ඒ පූජාවෙන් පස්සේ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, මණ්ඩලාධිපති බුදුපියා ඉඳන් සහම්පති බුදුපියා දක්වා.
අද භාවනාවට මම කළේ අර මුදිතා භාවනාව. ඕගොල්ලො දන්නවා, ඒකෙ මුදිතා භාවනාවේ තියෙනවා සමථ නිමිත්ත, ඒකෙන් උපෙක්ඛා නිමිත්ත, එතනින් පග්ගහ නිමිත්ත. එතැනින් එනවා අව්‍යාපාද විතක්කය, එතැනින් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කියන එකට එනවා. එතකොට මේ ධර්මයන් වේදනාව අසල කුඩා diamond එකේ ලකුණු කරන්න පුළුවන් කියන එක වැටහුණා.
එතකොට ඒකේ අපි දන්නවා කුඩා diamond එක කියන්නේ වේදනා, නාමරූප, පරාමාස, සෝක, සෝකයෙන් වේදනා කියන diamond එක. එතකොට ඕකේ වේදනාවයි නාමරූපයයි අතරට උපෙක්ඛා නිමිත්ත. නාමරූපයයි පරාමාසයයි අතරට එනවා පග්ගහ නිමිත්ත. පරාමාසයයි සෝකයයි අතරට අව්‍යාපාද විතක්කය. සෝකයයි වේදනාවයි අතරට අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය.
එතකොට උපෙක්ඛා නිමිත්තෙන් අපි පටන් ගත්තොත්, ඒ සම්මා ආජීවය සිහි කරන්නේ, මිච්ඡා ආජීවය එපා කියන්නේ, මානය බැස යනවා. කිසිදු වේදනාවකට ප්‍රතිචාර නොදක්වයි. මෙයට භාවිතකාය මගින් ඇති වෙන ඡන්ද සමාධිය උදව් උපකාර කරනවා. එතකොට වේදනා නිසා නාමරූප කියන එක ඇති වෙන්නේ නෑ. දැන් අපිට පේනවා එහෙනම් ඡන්ද සමාධිය ආවා, අර 50% පාර දිගේ එන්නා වූ කතාවන් එහෙම නවත්වනවා.
ඉතින් එතැන උපෙක්ඛා නිමිත්ත හොඳට බලන්න ඕනෙ, කාරණාවෙන් කාරණාවට, සම්මා ආජීවය කියන එක හොඳට එන්නේ ඒ විදිහට.
ඊළඟට දෙවෙනියට පග්ගහ නිමිත්ත, එතකොට සංස්කාර නිසා වන සඤ්ඤා ඉවතලනවා. තණ්හා නොවෙයි. නාමරූප පරාමාසගත වීම වළක්වනවා. පරාමාසය චතුරාර්ය සත්‍යයේ නිරෝධ සත්‍යය මගින් පෝෂිත වීම කියන එක සිද්ධ වෙනවා.
ඉතින් මෙතෙන්දි කෙනෙක් ඇඳගන්න ඕනෙ, අර පරිදේවයේ ඉඳන් පරාමාසය, පරාමාසයෙ ඉඳන් සඤ්ඤාව, එතකොට සඤ්ඤාවේ ඉඳන් අපි නාමරූප දක්වා එන්නේ නැහැයි කියන එක. ඉතින් ඔතන කෙනෙකුට හුඟක් බලන්න පුළුවන් අර දුක්ඛ table එකේ අර නන්දිය පරාමාසගත වෙන අවස්ථාව නේ. මේ රූප සොයාගෙන යන ගමන නේ. අර දොළ දුක එහෙම ගැන කතා කළේ. අන්න ඒ විදිහට ගැඹුරට බලන්න පුළුවන්. එතකොට එතන අපිට පේනවා එහෙම නම්, ඒ නාමරූපයෙන් පරාමාසගත වෙන එක, ඒක අයින් වෙනවා.
ඊළඟට තුන් වෙනි කාරණයට අව්‍යාපාද විතක්කය. ඉහත සංස්කාර ඉවතලීමත්, එමගින් වන අත්තා නොවීමත්, අත්තා සඤ්ඤා ඉවතලීමට දක්ෂ වන්නේ, ජරා වූ වේදනාවන් නිසා සෝකය කරා ගමන් කිරීම වළකාලනවා. මෙය විඤ්ඤාණය තුළට කිඳා බසින්නේ නම්, අව්‍යාපාද විතක්කය කියන ඇති වෙනවා. ඉතින් ඔය ජරා වේදනාවන් ඇතුල් වෙලා නේ, advanced එකේ ඉගෙන ගන්නේ, අපි අත්තා කියලා ගන්නේ, නේ ද. එතකොට ඒවා අපි අයින් වෙනවා නම් එතැනින් අපිට පේනවා, ඒ අව්‍යාපාද විතක්කය කියන එක ඇති වෙනවා.
ඊළඟට හතර වෙනි කාරණයට එනවා, මේ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය. දැන් අපි සෝකය දක්වා ඇවිල්ලා නේ ඉන්නේ. එතකොට සෝකයට පැමිණ නැවතත් වේදනා නොපතන්නේ, වේදනාව නිසා රූප නොපතන්නේ නම්, සමථ නිමිත්තේ මනා කොට එළඹෙනවා.
එතකොට එතන අපි දැන් කාරණා තුනක් කිව්වා මුලින්. ඒ 1, 2, 3 කියන ධර්මයන් සමඟ, රූප එපා යැයි කියලා පවසනවා නම්, ඒ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කියන එක ඇති වෙනවා.
එතකොට අර දිට්ඨි අනුසය පාරේ රූපයට යන කතාව නෑ. දැන් මේ පැත්තෙන් සංස්කාරත් අයින් කරලා කියන එක තියෙනවා. ඉතින් මේ භාවනා මෙහෙම කළහම ඒ මුදිතා අප්‍රමාණය කියන එක ඇති වෙනවා. මේ කම්මුල් දෙක ම සුඛයි කියලා තමන්ට දැනෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්