Date: 18/07/2017 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අද භාවනාවට ගත්තේ ඊයේ භාවනාව දිගට කරගෙන ගියා. ඊයේ භාවනාවෙදි මතකයි, මේ පරාමාස, ජීවිත ඉන්ද්‍රිය රේඛාවේ අපි ලකුණු කරගත්තා අර “යම් ආශ්‍රවයක් නොඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ නොඉපදීම පිණිස වෑයම් කළ යුතුයි” කියලා පළවෙනි කාරණය 1යි කියලා දාගත්තා.

ඊළඟට දෙවෙනි කාරණය, “යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ පහ කළ යුතුයි.” ඒක අපි ලකුණු කර ගත්ත ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චය දක්වා ඒ රේඛාවේ. එතකොට ඊළඟට තුන් වෙනි කාරණය, “යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් කළ යුතු ද, එම කුසලයෝ වඩා තිබිය යුතුයි” කියන කාරණය ඉදංසච්චයෙ ඉඳන් පරිදේව දක්වා රේඛාවේ 3 යි කියලා ලකුණු කර ගත්ත.

ඊළඟට “යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් පැවැත්විය යුතු ද, එම කුසලයෝ මුළා නොවී පැවැත්විය යුතුයි” කියන එක හතර වෙනි කාරණය, අපි ලකුණු කර ගත්ත පරිදේවයේ ඉඳන් පරාමාසය දක්වා එන එකට. එතකොට ඊයේ අපි පෙන්නුවා ඕක අර මමංකාර අත්තා ඉවත් වෙනවා කියන එක. ඒ කියන්නේ ඔය හතරෙන් නතර වෙනවා නම් තමයි ඒක සිද්ධ වෙන්නේ.

අද බැලුවේ අවිහිංසූපවිචාරය. ඒකේ පෙන්නනවා, අඤ්ඤාතාවින්ද්‍රිය මගින් අවිහිංසූපවිචාරය වැඩෙනවා. අවිහිංසූපවිචාරය කියලා කියන්නේ මොකක් ද? යම් කුසලයාගේ ඉපදවීමක් ඇත්ද, එයයි. මේක අර සෙවිතබ්බ අසෙවිතබ්බ සූත්‍රය මෙන් කියලා අපි බලලා තියෙනවා.

දැන් අපි කාරණා හතරක් කිව්ව නේ 1යි, 2 යි, 3 යි, 4 යි, කියලා. ඒ සබඳතා මගින් යම් දහමක් ගැලීම නවතාලීමට උත්සාහ කළත්, එම ධර්මයෝ ගලන අවස්ථාවන් ඇත. කුමන අවස්ථාවක් ද?

පළවෙනි එක තමයි පරාමාසයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට එන පළවෙනි කාරණය, ඒක අර කාම ආශ්‍රව අවිද්‍යා ආශ්‍රව වීම වළකා ගත නොහැකි වන අවස්ථාව මේකට උදාහරණයක් වෙනවා. එනමුදු දෙවෙනි කාරණය මගින් භව ආශ්‍රවය ඉවත් කිරීමට අපි උත්සාහ කරනවා. ඒ කියන්නේ ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චයට යනවා කියන එක. මේකත් සාර්ථක නොවන අවස්ථාවන් තියෙනවා. ඒ කියන්නේ භව ආශ්‍රවය ඉවතලීමට ශක්තිමත් නොවන, මැඩ පවත්වාගෙන ඉන්නා වූ චිත්තයන් පවතින ඒ අවස්ථාවක් වෙනවා.

දැන් ඔය මේ භාවනාව කරනකොට ඒ 1 වෙනි කාරණයේ පරාමාසයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට තියෙන ඒ කාරණාවන් ටික මම කළේ මොකක් ද, අර මුල ඉඳන් ම බැලුවා නේ, අපි ලකුණු කර ගත්ත නේ b කියලා. ඒකේ b කියලා තියෙන කාරණාවෙන් අපි පෙන්නුවා නේ අපි යන්නේ නැහැයි කියලා ව්‍යාපාද සඤ්ඤාව කියන එකට, භවයේ යන විතක්කය නැති නිසා. එතකොට ඊළඟට ව්‍යාපාද සඤ්ඤාව, ඒකෙන් ව්‍යාපාද විතක්කය අපි එතන ඒක අයින් කරලා, ඊට පස්සේ තමයි අපි මේ කාම ආශ්‍රව අවිද්‍යා ආශ්‍රව වෙන්නේ නැහැයි කියන එක ආවේ.

එතකොට ඕක වළක්වාගන්න බැරි වෙන අවස්ථාවන් තියෙනවා කියන එක තමන් ඒක කල්පනා කරනකොට ම, ඉතින් එතැන හොඳ සමාධියක් ඇති වෙනවා. එතකොට ඒ සමාධිය ඇති වුණායින් පස්සේ, ඒ තමන්ට ඉතින් එතන අර ඉන්න කියන අවස්ථාව එහෙම තියෙනවා නේ. දැන් සිතත් හරියට නතර වෙනවා. මම මේ කාම ආශ්‍රවයේ ඉඳන් අවිද්‍යා ආශ්‍රවයට යන්නේ නෑ කියන එක. සිත නතර වෙලා ඉවර වෙලා ඊට පස්සේ, අපි ඒ නතර වීම නිසා ඇති වෙන්නා වූ සුඛයේ ස්වභාවයක් තියෙනවා නේ, තමන් කැමති නේ මේක නතර වුණා කියන එකට. එතකොට දැන් එහෙම නම් මෙතන ඉන්න මේක සිත මැඩ පවත්වාගෙන ඉන්න අවස්ථාව තියෙනවා.

එතකොට ඒක දැන් තමන්ට ඇති වෙච්ච ස්වභාවය, මැඩ පවත්වාගෙන ඉන්නවා කියලා, ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චයට, මේක දැන් තමන් තේරුම් ගත්ත නේ, මේක මෙහෙමයි කියලා. එතකොට ඒක තේරුම් ගත්තහම, මේ සිත බොහොම හොඳයි. හොඳයි කියන්නේ, ඒක හරි ම, ඔය ඕකේ අර්ථය තියෙන්නෙ මොකක් ද, ඉතින් කෙටියෙන් ම කියනවා නම් අපි පරාමාසයේ ඉඳන් ඉදංසච්චයට යන්නේ නැහැයි කියන අර්ථය නේ ඔය ඇවිල්ලා තියෙන්නේ, ඔය ජීවිත ඉන්ද්‍රියට ගිහිල්ලා අපි ඉදංසච්චයට එන එක. ඒකෙ වෙන්නේ නැතෙයි කියන එක, ඒක වෙනකොට මුල ඉඳන් ම සැපක් තමන්ට දැනෙනවා. ඒක බොහොම හොඳ අවස්ථාවක්. ඉතින් දැන් ඔය අවස්ථාවේ දී තමන් ටිකක් ඉන්නවා.

ඒ වුණත් තමන් කියනවා මේ තුන් වෙනි කාරණය ඒ කියන්නේ ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට යන්නා වූ එක. ඒ තුන් වෙනි කාරණය මගින් දිට්ඨි ආශ්‍රව ඉවත් කිරීමට අපි උත්සාහ කරනවා. මෙතෙන්දිත් සාර්ථක නොවන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ යම් දහමක් නිසා ඇති වූ නිත්‍යභාවයක් වේ ද, එය නොදැනීමක් ඇති ද එයයි. උදාහරණ වශයෙන් මේ deep space එකේ, එහෙම නැත්නම් ආකිඤ්චඤ්ඤායතනයේ ඉතා දුර ගිය අවස්ථාවල පවතින සියුම්භාවය ගන්න පුළුවන්. ඒකෙ අර නිත්‍ය ස්වභාවයක් එතන තියෙනවා.

එතකොට දැන් එතෙන්දි හරි ලස්සනට එනවා, දැන් අපි ඉස්සෙල්ලා කිව්ව නේ සිත මැඩ පවත්වාගෙන එහෙම ඉන්නවා කියලා. දැන් එතකොට ඒ තත්වයට ගිහිල්ලා දැන් එතන හොඳයි කියන කතාව තියෙනවා. දැන් බලන්න අපි පෙන්නුවා අර d කියලා කිව්වේ කාරණාවන් මොකද්ද? අර ඉදංසච්චය තුළ මේක අර සුඛයි කියලා එහෙම කිව්වා නම් තමයි මේ ප්‍රශ්නය තියෙන්නෙ නේ ද? ඒ කියන්නේ මිච්ඡා දිට්ඨියෙන් ඇති වන්නා වූ අභිජ්ඣා. මෙන්න මේක නොවෙනවා කියන එක තියෙනවා නේ ද, කිව්ව ගමන් deep space වෙනවා. අර ඉස්සෙල්ලා තිබිච්ච සමාධි ස්වභාවය තිබුණා. දැන් මේ ප්‍රශ්නය ඇති වෙනවා මේකෙන් මේ අනුමත කරනවා නේ ද, මේ ඉදංසච්චයෙන් කියන එක මුසාවක් නේ ද, කියන එක ගත්ත ගමන් අන්න තමන් deep space එක කියන එකට තමන් එතෙන්ට යනවා.

එතකොට දැන් ඒ වුණත් අපි, එහෙම නම් හතර වෙනි කාරණය, ඒ කියන්නේ පරිදේවයේ ඉඳන් පරාමාසයට එන එක. ඒක මගින් මේ අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව ඉවත් කිරීමට කියන එකට උත්සාහ කරනවා. වෙලාවක මේක සාර්ථක වෙනවා, තවත් වරක මේක අසාර්ථක වෙනවා. කුමක් නිසා අසාර්ථක වේ ද?

චතුරාර්ය සත්‍යයේ මනා කොට බැස නොගන්නා වූ අවස්ථාවෝ මේකට උදාහරණ වෙනවා. එහෙනම් මිච්ඡා ආජීවය ඇති අයකුට ආශ්‍රව නැසීම අපහසු වීම ලෙස ගන්න පුළුවන් මේ කාරණය. කුමක් නිසා ද? මිච්ඡා ආජීවය නිසා ඇති වෙන මානය සියුම් ය ඒ නිසා ය. යමක් තමාට අවශ්‍ය නම් ගත හැකියයි සිතයි. මේක බලපානවා. මට බඩ ගිනි නම්, මට ඕනෙ නම් උයාගන්න පුළුවන් ඒ වගේ සිතනවා නේ.

දැන් හාමුදුරු නමකට ඒ කතාව නෑ නේ. ලැබුණොත් විතරයි ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් කෙනෙකුට හිතන්න පුළුවන්, මට මොකක් ද ඉතින් අද රෑට කෑවේ නැති වුණාට, ඕන නම් රෑ 10ට වුණත් මට ඕන්නම් biscuit එකක් හරි කන්න පුළුවන් නේ, නේ ද. එතකොට අන්න පවතිනවා කියන කතාව තියෙනවා නේ ද මේක නිසා? දැන් අර හාමුදුරුවන්ට, “මේක නිසා මම නොපවතින්න” පුළුවන්. පේනවා ද?

දැන් ඉතින් ඕක දාන්න, දැන් මම කිව්වා නේ අර deep space එකට ගිය කතාව. එච්චර දුරකට ගිහිල්ලා ඉවර වෙලා ඉන්න පුළුවන් කියන එක දක්වා ම තමන්ට එතන වෙන්න පුළුවන්. හරි ලස්සන භාවනාවක්.

එතකොට මේ හතර කාරණය මගින් මේ ධාරාව ගැලීම නැවතීම සාර්ථක කරගන්නේ නම් අවිහිංසූපවිචාරය කියන එක ඇති වෙනවා. ඕක ඔහොම නැහැයි කියලා ගත්තයින් පස්සේ තමන් හරි serious. බොහොම serious කියන කතාව ඒක එනවා. එතකොට ඒ කියන්නේ රහතන් වහන්සේලාට කෘතඥතාවය තමන්ට පළ කරන්න පුළුවන්. ඉතින් මම මේක කරගෙන යනකොට ම ඉතින් මට අර deep space එකට එහෙම යන කතාව එනකොට මේ ආශ්චර්ය අද්භූත පුද්ගලයෝ දාහතර නමක් කියලා ඉතින් අත් දෙකත් එකතු කරලා වැන්දා, මෙහෙම ධර්මයක් පෙන්වන්න පුළුවන් අය කියන එක. ඊට පස්සේ මේක කරලා ඉවර වෙලා ආපහු ඒ බුදුපියවරු අවසානයට සිහි කරනවා නේ ද, ඒක සිහි කළහම, ඉතින් ඒක පවතින්නේ නැහැයි කියන එකයි එන්නේ. ඒ වගේ ඒ serious ප්‍රමාණයකට තමන්ට ඒක එනවා.

ඒක තමයි මං කරපු භාවනාව.