Date: 04/08/2017 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

භාවනාවට පෙර රහතන් වහන්සේ කීවා, 24/05/2016 විරිය ඉද්ධිපාද භාවනාව බලන්න කියලා. ඒකෙදි අපි විමසලා තිබුණේ, ආරද්ධ විරිය ඇති අයකු, යම් අප්‍රමාණ ධර්මයක් වඩා ඇත්තේ නම්, එම විරිය, විරිය ඉද්ධිපාද දක්වා ම දියුණු කිරීමට කුමක් කළ යුතු ද? කුමක් වටහා ගත යුතු ද? යන්නයි.

යම් ආරද්ධ විරියක් වේ ද, එමගින් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක ඉවත් කරන බව අපි දන්නවා. එසේ නම් අලෝභ, අදෝෂ, අමෝහ පාරවල් තුන හරහා යන්නේ, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, භාවිත කායා, භාවිත සීලා කියන කොටස් පැවැත්වීමට උත්සාහ කරනවා.

එනමුදු ඔහුගේ දක්ෂතාවය ඇති වෙන්නේ අප්‍රමාණ ධර්මයෝ වඩා ඇති නම් පමණි. කුමන හේතුවක් නිසා ද? අප්‍රමාණයෝ නැති නම් චිත්ත සමාධියෝ නොපවතින්නේ, ධ්‍යානයන්ගේ පිරිහීම, වේදනාවට ප්‍රතිචාර දැක්වීම මගින් ම සිද්ධ වෙනවා. යම් ධ්‍යානයක් වේ ද, ඊට බලපාන කාරණා තුනක් ඇත,

එතකොට අපි a කියලා සඳහන් කරලා තියෙනවා, යම් ධ්‍යානයකට සමවැදීමට උදව් උපකාර කළ සමථ නිමිත්ත. b කියලා සඳහන් කරලා තියෙනවා එම ධ්‍යානයේ වාසය කිරීමට ඇති කැමැත්ත. c කියලා පෙන්නනවා නොහැකුළුණු විරිය.

ඉතින් ඔය c එක, නොහැකුළුණු විරිය ලෙස ආරද්ධ විරිය ගන්න පුළුවන්. “අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං” කියලා ඒක භාවිත කරලා එන්න පුළුවන්.

එතකොට පළවෙනි කාරණය a කියපු එක යම් ධ්‍යානයකට සමවැදීමට උදව් උපකාර කළ සමථ නිමිත්ත. ඒ සමථ නිමිත්ත වන්නේ යම් ධර්මයක් පහ කළ යුතු ද එයට සමවදිනවා. එතෙන්දි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක එපා කියලා පහ කරන්න සමවදිනවා. එතකොට ඒකේ කෙළවර වන්නේ නිර්වාණය. එතකොට මැද්දේ කතා කළ එම ධ්‍යානයේ වාසය කිරීමට ඇති කැමැත්ත ඇති වෙන්නේ අර a සහ c කියලා කාරණා දෙකක් මගින්, අපි සාකච්ඡා කළා නේ. ඒකෙන් ඇති වන්නා වූ ධර්මයට ම කැමති වෙනවා. එම ධර්මයෙන් නිර්වාණය කෙළවර කොට, මුදුන් කොට ඇත්තාහු වෙනවා. ඉතින් මේක තමයි ඒ 24/05/2016 විරිය ඉද්ධිපාද භාවනාව.

ඉතින් ඒකට අපි එක්කහු කරන්න ඕනෑ, මේ අගෝස්තු මාසේ 1 වෙනිදා නිබ්බාන භාවනාව. ඒකෙදි අපි ඉගෙන ගත්තා, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය දක්වා අර diamond එකක් භාවිතා කරලා යන හැටි. ඒක නැවතත් මතක් කරගන්නවා නම්,

වේදනා ඉඳන් නාමරූපයට පළවෙනි කාරණය. ඒක තමයි උපෙක්ඛා නිමිත්ත. නාමරූප ඉඳන් පරාමාස දක්වා දෙවෙනි කාරණය අපි ලකුණු කරගන්නවා පග්ගහ නිමිත්ත. තුන් වෙනි කාරණය අපි ලකුණු කරනවා අව්‍යාපාද විතක්කය පරාමාස ඉඳන් සෝකයට. හතර වෙනි කාරණය අපි ලකුණු කරගන්නවා සෝකය ඉඳන් වේදනාවට අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය.

ඉතින් ඔය වේදනාවේ සිට රූපය දක්වා ඒ තියෙන එක දික් කළොතින් එනවා සමථ නිමිත්ත. රූපය නොසොයයි කියන එකට. ඔය මුදිතා අප්‍රමාණ භාවනාවේ කොටස නේ මේ පෙන්වන්නෙ.

එතකොට අපි ඉස්සෙල්ලා සඳහන් කරපු විරිය තියෙනවා නේ, ඒක මගින් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය දක්වා එනවා. ඒ කියන්නේ අර කාරණා තුනෙන් ඇවිල්ලා, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියට ඒක support කරනවා. ඒක මගින් වේදනාවට ප්‍රතිචාර නොදක්වා නොපිරිහී පවත්වන්නේ නිර්වාණය ම සාක්ෂාත් කරනවා.

එතකොට ඉස්සෙල්ලා එකේ පෙන්නුවා නේ මේ ධ්‍යානයන්ගෙන් පිරිහෙන්නේ මේ වේදනාවට ප්‍රතිචාර දක්වලයි කියලා.

දැන් පළවෙනි කාරණයේ දී සති ඉන්ද්‍රිය කියන එක ඇති වෙනවා. එතන අපි ගන්නේ හොඳට ම සම්මා ආජීවය කොටස නේ, හොඳට මෙනෙහි කරනවා කියලා කීවේ. මේ උපෙක්ඛා අප්‍රමාණයට. ඉතින් එතෙන්දි ඡන්ද සමාධිය ඇති වෙනවා, නිර්වාණයටයි කැමැත්ත ඇති වෙන්නේ, භාවිත කායා. ඉතින් ඒක නිසා හොඳට සති ඉන්ද්‍රිය කියන එක ඇති වෙනවා.

ඊළඟට දෙවෙනි කාරණයෙදි සති ඉන්ද්‍රියේ ඉඳන් ප්‍රඥා ඉන්ද්‍රිය දක්වා ගමන් කරනවා කියලා පේනවා. හොඳ ලස්සනට දැනෙනවා වම් පැත්තේ සිට දකුණු පැත්තට ප්‍රඥා ඉන්ද්‍රිය දක්වා ඇවිල්ලා ඒක active වෙනවා කියලා. කොහොම ද ඒක සිද්ධ වන්නේ.

Bell shaped curve එකේ A කියන එක හැදුවා නම් සඤ්ඤාව මගින් අගයක් දෙනවා, ලබනවා. ඒක අපි කලින් සිහි කළා නේ කලින් භාවනාවෙදි. එතකොට ඒක 1 වෙනි කාරණයෙදිම ඒක සිහි කළා මම, උපෙක්ඛා නිමිත්ත කතාවෙදි. එතකොට මෙතෙන්දි අභිජ්ඣා වීම කියන එක, අර මිච්ඡාදිට්ඨික සඤ්ඤාව මගින් තමයි අපි දෙවෙනි කාරණය වන විට අපි දන්නවා උපෙක්ඛා නිමිත්තෙන් ආවා. අපි වේදනාව හැදුවා නම් අගයක් දෙනවා. දැන් එහෙම නම් අපි පග්ගහ නිමිත්තට එනවා, පග්ගහ නිමිත්තෙන් අපි සඤ්ඤා අගය කියන එක දෙන්නේ නෑ. එතකොට මිච්ඡාදිට්ඨික සඤ්ඤාව කියන එක අයින් එනවා.

ඊළඟට අපිට පේනවා, සම්මා දිට්ඨිය මගින් මෙය සිදු නොකරන්නේ නම් එතකොට B කියන එක සිද්ධ වෙනවා. එතකොට සම්මා දිට්ඨිය කියන එක තියෙනවා නම්, ඒ කියන්නේ දැන් මිච්ඡා දිට්ඨිය තියෙනවා නම් ඕක සිද්ධ වෙනවා නේ. එතකොට B කියන point එක හැදෙන්නේ නැත්නම් ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ අර අගයක් හැදුවොතින් අපි අගයක් දෙනවා. අගයක් දෙන එක නවත්වන්න ඕනෑ. ඒක තමයි පග්ගහ නිමිත්තෙන් කරන්නේ.

එතකොට ඊළඟට තුන් වෙනි කාරණයෙදි, දැන් අපි දන්නවා, පරාමාසයේ ඉඳන් ප්‍රඥා ඉන්ද්‍රිය ඇති වෙලා තියෙන්නේ, සෝකයට එන එක නවත්වන එක නේ. අව්‍යාපාද විතක්කය නේ ද? එතකොට ප්‍රඥා ඉන්ද්‍රිය ඉඳන් දකුණු කම්මුල සුඛ වෙන එක තියෙනවා. දැන් මේ ඔළුව ලස්සනට පේනවා. වමෙන් සතියෙන් ආවා ප්‍රඥාවට, ප්‍රඥාවෙන් කම්මුලට එනවා. මොකද ඒක වෙන්නේ. කරුණාව ඇත. ව්‍යාපාදය නැත.

B කියන point එක හැදුවා නම් ව්‍යාපාදය වෙනවා කියලා තමන් දැනගන්නවා. ඒ මොකද? A ඉඳන් B වලට ගියා නම්, ජාතිය. B සිට Cවලට ගියා නම් ජරාව. ජරා වෙනවා නම් ව්‍යාපාදය ඇති වෙනවා. එතකොට එමනිසා විඤ්ඤාණයේ පිහිටීම නවතාලනු ලබනවා. පවත්වන්නේ නෑ පිහිටීම.

ඊළඟට හතර වෙනි කාරණය එනකොට, දැන් වම් කම්මුල සුඛ වෙනවා. කුමක් නිසා ද? ධ්‍යානයන් පවත්වා සිටියයි, ඉහත විරිය පැවැත්වුවත්, සමථ නිමිත්ත භාවිතා කර, කිසිදු රූපයක් එපා යැයි පවසනවා. දැන් අපි ධ්‍යානයට යනවා කියනවා, මේවා අයින් කරලා. දැන් ධ්‍යානයන්ගෙන් වැටෙන කාරණාව තියෙනවා නේ, දැන් වේදනාවේ ප්‍රශ්නය නිසා වැටෙනවා කියලා නේ ද? එතකොට දැන් මෙතන සමථ නිමිත්ත භාවිතා කරනවා. “මේ කිසිම රූපයක් එපා.”

එහෙම නම් විඤ්ඤාණයේ රූප නැත. වේදනා ද නැත. මේක හරි සියුම් point එකක් තියෙන්නේ. අර රූපයත් එක්ක A, B කිව්වා වගේ, හිතන්න ධ්‍යානය සම්බන්ධවත්. මම මේ රූප එපා කියලා ධ්‍යානයට ගිහිල්ලා මම ධ්‍යානයෙන් වැටෙන්නේ නැතිව ඉන්නවා කියලා කියනවා.

එතකොට ඒකෙදි, මම කියනවා, මතක තියාගන්න රූපය සම්බන්ධ වෙනවා ධ්‍යානයට. දැන් රූපයත් එපා. එකක්වත් එපා කියන කතාව, සමථ නිමිත්තෙන් සිද්ධ වෙනවා.

එහෙම නම් විඤ්ඤාණයේ රූපත් නෑ, වේදනාත් නෑ. නිවන පමණක් ඉතිරි වෙනවා. සඤ්ඤා සංස්කාර කියන ඒවා අපි ඉස්සෙල්ලා කාරණා 3ක් පෙන්නුවා නේ, 1, 2, 3. ඒ කාරණා තුනේ දී ඉවත් කරනවා කියන එක අමතක නොකළ යුතුයි. ඉතින් අනිත් අතට ආපහු පේනවා අපි කීවා 1, 2, 3. ඒ කාරණා. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය 1, 2, 3 කාරණය ද කියලා ඒකත් වැටහෙනවා. මේ භාවනාවේදි.

එතකොට ඒක තමයි මම කළ භාවනාව.