ කෙසේ ද? අනාශ්‍රව චිත්තයේ පුනපුනා වැඩීමක්, දියුණු කිරීමක් ඇත්ද එයයි. ඒක සතර ආකාරයකින් සම්පූර්ණ විය යුතුයි කියලා අපි බැලුවා.

පළවෙනියට පෙන්නුවා යම් ආශ්‍රවයක් නොඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ නොඉපදීම පිණිස වෑයම් කළ යුතුයි. යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ පහ කළ යුතුයි. යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් කළ යුතු ද එම කුසලයෝ වඩා තිබිය යුතුයි. යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් පැවැත්විය යුතු ද එම කුසලයෝ මුළා නොවී පැවැත්විය යුතුයි.

එතකොට දැන් ඊයේ භාවනාවෙදි අපි සඳහන් කර ගත්ත නේ කාරණා හතරක්. අර පරාමාසය, ජීවිත ඉන්ද්‍රිය, ඉදංසච්චය, පරිදේවය, ආපහු පරාමාසයට එන diagram එක.

s_AvitakkaAvicara.jpg

එතකොට එකේ අපි අර කාරණා තුන මතකයි නේ. පරාමාසයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට, ඒක තමයි අපි අර b කියලා එහෙම ලකුණු කර ගත්තේ, ඊට පස්සේ ඒ ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චයට එන එක නවත්වනවා කියලා ඒක c කියලා ගත්තා, ඊළඟට ආපහු පල්ලෙහායින් ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට, එන එක මෙතන d කියලා අපි සලකුණු කර ගත්ත.

එතකොට ඒ මගින් පරිදේවය දක්වා ඒම නැවැත්වීම කළත්, තවමත් ඉතිරිව ඇත්තා වූ දහමක් පරාමාසය කරා ගමන් කිරීම සිදු විය හැකි ය. මෙය අරූප ධ්‍යාන සඤ්ඤා ඉවත් කිරීමට අපොහොසත් වීම ලෙස සැලකිය හැකි ය. එනම් අධිප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ නොවූ අයකුගේ, ඉතිරිව ඇති, ශේෂ නොවූ ධ්‍යාන සඤ්ඤාවක් අළලා පැවතීමක් තිබිය හැකි ය. මෙම ධ්‍යානයෝ නිසා කාම ආශ්‍රව අවිද්‍යා ආශ්‍රව වීම කියන එක එයාට සිද්ධවන්න පුළුවන්.

එතකොට මේක පහ කිරීම සඳහා අපි වෑයම් කරන්නේ, එහෙම නම් දැන් අපිට එනවා “යම් ආශ්‍රවයක් නොඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ නොඉපදීම පිණිස වෑයම් කළ යුතුයි.” අන්න ඒ කාරණාව දැන් අපිට ලකුණු කරගන්න පුළුවන්, පළවෙනි එක පරාමාසයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා තියෙන රේඛාවේ.

ඒ diamond එකේ දැන් මේ ඉස්සෙල්ලා එක වටයක් නම්, මේ තව වටයක් වාගේ එනවා මේක.

එතකොට ඊළඟට, මින් අනතුරුව, මෙහි නැවතීම සම්පූර්ණයෙන් සාර්ථක නොවූවොත්, එමගින් වන්නා වූ යම් චේතනාවක් වේ ද, එහි බලපෑම ඉවත් කිරීමට දෙවෙනි කාරණය ඒ කියන්නේ “යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ පහ කළ යුතුයි.” අන්න ඒ කාරණාව ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චය දක්වා තියෙන රේඛාවේ 2 යි කියලා අපිට ලකුණු කරගන්න පුළුවන්.

එතකොට මෙහි දී භවයේ යන විතක්කය නැත යන කාරණාව උදව් උපකාර වෙනවා. මතක ද, භවයේ යන්නේ නැහැයි කියන එක අපි ලකුණු කරගන්නේ, අතන අර b කියන point එකේ නේ. ඒ කියන්නේ පරාමාසයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා යන එක ඒක නේ. ඒක නේ අපි ව්‍යාපාද සඤ්ඤාව කියන එක එහෙම අයින් කර ගත්තේ. එතකොට ඒක උදව් උපකාර වෙනවා. ඒ කියන්නේ භවයේ යන විතක්කය නැති කාරණය කියන එක උදව් උපකාර වෙනවා. ඒකෙන් භව ආශ්‍රවය පහ කිරීම අපිට වටහා ගන්න පුළුවන් වෙනවා, එතකොට අර ධ්‍යානයක් නිසා හරි අල්ලාගෙන ඉඳලා ඇති වෙන භව ආශ්‍රව ස්වභාවය.

ඊළඟට තුන් වෙනියට එනවා “යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් කළ යුතු ද, එම කුසලයෝ වඩා තිබිය යුතුයි.” එතකොට අන්න ඒ කාරණාව අපිට ලකුණු කරගන්න පුළුවන් ඉදංසච්චයේ ඉඳන් පරිදේවය, දක්වා එන්නා වූ රේඛාවට.

එතකොට මෙමගින් දිට්ඨි ආශ්‍රව නොවීම නිරූපණය කරන අතර එය, ඒ කියන්නේ, ඒක සිද්ධ වෙන්නේ කොහොම ද? අත්තා නොවීමත් නිත්‍ය කියන එක නොවීමත් මගින්. ඒ කියන්නේ ඉතින් ඕක සම්බන්ධ වෙනවා නේ අර මගඵල චිත්තය මගින් සහ ආනෙඤ්ජ විහාර මගින් තමයි ඒක සිද්ධ වන්නේ. එතකොට ඒක ඉතින් හෙට භාවනාවෙදි ඕක සම්බන්ධ වෙනවා. එතකොට දිට්ඨි ආශ්‍රව නොවීම මෙන්න මේ විදිහට වටහා ගන්න ඕනෙ.

ඊළඟට විහිංසා විචාරයෝ ඉවතලීම කියන එක මේකට උදව් උපකාර වෙනවා. ඒක කොහොම ද? ඒ කියන්නේ සම්මා දිට්ඨි නිසා අභිජ්ඣා නොවීම. එහෙම නම් චිත්ත සංස්කාර නොසෑදීම කියන එක උදව් උපකාර වෙනවා.

ඊළඟට හතර වෙනි එකට පෙන්නනවා “යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් පැවැත්විය යුතු ද එම කුසලයෝ මුළා නොවී පැවැත්විය යුතුයි.” අන්න ඒක ලකුණු කරගන්න පුළුවන් පරිදේවයේ ඉඳන් පරාමාසය දක්වා රේඛාවට, හතර වෙනි කාරණය. එතකොට මෙතෙන්දි මේ අවිද්‍යා ආශ්‍රව නිසා කාම ආශ්‍රව නොවීම, ඒ පග්ගහ නිමිත්ත මගින් නවතාලනවා, මේ අවස්ථාව වෙනකොට. මේ ඉහළ ම සම්මා දිට්ඨිය පැමිණීම මගින් නවතාලනවා කියන එක තියෙනවා.

ඉතින් මේක කළාට පස්සේ එකක් තමයි, ඔය ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චයට යන්නැහැයි කියන කොටස ගන්නකොට, හොඳ සමාධිය එහෙම ම පවතිනවා. ඊට පස්සේ ආපහු ඔය පරිදේවයේ ඉඳන් පරාමාසයට එන්නේ නෑ කීවා ම ඉස්සෙල්ලා තිබිච්ච එක එහෙම ම ස්ථිර වෙලා ඒක පවතිනවා.

මෙහෙම ගියහම වැටහීම ඇති වෙන්නේ, මේ මමංකාර ඒ අත්තා කියන කතාව මෙතෙන්දි ගැලවිලා යනවා, මමංකාරය අත්තා කියන එක. ඕක ඉතින් තව ගැඹුරට කෙනෙකුට බලන්න පුළුවන්. ඉතින් ඒක අපි පස්සේ ආපහු බලමු.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.