ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාගෙන් පටන් අරගෙන සහම්පති බුදුපියා දක්වා.
අද මම භාවනාවට ගත්තේ, ඕගොල්ලන්ට මතකයි අර, advanced 2 එකේ උපෙක්ඛා භාවනාව. මතක ද ඒක? අර අධිචිත්ත ශික්ෂාව, ඒකෙන් උපෙක්ඛා නිමිත්ත, අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය දක්වා එන එක. එතකොට සමථ නිමිත්ත, අව්‍යාපාද විතක්කය, අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය.
එතකොට, ඕකෙ අපි ඉගෙන ගත්තා නේ අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියේ කාරණා හතර, යම් ආශ්‍රවයක් නොඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ නොඉපදීම පිණිස, වෑයම් කළ යුතුයි, උපෙක්ඛා නිමිත්ත. යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ පහ කළ යුතුයි, අව්‍යාපාද විතක්කය. යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් කළ යුතු ද, එම කුසලයෝ වඩා තිබිය යුතුයි, අධිචිත්ත ශික්ෂාව. යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් පැවැත්විය යුතු ද, එම කුසලයෝ මුළා නොවී පැවැත්විය යුතුයි, පග්ගහ නිමිත්ත.
එතකොට දැන් ඔය කාරණා හතර, ඉතින් ඔයගොල්ලන්ට මතකයි අපි පහු ගිය දවස්වල භාවනාවල ඔය ආශ්‍රව අතර සම්බන්ධතාවය අර පොඩි diamond එකක ලකුණු කරලා බැලුව නේ, නේ ද? ඒ කියන්නේ 17/07/2017 නිබ්බාන භාවනාවෙදි අපි සාකච්ඡා කළා. ඔය කාම සඤ්ඤා, ව්‍යාපාද සඤ්ඤා, විහිංසා සඤ්ඤා එහෙම ඉවත් කිරීම කියන එක. ඒකේ පොඩි diamond එකේ ඒ කාරණා ලකුණු කරගත්තා. ඉතින් දැන් බැලුවේ,
දැන් අවිතක්ක විචාරමාත්‍ර සමාධියේ, ඒකෙන් අර භවයේ යන විතක්කය නැත්නම්, ඒ මගින් ව්‍යාපාද සඤ්ඤාව කියන එක නැති වෙනවා. එතකොට ව්‍යාපාද සඤ්ඤාව නැති වෙන්නේ, උපෙක්ඛා නිමිත්තට කියන එකට එළඹෙනවා. ව්‍යාපාද සඤ්ඤාවෙන් උපෙක්ඛා නිමිත්තට කියන එකට එළඹෙනවා. ඒක නැති වෙලා යනවා නම්, දැන් ඉතින් මම පාණාතිපාතය එහෙම කරන්න ඉන්නේ නෑ නේ, නේ ද. එතකොට ඒ ව්‍යාපාද සඤ්ඤාව ඒ උපෙක්ඛා නිමිත්ත එළඹීමට උදව් උපකාර වෙනවා.
ඊළඟට දෙවෙනි කාරණයට එනවා, ඔතෙන්දි දැන් ඔය කල්පනා කළේ, අර පොඩි diamond එකේ, ඒ කියන්නේ පරාමාසයෙ ඉඳන් අර ජීවිත ඉන්ද්‍රිය දක්වා යන එක නැවැත්වීම. ඒකෙනේ අපි ව්‍යාපාද සඤ්ඤාව ලකුණු කර ගත්තේ. දැන් ඊට පස්සේ, දැන් තියෙන්නෙ ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චයට යන එක නේ. එතකොට දැන් විහිංසා සඤ්ඤාවෝ තමයි අපි ඔතන ලකුණු කර ගත්තේ. විහිංසා සඤ්ඤාවෝ මඟ හරිනවා නම්, ජීවිත ඉන්ද්‍රිය ඉදංසච්චය නොවන්නේ, උපෙක්ඛා නිමිත්තට මනා කොට එළඹ වීමෙන් අව්‍යාපාද විතක්කය කියන එක ඇති වෙනවා.
යම් අව්‍යාපාද විතක්කයක් වේ ද, එයට බල පාන්නා වූ කාරණාවන් දෙකක් වෙනවා. පළවෙනි එක, උපෙක්ඛා නිමිත්ත එකක්, ඉතින් මේකට අවිහිංසා සඤ්ඤාවෝ උදව් උපකාර වෙනවා. ඒක බලපානවා.
ඊළඟට දෙවෙනි කාරණයට පෙන්නන්න පුළුවන් ද්වේෂය බැස යනවා. මෙයට මිච්ඡා දිට්ඨිය නිසා, පැවතී යැයි පෙර යමක් බැසගෙන සිටියා ද, එය නොපවතින බව, සම්මා දිට්ඨිය මගින් පෙන්වා දීම උදව් උපකාර වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට කාරණා දෙක.
ඉතින් දැන් කොහොම ද අපේ මේ ඔතන මේ සම්මා දිට්ඨිය කියන එක ඇති වන්නේ? ඒ කියන්නේ, උපෙක්ඛා නිමිත්ත මගින් අත්තා යැයි ධර්ම නොගැනීම. දැන් අපි ඉස්සෙල්ලා එකේ උපෙක්ඛා නිමිත්තට එනවා නම්, එළඹෙනවා නම්, අත්තා යැයි කියලා ගන්නේ නැති නම්, අන්න මිච්ඡා දිට්ඨිය ඉවත් වෙනවා ඒක මගින් සම්මා දිට්ඨිය. ඒක තමයි අර ද්වේෂය බැස යන්න උදව් උපකාර වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඕක පේනවා, “අජ්ඣත්තරතො සමාහිතො වික්ඛෙප පටිසාරණං” කියන අර්ථය බැලුවත්.
දැන් එතනින් එනවා තුන් වෙනි කාරණය, යම් සම්මා දිට්ඨියක් වේ ද, ඒ තුළ අරූප ධ්‍යාන කුසලය පවතිනවා. කුමක් නිසා ද? නිර්වාණයෙන් තොරව යමක් නොගන්නා නිසා ය. මෙයට අවිතක්ක විචාරමාත්‍ර සමාධිය උදව් උපකාර කරනවා. මේක මගින් සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය මගින් අනභිජ්ඣා වන්නේ, අධිචිත්ත ශික්ෂාව මනා කොට පවතිනවා. ඉතින් අධිචිත්ත ශික්ෂාවේ මතක ද ඉගෙන ගත්තා නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, අරූප ධ්‍යාන සඤ්ඤා, රූපයට නිත්‍යයි යන මතය පැවැත්වීම ඉවත් කරලා අපි එනවා කියලා අර පළවෙනි, දෙවෙනි, තුන් වෙනි, හතර වෙනි ධ්‍යානවලට.
දැන් ඔය අපි කතා කරන්නේ පොඩි diamond එකේ නම්, අපි ඉදංසච්චයේ ඉඳන් අපි පරිදේවය දක්වා නේ කතා කරන්නේ. දැන් මෙතන ඉදංසච්චයේ ඉඳන් පරිදේවය දක්වා නෙමෙයි, අපි කතා කරන්නේ කෙළින් ම, භය අගතිය දක්වා ම යන්නේ නෑ කියලා. දැන් පථය පොඩ්ඩක් වෙනස් වෙනවා. එතකොට, මෙන්න මේ වෙලාවේ පොඩ්ඩක් මතක තියෙන්න ඕනෙ, අර “සත්තො ගුහායං” ගාථාව.
“සත්තො ගුහායං බහුනාභිඡන්නො” ඒකෙ අපි පෙන්නනවා නේ ද තුන් වෙනි පදයට, “දූරේ විවෙකා හි තථාවිධො සො.” දැන් අපි එක එක ආකාරයෙන් අපි වෙන් වීම කියන එක තියෙනවා, විවේකයෙන් දුරු කරගන්නවා. ඒක තමයි අපේ ක්‍රමය. ඒ කියන්නේ දැන් ප්‍රථමධ්‍යානයට ගිය පුද්ගලයාට, පංචනීවරණයන්ගෙන් විවේකය තියෙනවා. දුතියධ්‍යානයට ගිය එක්කෙනාට විතක්ක විචාරයන්ගෙන් විවේකය. ඔහොම ගිහිල්ලා, ඉතින් නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට ගියහම ඉතින් අර හත් වෙනි ධ්‍යාන සඤ්ඤාවෙන් එහෙම විවේකය තියෙනවා නේ ද?
එතකොට දැන් මේ තමන්ගේ මනස හුඟක් ගැඹුරට ගිහිල්ලා නේ තියෙන්නේ. ඉතින් මේ වෙලාවෙ කල්පනා වෙන්න ඕනෙ මම එහෙනම් මේ දැන් ධ්‍යාන, ධ්‍යාන සමාපත්තීන්, දැන් මේවා භාවිතා කරලත් මම මේ නිවනෙන් ම වෙන් වෙන්න නේ හදන්නේ.
අන්න එතෙන්ට ආවාට පස්සේ ඔළුව පුදුමාකාර විදිහට විශාල වෙලා තමන්ව අනාශ්‍රව චිත්තයට යනවා. එතනින් පස්සේ ඉතින් භාවනාව කරගන්නත් බෑ. ඒ කියන්නේ ඒකෙම තමයි තමන් ඉන්නේ. බොහොම stable. දැන් අපි පථයේ ආවේ කොහොම ද? පරාමාස, ජීවිත ඉන්ද්‍රිය, එතනින් ආවා අපි ඉදංසච්චයට එන්නේ නෑ කියන එක. ඉදංසච්චයේ ඉඳන් භය අගතියට යන්නේ නෑ. භය අගතියේ ඉඳන් පේනවද දැන් ඉතින් අපි ඇඟිල්ල දික් කරලා යන්නේ ඔය දිට්ඨි අනුසය පාරේ රූප එපා කියන එක නේ.
දැන් එතකොට ඒක තමයි දැන් අර රූපයට නිත්‍යයි මතය පැවැත්වීම කියන එක එහෙම ඉවත් කෙරෙනවා එයාගේ. එතකොට ඒ තත්වයට ආවාට පස්සේ, අපි දැන් ප්‍රඥාවන්ත වුණා නේ.
එතකොට හතර වෙනි කාරණයට එනවා මෙලෙස ප්‍රඥාවන්ත වන්නේ, මණ්ඩලාධිපති බුදුපියා පෙන් වූ පථය ඔස්සේ, අභිජ්ඣාව දුරලනවා. පග්ගහ නිමිත්ත සම්පූර්ණ කරනවා. කුමක් නිසා ද? යම් භවයක පැවැතීමට කැමැත්තක් නැති නිසායි.
එතකොට, ඉහළ ම සම්මා දිට්ඨියට පැමිණෙනවා. ඉතින් මොකද? මෙතන්දි අර ඔක්කොම දේවල් අයින් කරලා, මතක ද? අපි දැක්ක නේ සම්මා දිට්ඨියෙන් ඔතන ප්‍රඥාව, ශ්‍රද්ධාව, හිරිය, ඕතප්පය ඔහොම කෙළින් ම එනව නේ. ඡන්ද සමාධිය හොඳට තමන්ගේ පවතිනවා, අර නිර්වාණය විතරයි ඒකෙ තියෙන්නේ. අර හතුරන් එහෙම ඔක්කොම අයින් කරලා. ඒක පවතිනවා,
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්