ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා,
04/08/2017 නිබ්බාන භාවනාව කරගෙන ගියා. ඒකේ ඕගොල්ලන්ට මතක ඇති, අපි වේදනාවේ ඉඳන් නාමරූප දක්වා උපෙක්ඛා නිමිත්ත, ලකුණු කරගත්තා. නාමරූප ඉඳන් පරාමාස දක්වා පග්ගහ නිමිත්ත. ඊට පස්සේ පරාමාසයේ ඉඳන් සෝකය දක්වා අව්‍යාපාද විතක්කය.
එතකොට පරාමාසයෙන් උඩ පැත්තට විඤ්ඤාණය පැත්තට එනවා අර ව්‍යාපාද සඤ්ඤාව ඊට පස්සේ ඒ වගේ ඉතින් වරහනක් ඇතුළේ දාලා ලියාගන්න පුළුවන් අව්‍යාපාද විතක්කය කියන එක, ඒ පැත්තට. ඊට පස්සේ සෝකය ඉඳන් වේදනාවට අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය. ඉතින් අපි පෙන්නුවා අර අපි විරිය භාවනාවක් කළා. ඒකේ ඒ විරිය භාවිතා කිරීමෙන්, ඒ විරිය මගින් තමයි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය. ඒකෙන් මේ වේදනාවට ප්‍රතිචාර නොදක්වා, නොපිරිහී පවතිනවා නම්, නිර්වාණය සාක්ෂාත් කරනවා කියලා.
ඉතින් එතන තියෙන්නේ අපි මේ ලෝකේ එපා කියලා, ධ්‍යානයන්ට ගිහිල්ලා, මනස උස්සලා, ආපහු ඒ ධ්‍යානයේ, යම්කිසි රූප කොටසක් තියෙනවා ද, ඒකත් ඉවත් කිරීම තමයි. දැන් අපි වේදනාවේ ඉඳන් රූපයට දික් කළා ම එනවා නේ සමථ නිමිත්ත, රූප නොසොයනවා කියන එක.
එතකොට මට හිතුණා උපෙක්ඛා කොටස මෙනෙහි කරනකොට, ඒ සම්මා ආජීවයෙන් ජීවත් වෙනවා නම් හොඳයි කියලා. දුන් දේ පමණක් ගෙන ජීවත් වීම. ඒ සඳහා සංස්කාර අතහරිනවා නම්, එම සංස්කාරවලට මාන නොවන බව වැටහුණා. එසේ නම් සංස්කාර ඉවතලීමෙන් ඡන්ද සමාධියත් මාන නොවීම නිසා වන මිච්ඡා දිට්ඨියේ පහ වීමත් මගින් අවිද්‍යා ආශ්‍රව නොවීම කියන එක සිහි කළා.
මේ විදිහට සම්මා දිට්ඨිය ඇති වීම මගින් පග්ගහ නිමිත්ත පෝෂණය වෙනවා. ඒ කියන්නේ නාමරූප ඉඳන් පරාමාස නොවීම කියන එක සිහි කළා. මේ තත්වය ඉතා ම ශාන්ත වූ මානසික තත්වයක්.
ඒකෙන් අනතුරුව අව්‍යාපාද විතක්කය, තුන් වෙනි කාරණය සිහි කළා. ඒ තුන් වෙනි කාරණය සිහි කරන්නේ, අත්හරින ලද ධර්ම කොටස් යැයි විඤ්ඤාණය සලකන්නේ, නිරෝධය පවා ඇති වුණා. එනම් මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පෙර පැවැත්වීමක් වූවා ද එය නැත.
අද යම් වේදනාවක් අරමුණු කරගෙන bell shaped curve එකේ B point එක සෑදීම නොවන්නේ, දැන් පැවැත්මක් ද නැත. එසේ නම් මේ විඤ්ඤාණ ධර්මයෝ අත්හරින ලද ධර්මයෝ යැයි සම්මා ආජීව අර්ථය ම ඉස්මතු වන්නේ ය.
අර සංස්කාර කරමින් සිටිය මනුස්සයා, රස්සාවක් හරි කර කර හිටිය මනුස්සයා, ඒක අත හැරියා. ඒක අත හැරලා හිටියා නේ තමන් යම්කිසි විදිහකට, දෙන දෙයක් අරගෙන ඉන්නවා කියලා. අන්න එහෙම නම් මෙතන පෙන්නනවා මේ විඤ්ඤාණ ධර්මයෝ අත්හරින ලද ධර්මයෝ. ඒක තමන්ට තේරෙන්නේ අර A ඉඳන් B වලට යනකොට ජාති, B වල සිට C වලට ගියා නම් ජරාව. දැන් ඉතින් එහෙම නම් ඇති වැඩක් නැහැ නේ. B හැදුවොතින් අපිට වෙන්නේ ඕකයි. එහෙම නම් අතහරිනවා.
එතකොට අත්හරින ලද ධර්මයෝ කියන එක එනවා. එතකොට ඉතින් එතනින් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය වන්නේ, අත්හරින ලද සංස්කාරයෝ සහ අත්හරින ලද විඤ්ඤාණ ධර්මයෝ යැයි සලකන්නේ, මෙනෙහි කරන්නේ, රූප සෙවීමක් නැත. වේදනා සෙවීමක් නැත. සඤ්ඤා සංස්කාර විඤ්ඤාණයෝ පෙර ම අත්හරින ලද්දේ, විඤ්ඤාණය ප්‍රභාස්වර වන්නේ ය. උතුම් ප්‍රඥා ඉන්ද්‍රිය ම පවතිනවා. නිර්වාණය සාක්ෂාත් කරනවා.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.