ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද ඕගොල්ලන්ට මතකයි ඊයේ කළ මුදිතා භාවනාව. එතකොට ඒ මුදිතා භාවනාවේ කාරණා ටික අපි ලකුණු කරගත්තා අර වේදනා ඉඳන් නාමරූප දක්වා උපෙක්ඛා නිමිත්ත. නාමරූප ඉඳන් පරාමාසයට පග්ගහ නිමිත්ත. පරාමාසය ඉඳන් පහළ සෝකය දක්වා අව්‍යාපාද විතක්කය. සෝකය ඉඳන් වේදනා දක්වා ඒ රේඛාවේ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය, කියන කාරණා හතර ලකුණු කරගත්තා.
ඊයේ භාවනාවේ අපි පැහැදිලි කළා සම්මා ආජීවය ඇති කරලා, මිච්ඡා ආජීවයන්, එහෙම ඡන්ද සමාධියට ඇවිල්ලා ඒක සිදු වෙන විදිහ.
එතකොට අද මේ භාවනාවෙදි මම අර සත්‌තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. ඒ ගාථාව දිගේ මම ගෙන යන්නේ නෑ සම්පූර්ණයෙන් ම, කොටස් වශයෙන් ගත්තොත් අර “නානා ලම්බන වශයෙන් මාන නොවීම” කියන එක. ඊළඟට පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වය සුඛ යැයි පැවසීම. ඊළඟට ඒ දෙක සිහි කරලා “දූරේ විවෙකා හි තථාවිධො සො.” මේ සියල්ල මගින් අපි නිර්වාණයෙන් වෙන් වෙනවා කියන එක. රූපයේ සිට නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා ම.
ඉතින් එහෙම කරලා ඊට පස්සේ අර මුදිතා භාවනාව කළා. ඊයේ භාවනාව. දැන් අපි පෙන්නුවා නේ අර පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වය සුඛ යැයි පැවසීම. අන්න එතන එනවා ජරා වේදනා අසම්පජාන රේඛාව. ඉතින් ඕගොල්ලෝ දන්නවා, මේ වේදනා අසම්පජාන රේඛාවේ කාම සඤ්ඤාව කියන එක ලකුණු කරනවා කියලා.
එතකොට මේ රේඛාව කැරකුණොත් තමයි වේදනා නාමරූප කියන එකට එන්නේ. එතකොට එතන තමයි අපි උපෙක්ඛා නිමිත්ත ලකුණු කර ගත්තේ. එතකොට දැන් සම්මා ආජීවය කියන එක තියෙනවා නම්, දැන් අපේ සීයාට වුණත් දුන් දේ කාලා ජීවත් වෙනවා. එහෙනම් නානාලම්බන වශයෙන් මාන නොවන්නේ ය කියන එකට එනවා. ඒක නේ අර “ඉස්සර කෑවේ මෙහෙමයි” කියලා මාන වෙලා තියෙන්නේ. අපි නිතර ම කරන්නා වූ දෙයක් ඔය තියෙන්නේ “මේක මෙහෙම නෙවෙයි හදන්න ඕනෑ” ආදී වශයෙන් මාන වෙනවා.
එතකොට එහෙම නම් අපි එනවා දෙවෙනි කාරණයට. ඒ දෙවෙනි කාරණය පෙන්නන්නෙ ඔය විදිහට වෙන්නේ නැතුව, ඒ පාර අපිට එනවා දෙවැනි කාරණය තියෙන්නෙ පග්ගහ නිමිත්ත කියන එක. එතකොට ඉතින් අපි දන්නවා පග්ගහ නිමිත්තේ අර සංස්කාර නිසා වන සඤ්ඤා ඉවතලනවා. තණ්හා නොවෙයි කියලා. එතකොට අර නාමරූප point එකට එන්නේ නෑ කියලා සාකච්ඡා කරලා තියෙනවා.
එහෙම නම්, අපිට පේනවා, වේදනාව පරාමාසගත වෙන්නේ නෑ. තණ්හා නොවන නිසා.
දැන් මෙතන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, හරි ලස්සන දෙයක් ඔතන තියෙනවා. දැන් බැරි වෙලාවත් ඉස්සෙල්ලා එකෙන් පොඩ්ඩක් leak වෙලා ගියා නම්, ඒ කියන්නේ වේදනා නාමරූප කියන කොටසට බැරි වෙලාවත් ආවා නම්, නවත්වනවා කිව්වට නතර වෙන්නේ ම නෑ නේ, පෙළක් වෙලාවට, නේ ද? strongly නතර වෙනවා නම් ඔතන ම ඉවරයි කියන එක තියෙනවා. එතකොට පොඩ්ඩක් හරි leak වෙලා ආවා නම්, අපි bell, shape curve එකේ වේදනාව යම්කිසි ප්‍රමාණයකට හරි සකස් කළා. ඒක සකස් කළා නම්, සඤ්ඤාවෙන් ඒකට අගයක් දෙනවා, ඒක හදපු ගමන්. ඒකට අගයක් දීම කියන එක තියෙනවා. එතකොට මේක නොවෙන එක තමයි මේ පෙන්වන්නේ, පග්ගහ නිමිත්ත කියන එක භාවිතා කරලා.
එතකොට දැන් තුන් වෙනි කාරණයට එනවා. දැන් අපි බලන්න යන්නේ මේ පරාමාස ඉඳන් සෝකයට යන කාරණය. ඒ වේදනාව පරාමාසගත නොවන්නේ නම්, විඤ්ඤාණය තුළ කිඳා නොබසී.
ඉතින් මෙතන පොඩ්ඩක් තමන් බලන්න ඕනෑ අපි උපෙක්ඛා භාවනාවෙදි එහෙම පෙන්නුවා පරාමාස ජීවිත ඉන්ද්‍රිය අතර අපි ලකුණු කරනවා ව්‍යාපාද සඤ්ඤාව. දැන් ඒකෙම අනිත් පැත්තට තමයි පරාමාස ඉඳන් පහළට සෝකය දක්වා ව්‍යාපාද විතක්කය තියෙන්නේ.
එතකොට ඔය අව්‍යාපාද සඤ්ඤාව කියන එක හේතුව වෙනවා අර විඤ්ඤාණයට කිඳා නොබසින්න. පරාමාසගත නොවන්නේ විඤ්ඤාණය තුළ කිඳා නොබසී කීව නේ. එතකොට විඤ්ඤාණය තුළ කිඳා නොබසින්න අව්‍යාපාද සඤ්ඤාව මේකට හේතුව වෙනවා. තණ්හා නොවීම කියන එක ප්‍රත්‍ය වෙනවා. ලස්සන කාරණා 2ක් එතන තියෙනවා.
එතකොට එතන අපිට එනවා, දැන් ඔය බලන්න පරාමාසයෙන් මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණය පැවැත්ම අභිජ්ඣා. එතකොට ඒක තමයි අපි අර විඤ්ඤාණයට දික් කරන්නේ. එතන ඒක කැමතියි. නමුත් ඕක පවතින්නේ නෑ නේ. පවතින්නේ නැති නිසා තමයි ඔය පරාමාසයේ ව්‍යාපාද සඤ්ඤාව.
දැන් එහෙම නම්, අර ඉස්සෙල්ලා අපි කීවේ, වේදනාව යන්තම් leak වෙලා ආවා නම්, සඤ්ඤාවෙන් අගය දෙනවා කියලා. ඒ වගේ ම එකක් මෙතනත් තියෙනවා. අභිජ්ඣා වුණා නම් මිච්ඡාදිට්ඨික සඤ්ඤාවෙන් මෙතන ව්‍යාපාද සඤ්ඤාව කියන එක ඇති වෙනවා.
දැන් එහෙම නම් අපිට පේනවා අර අභිජ්ඣා වුණ ගමන් ව්‍යාපාද සඤ්ඤාව අපිට කෙළින් ම ඇති වෙනවා. දැන් මෙන්න මේ අවස්ථාව තමන් හොඳට සිහි කරනවා නම් ඒ මනස ශාන්ත වෙලා serious වෙනවා.
ඒ කියන්නේ මේ සති, ප්‍රඥා ඉන්ද්‍රියන් කියන ඒවා ප්‍රභාස්වර වෙනවා. ඒ දෙක හොඳට දැනෙනවා. අර මුදිතාව ආවා ම, මම කීවේ, “කම්මුල දැනෙනවා,” කියලා අප්‍රමාණය. ඒක තියෙද්දි මේ දෙක හොඳට serious. ප්‍රභාස්වර ස්වභාවයට තියෙනවා.
ඉතින් මේ අවස්ථාවේ දී පුළුවන් යම්කිසි, අවසානය දක්වා බලන්න ඕනෑ අපි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියට. ඉතින් මේ serious වෙලා තියෙන වෙලාවේ, ඒ යම්කිසි ආශ්‍රවයක් සිත හකුළා පවතිනවා ද, ඒක නසන්න පුළුවන්. ඇයි මේ ප්‍රඥා ඉන්ද්‍රිය කුමක් නිසා ද සිද්ධ වෙන්නේ? අත්තා නොවීම නිසා. අර ඉදංසච්චය තුළ වන බල පෑම ඉවත් වෙනවා. අවිද්‍යා ආශ්‍රව බැහැලා යනවා කියන එක තියෙනවා. එතකොට සති ඉන්ද්‍රිය ඇති වෙන්නේ ආපහු අත්තා නොවීම මගින් භව ආශ්‍රව කතාව ඒක බැහැලා යනවා. එතකොට ඒකයි සති ඉන්ද්‍රියයි, ප්‍රඥා ඉන්ද්‍රියයි කියන දෙක බොහොම ගැඹුරට ප්‍රභාස්වර වෙලා පවතින්නේ.
එතකොට ඒක තමයි මම කළ භාවනාව.