ඒ පූජාවෙන් පස්සේ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාවට කළේ, ඔයගොල්ලන්ට මතකයි අපි අර ජූලි මාසයේ 23 වෙනිදා කරපු නිබ්බාන භාවනාව. ඒකෙ අපි උපෙක්ඛා නිමිත්ත කියන එක බැලුවා.
එතකොට ඒකේ අවිතක්ක විචාරමාත්‍ර සමාධිය, භවයේ යන විතක්කයක් නැත, මේක මගින් ව්‍යාපාද සඤ්ඤා නැති වෙනවා. ව්‍යාපාද සඤ්ඤා නැති වෙන්නේ උපෙක්ඛා නිමිත්තට එළඹෙනවා, කියලා අපි සාකච්ඡා කළා. ඒක පරාමාසය, ජීවිත ඉන්ද්‍රිය යන රේඛාවේ මේක අපි ලකුණු කළා.
ඊට පස්සේ විහිංසා සඤ්ඤාවෝ මඟ හරින්නේ, ජීවිත ඉන්ද්‍රිය ඉදංසච්ච නොවන්නේ, උපෙක්ඛා නිමිත්තට මනා කොට එළඹ වීමෙන් අව්‍යාපාද විතක්කය ඇති වෙනවා කියලා ඉගෙන ගත්තා. එතකොට ඒක අව්‍යාපාද විතක්කය, ජීවිත ඉන්ද්‍රිය, ඉදංසච්චය රේඛාවේ තමයි ඒක ලකුණු කර ගත්තේ.
ඉතින් මෙතෙන්දි තේරුම් ගත යුතු දෙයක් තමයි, අපි සාකච්ඡා කළා, ඒ කියන්නේ උපෙක්ඛා නිමිත්ත මගින්, අත්තා යැයි ධර්ම නොගැනීම නිසා මිච්ඡා දිට්ඨිය ඉවත් වෙනවා. ඒකෙන් සම්මා දිට්ඨිය කියන එක ඇති වෙනවා. ඒක නිසා නේ ද්වේෂය බැස යනවා කිව්වේ.
එතකොට තුන් වෙනි කාරණයට ආවා යම් සම්මා දිට්ඨියක් වේ ද, එය තුළ අරූප ධ්‍යාන කුසලය පවතිනවා. කුමක් නිසා ද? නිර්වාණයෙන් තොරව යමක් නොගන්නා නිසා ය කියලා.
එතකොට මෙතෙන්දි අපි ඉගෙන ගත්තා මේ අධිචිත්ත ශික්ෂාව මනා කොට පවතිනවා කියලා. ඉතින් මෙතන අපි ලකුණු කරගත්තා ඉදංසච්චයෙ ඉඳන් භය අගතිය දක්වා නොයෑම තමයි අපි මේ කරන්නේ කියලා. එතකොට මෙතන අපිට පේනවා එහෙම නම් මේ පථයක් එනවා. ඒ පථය ගත්තහම අන්න පරාමාස, ජීවිත ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, ඉදංසච්චය, ඉදංසච්ච, භය අගති. හැබැයි මේ circuit එක වගේ එක close වුණේ නෑ නේ. මේකේ මැද්දේ gap එකක් තියෙනවා. ඒ කියන්නේ පරාමාසයයි භය අගතියයි අතර එතන opened. අන්න එතන තමයි අහංකාරය තියෙන්නේ.
එතකොට දැන් මේ තුන් වෙනි කාරණයට ආවායින් පස්සේ මට පේනවා, අහංකාරය තමයි ඉතිරි වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි දන්නවා ඔය අර නට නටා ඉන්න මනුස්සයා ඒ නැටීමට ගැළපෙන සිංදුව හොයනවා වාගේ, අපි එතන ඉඳලා අර වේදනා, සඤ්ඤා කියන කෑල්ලට එතන එනවා. එතකොට අපි යන්න හදන්නේ මේ රූපය කියන එකට. ඉතින් මට ඒ වෙලාවේ, “අතිමානෙ ච නො යුතො” කියන ගාථාවේ එතන කොටස ඇහුණා.
එතකොට පෙර සංස්කාරවලට අපි මාන වෙන්නේ නැත්නම්, ඒ කියන්නේ පාණාතිපාතයේ සිට සමාපත්ති ධර්මය දක්වා ම, එතකොට අහංකාරය කියන එක බැහැලා යනවා. ශ්‍රද්ධාව කියන එක ඇති වෙනවා. ඒ මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් පථය ඔස්සේ ඉන්ද්‍රිය සංවර වෙලා, 50% පාර සිද්ධ වන්නේ නෑ.
එතකොට එහෙම වුණොත් අර චේතනා අසල glue කිරීම කියන එක වළක්වාගන්න පුළුවන්. නිර්වාණයට යන්න පුළුවන්. ඉතින් ඕකේ පේනවා අපිට පළමුවෙන් ම 40% පාර මුලින් නැති වෙනවා. රූපයට ඇඟිල්ල දික් කිරීම කියන එක. ඊළඟට 50% පාර දෙවෙනුව නැති වෙනවා. ඒ කියන්නේ අර අභිජ්ඣා වූ ධර්මයෝ. එතකොට ඒවා මණ්ඩලාධිපති බුදුපියා පෙන් වූ පථය ඔස්සේ ඒ ඉන්ද්‍රිය සංවරය වෙලා, ඉවත් වෙනවා.
ඉතින් මේ හරියේදි බලන්න ඕනෙ හුඟක් ම, දැන් අපි ඉන්ද්‍රිය අසංවරය කීවා ම නිකම් රූප බලනවා කියන එක තමන්ගේ එකක් තියෙනවා. මේ හරියේදි අපි බලන්න ඕනෙ මිච්ඡා දිට්ඨිය නිසා වෙන්නා වූ අභිජ්ඣා කොටස. සම්මා දිට්ඨිය තියෙනවා නම් ඒවා සිද්ධ වන්නේ නෑ. අර මනසින් වෙන්නා වූ දේ අනුව තමයි ඊට පස්සේ තමන් අර සංස්කාරවලට යන්නේ. දැන් අපි සංස්කාර අයින් කරලා නේ තියෙන්නේ. දැන් මේ සියුම් ස්වභාවය බලන්න ඕනෙ. තමන් ඔය සිතන්න එහෙම පටන් ගන්නේ. අන්න ඒ අභිජ්ඣාවන් එහෙම, ඒවා නෑ.
එතකොට එහෙම නම් අපිට පේනවා, එක පැත්තකින් මේක අර cross එක වගේ එනවා, දැන් අපි දිට්ඨි අනුසය පාරෙන් රූපයට, 50% පාරෙන් අන්න චේතනාවට. එතකොට රූපයට එන්නේ භය අගතිය ඉඳන්. එහෙම නම් අපිට පේනවා මේ භය අගතිය ඉඳන් මෙතන තියෙන සම්පූර්ණයෙන් මේ චේතනාව දක්වා තියෙන අර අත්තා කියන කතාව එතන නැති වෙනවා. ඉතින් ඊට පස්සේ ඒක නැති වුණා ම, එහෙනම් glue කරන්න යන්නේ නෑ. චේතනාවෙන් අපි glue කරනවා කීවා නේ අර පොඩි diamonds දෙක එහෙම. දැන් ඒක නැති වෙනවා.
එහෙම නම් 10% පාර, ඒ කියන්නේ “රූපං අත්තතො සමනුපස්සති” කියන එක. මොකද එතන “රූපං අත්තතො සමනුපස්සති” කියන එක අපි ලකුණු කරන්නේ කබලිංකාර ආහාරයේ ඉඳන් ජාතිය දක්වා. එතකොට ඒ කෑල්ල කියන එක නැති වෙනවා. එතකොට අර 10% එන කතාව එන්නේ නෑ. අන්න එහෙම වෙලා ඉවත් වෙලා තමයි මෙතන මේ නිර්වාණය කියන එක සිද්ධ වෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.